IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


වැස්සෙන් වව්නියාවේ වැව් 41කට හානි

(සිතුම් චතුරංග )

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අ‍ැදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්  වවුනියාව දිස්ත්‍රික්කයෙ වැව් 41 කට හානි සිදුව ඇති බව  වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වවුනියාව දිස්ත්‍රික්කයෙ වැව් 639 ක් පවතින අතර, එම වැව් වලාන් 41 කට වර්ෂාව හේතුවෙන් හානි වි ඇති බව දිස්ත්රිරක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. 

වවුනියාව  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ වැව් 617 ක්, සුළු වාරිමාර්ග යටතේ වැව් 17 ක්, මහා වාරිමාර්ග යටතේ වැව් පහක්  පවතින අතර එම සියලු වැව් සියල්ල වාන් දමමින් පවතින බවත් පැවසීය. 

පවතින වර්ෂාව හේතුවෙන් වැව් බැමි කැඩී යාම, වැව් බැමිවල සිදුරු ඇතිවීම, සොරොව් හානිවීම් ඇතිවීම් වාර්තා වී අ‍ැති බවත් කීය. 

 අධික වර්ෂාව හේතුවෙන් වවුනියාව  සින්නකුලම , සින්නකල්වීරකුලම , පිරමනාදන්කුලම  යන වැව් බැමි කැඩී විශාල ලෙස හානි සිදුව අ‍ැති බවත් වැඩිදුරටත් පැවසීය.

අ‍ාපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූයේ යුද හමුදාව, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  නිලධාරීන්, ප්‍රදේශවාසීන් කැඩීගිය වැව් බැමි වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට ක්‍රියාකලත් වැසි අධික වීම හේතුවෙන් අ‍ැතැම් වැව් බේරාගැනීමට නොහැකි වී අ‍ැති බවයි.

වැව්බැමි කැඩී යාමෙන් ප්‍රදෙශවාසීන්ට හානි සිදුවීම් වාර්තා නොවූ බවත්, කුඹුරු ඉඩම් ජලයෙන් යටවීම හේතුවෙන් වගාහානි පමණක් වාර්තාවී අ‍ැති බවද ප්‍රකාශ කළේය.

පවතින ජල ගැලීම් හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 1500 ක් පමණ ජලයෙන් හානි සිදුව අ‍ැති බව ගොවි ජනතාව පවසති.

ජල ගැලීම් හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්යේ පවුල් 37 කට අයත් පුද්ගලයින් 137 දෙනෙකු අවතැන්ව සිටින අතර, එම පිරිස තාවකාලික සහන කඳවුරු දෙකක රඳවා සිටිති. 

 



අදහස් (0)

වැස්සෙන් වව්නියාවේ වැව් 41කට හානි

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 12 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 360 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 423 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 866 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4989 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1191 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site