(අජිත්ලාල් ශාන්තඋදය)
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලූපොල ප‍්‍රදේශයේ කඩාවැටුණු පස්කන්දට යටවීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව ඇති බවත් ලෙල්ලොපිටිය, බරැණ්ඩුව ප‍්‍රදේශයේ නිවසකට ගලක් පෙරළීමෙන් තිස් හතර හැවිරිදි කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ද එම ප‍්‍රකාශකයා පැවසීය.
සුලූ පරිමානයේ නායයාම්, පස්කදු සහ ඉවුරු කඩා වැටිම් කිහිපයක්ම වාර්තාවී ඇති බව ආපදා කළමනාකරණ රත්නපුර මධ්‍යස්ථානය පවසයි. කොළඹ බළන්ගොඩ ප‍්‍රධාන පාරේ පතුල්පාන ප‍්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් පාරට ඉවුරු කඩා වැටී ඇති බව වාර්තා විය.
බඹරබොටුව ගග හරහා ගයි?නගම සහ ගුරුබැවිලා ගම ප‍්‍රදේශයේ තනා තිබූ සංගිලි පාලමක් වතුරට ගසාගෙන ගොස් ඇති බව පරිසරවේදියෙකු වු අයි.ඒ. ගුණසිංහ මහතා පැවසුවේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට එය මෙතෙක් වාර්තා වී නොතිබුණි.
මේ අතර 19දා දහවල් 02.30 වනවිට කලූගෙග් ජලමට්ටම මීටර් 8.56ක් හෙවත් අඩි 28යි අ`ගල් 01 බව රත්නපුර මුවගම ජලමාපකයේ දැක්විනි. මේ වනවිට රත්නපුර ප‍්‍රදේශයේ සුලූ ගංවතුර තත්ත්වය ඉක්මවා මහ ගංවතුරක අවදානම් මට්ටමට කලූගෙ`ග් ජල මට්ටම ඉහළ ගොස් ඇතිබව රත්නපුර දිස්ත‍්‍රික් වාරිමාර්ග ඉංජිනේරඅ අරුණ සමරසිංහ මහතා පවසයි.
මුවගම ජල මාපකයේ මීටර් 09.5 ඉක්මවුව හොත් එය මහ ගංවතුර මට්ටමකි. රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් රැසක් මේවනවිට ජලයෙන් යටවී ඇත.
බළන්ගොඩ නගරය මැදින් ගලා යන දොරවෙළ ඇල පිටාර ගැලීමෙන් බළන්ගොඩ නගරයේ පොදු බස් නැවත්ුම් පොළද 19දා පෙරවරුවේ ජලයෙන් යටවිය. රත්නපුර නගරයට පිවිසිමට විකල්ප පාරක් ලෙස සැකසූ බටුගෙදර සට මුද්දුව මුවගම හරහා නව පාලම දෙපස ද ජලයෙන් යටවී ඇත.
දෙනවක් ගගේ ජල මට්ටමද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත. දැනට පවතින තත්ත්වය මේ ආකාරයෙන් පැවතුණ හොත් තවත් පැය කිහිපයකින් රත්නපුර මහ ගංවතුර තත්ත්වයක් ඇතිවනු බවට වාරිමාර්ග දෙපාරතමේන්තුව සැකකරයි.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක්
කරුණාසේන Tuesday, 19 May 2020 01:08 PM
එක්දහස් නවසිය අසූගණන්වල පතුල්පාන ප්‍රදේශයේ නාය යාමකින් පිරිසක් මියගියා. එම ස්ථානයේ දැනට ව්‍යාපාර කීපයක් පවත්වාගෙන යනවා එමෙන්ම 1985 ජූනි මාසයේ දිනක රත්නපුර දිසා වන නිලධාරි කාර්යාලයේ සේවය කල අප හිතවතෙක් වූ පුංචි බණ්ඩාර මහතාත්, ඔහුගේ නෑනාත් ඔරුවක් පෙරලී ඥාණාලංකාර මාවතේදී මියගියා...