(සුජිත් හේවාජුලිගේ )
විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රාජසන්තක කෙරුණු වාහන සහ බහාලුම් වෙන්දේසි හෝ අපහරණය කරන තෙක් රේගු අධීක්ෂණයේ රඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව පෞද්ගලික ආයතනයකින් ගිවිසුම්ගතව ලබාගත් වර්ග අඩි 18,000 ක අංගනයක මේ වසරේ ජනවාරි 31 දක්වා වාහන 435ක්ද බහාලුම් 91 ක්ද රඳවා තිබුණ බව එම වාර්තාවේ දැක්වේ.
විවිධ වාහන 261 ක් සහ බහාලුම් 86 ක් වසර පහකට අධික කාලයක සිට එම භූමියේ රඳවා තිබුණු බවත් මෙම වාහන සහ බහලුම් රැඳවීම සඳහා යොදාගත් භූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව ඒ භූමිය අයත් පෞද්ගලික ආයතනයට රුපියල් කෝටි 8 කට ආසන්න වටිනා අධික කුලී මුදලක් ගෙවා තිබූ බවත් විගණන අංශ පවසයි.
වසර පහකට අධික කාලයක සිට ගාල්කර ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොපමාව ගත යුතු බව විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වාහන 133ක රේගු ලිපිගොනු අතුරුදන්