(යොහාන් භාසුර)
වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල පළාත් ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (30) පෙරවරුවේ පැවසීය.
නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ ගාස්තු ගෙවිය යුතු බවත් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි
sharm warn Friday, 30 December 2022 10:58 AM
ඒක දාන්නෙත් එයාලා ගලවන්නෙත් එයාලා .හැබැයි මොකක් හරි යටි අරමුණක් නැතුව නම් මේවා කරන්නේ නැහැ .මෙයාලා අත ලෙවකන්න බලන් මී කඩන්නේ නැහැ
Mangala Wellambure Friday, 30 December 2022 12:08 PM
රටේ ආරක්ෂාවට මෙය ලොකු තර්ජනයක් .. LTTE සංවිධානය සහ ISIS සංවිධාන වල ත්‍රස්තවාදී කටයුතුවලට උදව් කිරීමක්....
වාසුදේව Friday, 30 December 2022 02:57 PM
එහෙනම් ඉතින් අංක තහඩු නිකම් දෙන්න... අපි නම් සල්ලි දීලා ගන්නේ නැහැ. රටේ මිනිස්සු හොම්බෙන් යන්නේ මේ වෙලාවේ. විකාරද?
sisiraFriday, 30 December 2022 06:11 PM
වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කළහොත් වාහනය ලංකාවේ කුමන පළාතක අයත්ද කියා සොයාබැලීම අපහසු වේ. ඉවත් කිරීමට පෙර පොලිසිය සතුව ලංකාවේ සියලු ලියාපදිංචිය සහිත වාහන DATA ලබාගැනීමට පහසුව තිබිය යුතුවේ. යම් ප්‍රමාණයකට පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් Shared Databases අවස්ථාව තිබිය යුතුවේ. වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර තිබීමෙන් එම වහනය කුමන පළාතකද කියා "locate" පොලිසියට හඳුනා ගැනීමට හැකියාව පවතී. වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කිරීමට පෙර අවශ්‍ය මූලික කරුණු සිදුකිරීම වැදගත් වේ.. හදිසියේ කිරීමට අත්‍යාවශ්‍ය දැවෙන ප්‍රශ්නයක්ද? වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කිරීමට පෙර විශ්ලේෂණයක් කළයුතු අතර නැවත වාහන අංක තහඩු වෙනස් නොකිරීම සඳහා ගන්න තීන්දුව නිවැරැදි විය යුතුවේ...
බුද්ධිකSaturday, 31 December 2022 06:22 AM
සිසිර කියන්නෙ මොන විකාර' කතාවක්ද කියලා පැහැදිලි නැහැ. ලංකාවෙ පළා බබාල උපදින්න පෙර ඔහේ කියන සළකුණු තිබුනෙ නැහැ එයින් කිසිම ප්‍රශ්නයක් වුනෙත් නැහැ. වාහනයක් හිමි සාමාන්‍ය කෙනෙකුට පළාතෙන් පළාතට ගියාම පොලිසියෙ උත්තමයින්ගෙන් නම් හරියට කරදර වුනා .උදාහරණයක් කිව්වොත් හම්බන්තොට කෙනෙක් අනුරාධපුර වන්දනාවේ ගියා කියමුකෝ .එදා දවසේ ට්‍රැෆික් මහත්වරුන්ට කිසිම දඩ කොළයක් ලියන්න බැරිවුනොත් අර වාහනය අල්ලාගෙන දඩ කොළයක් දෙනවා. රියදුරු බලපත්‍රය ඔවුන් ගන්නවා. එදින සෙනසුරාදා සවස නම් ඊළඟ දවසේ ගෙවීම් කරන්න බැහැ. වාහනය රජයේ එකක් නම් රියදුරු ඉක්මනින් ආපසු යන්න ඕන.නැවතත් දඩ ගෙවීමට පසු දවසක දින කීපයක් නිවාඩු ලබාගෙන එන්න ඕන. එහෙම ඒවා පළාත් අකුරු නිසා අනන්ත වෙනවා.
sisiraSunday, 01 January 2023 07:37 AM
බුද්ධික හම්බන්තොට සිට අනුරාධපුර වන්දනාවේ ගියා කියමුකෝ. බුද්ධික යම් වරදක් කර පොලිසියෙන් දඩ කොලයක් ලබාදුනහොත් වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර අනුව එම දඩය සතියක් තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොලිසියකින් ගෙවීමට පහසුකම් ලබාදිය යුතුවේ. බුද්ධික යම් වරදක් කර ඇත්නම් දඩ කොලයක් ලබාදුන් බව පොලිසියේ database වෙත ඇතුල් කලයුතුවේ. සතියක් තුල දඩය නොගෙවා මගහැරීමක් හෝ අතපසු වීමක් සිදුඋවහොත් පොලිසියට නඩු මාර්ගයට යාමට හැකියාව තිබේ. පුද්ගලයකුගේ රියදුරු බලපත්‍රය දඩය ගෙවන තුරු පොලිසියේ තබාගැනීම නොකළ යුතුවේ.
LalithM Friday, 30 December 2022 01:12 PM
Additional expenses for motorists for new number plates
pakeer Friday, 30 December 2022 01:12 PM
මොකක්ද හේතුව...? මම හිතන්නේ පවතින ක්‍රමය හොඳයි කියලා...
ගජමිතුරු Friday, 30 December 2022 03:51 PM
ට්‍රැෆික් පොලිස් අයට තමයි පාඩුව .මොකද කිව්වොත් මගේ අත් දැකීමක් කියන්නෙ .අපි රජයේ සේවයේ සිටිද්දී අලුතින් පත්වීම් ලැබූ නිළධාරින් කණ්ඩායමක් පුහුණුව සදහා දෙපාර්තමේන්තු වෑන් එකක බස්නාහිර පළාතේ රජයේ කාර්යාලයට ගොස් ආපසු එද්දී .වාහනයේ සිටි දරුවෙකු ලැබෙන්න සිටි නිළධාරිනියට හදිසි අවශ්‍යතාවක් සදහා කඩයක් අසල නැවැත්තුවාම මාර්ගය අවහිර කලා කියලා දඩ කොලයක් දුන්නා එය සිදුවුණේ 2010 වර්ෂයේ කැළණිය පොලිස් කොට්ඨාසයේදී තමයි නිළධාරියා අයි.පී කෙනෙක් .නම අගට නායක කියලා තිබුනා පළාත් අකුරු නිසා බොහෝවිට වෙනත් පළාත් වලට ගියාම එහෙම කරනවාමයි
Nimal Friday, 30 December 2022 01:20 PM
කළොත් කරන්නේ එක්කෝ මෝඩ වැඩක්... නැතිනම් ඕනෑ නැති වැඩක්...
නිහාල් Friday, 30 December 2022 01:24 PM
දුර පැතිවල වාහන අඳුනගන්න බැරිවෙන එකෙන් නම් පොලිස් පප්පලා ගානක් කඩා ගන්න බැරිවෙන එක වෙන්නේ...!
geeth Friday, 30 December 2022 02:22 PM
හොඳ වැඩක්, නැත්නම් SP නම්බර් ගහපු තහඩුවක් සහිත වාහනයක පොඩි වැරැද්දක් දැක්කත් පළාතටම බනින මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ...!
[email protected] Friday, 30 December 2022 03:41 PM
බන්කොලොත් ආන්ඩුවෙයි තවත් සූක්ශම උප්පරවැට්ටියක් මෙක, කබලෙන් ලිපට වැටිල ඉන්න ජනතාවගෙ සල්ලි සුද්ද කරන්න.
Kalyaani Friday, 30 December 2022 03:55 PM
මෝ.ප්‍ර.කො.තුමා මෙම ලිපියේ දෙවැනි ඡේදය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඇත්තටම අලුත් නීතිය අනුව අලුතින් ලියාපදිංචි කලයුතුද. අලුතින් අංක තහඩුව සදහා ගෙවීම් කරන්න ඕනද කොපමණ මුදලක් ගෙවිය යුතුද පැහැදිලි කිරීමක් පුවත්පත් මගින් කරන්න
මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Friday, 30 December 2022 06:33 PM
මේ තීරණය නිවැරදිව ගත යුතුය. අනාගත බලපෑම් සම්බන්ධයෙන් ශාක්‍යතා අධ්‍යයනයක් ප්‍රථමයෙන් සිදුකළ යුතුයි.
Prasanna Friday, 30 December 2022 07:53 PM
එතකොට රටේ ප්‍රශ්න ඉවරයිද?
කෝසල Friday, 30 December 2022 08:10 PM
දැනට තියෙන ක්‍රමය අනුව පවරාගැනීම් නොකර පාවිච්චියට ගන්න වාහන හදුනාගැනීමට හැකියාව තිබුනා මෙනිසා වාහන පැවරීම මත රජයට විශාල මුදලක් අයකර ගැනීමට තිබුන අවස්ථාව අහෝසි වෙනවා.
sampath Friday, 30 December 2022 10:00 PM
එක පාරක් ශ්‍රී අකුරක් අල්ලගෙන රට ගිනිතිබ්බා. ඒකට විසඳුමක් විදියට ඉරි කෑල්ලක් දැම්මා. ආයේ පළාත් අංකයක් දැම්මා. මේවා පදනමක් නැති වැඩ. නිලධාරීන්ගෙන් නිලධාරියාට, ඇමතිගෙන් ඇමතිට, රජයෙන් රජයට මේවා වෙනස් කිරීම පදනමක් නෑ. තියන එකේ වැරද්දක් කිව්ව නම්...?
Nandalal DE SILVA - France Saturday, 31 December 2022 12:01 AM
A few years back, my country, France, changed number plates of all new vehicles. My car had " **** EW 41 " in the plate which means "41" is the department, where I live. Now no department number on the plate and it is "CN *** EW". Earlier we could know from which department a car is coming. Now a small sticker is pasted on the number plate and it should stay "rivetted" to the vehicle till it goes to the junkyard ! All vehicles are computerized and police can identify all vehicles at the touch of their PC or tablette. So whats this fuss in SL ????
චන්දිම ෆොන්සේකා Saturday, 31 December 2022 10:11 AM
අනේ මේ අදහස් පල කරපු කිසි කෙනෙකුටවත් තේරිලා නැහැනේ. මේක මේ රටේ සංවර්ධනයට කරන්න තියෙන ඉතාමත් අතවශ්‍ය හදිසි රාජකාරියක් නේ? ඒවගේ වැඩනේ මේ අය කරන තරමක් කරන්නේ මේ දවස් වල. මේකෙන්ම ඇති රට දියුණුවෙලා සංවර්ධනය වෙන්න. හරිම ෂෝක් නේ?
sam Saturday, 31 December 2022 04:11 PM
ගසාකන හරක් ලොක්කො උනාම උන් බලන්නේ කීයක් හරි කොමිස් පාරක් ගහන ක්‍රමයක්. ඒකයි මේ අක්ෂර නැතුව නොම්මර තහඩුව අලුතෙන් ගෙවල ගන්න කියන්නේ. මේ වෙලාවේ මිනිස්සුන්ට අඩු කිරීම ඔ්නි.
ආනන්ද Saturday, 31 December 2022 05:01 PM
තහඩුව හදන කම්පැණියෙන් සන්තෝසම් හැටියට ලොක්කාට නම් කීයක් හෝ ලැබෙන්න පුළුවන්...
Yasas Rashantha Monday, 02 January 2023 03:06 PM
බංකොළොත් ආණ්ඩුවෙයි, තවත් සූක්ෂම උප්පරවැට්ටියක් මේක..., කබලෙන් ලිපට වැටිලා ඉන්න ජනතාවගේ සල්ලි සුද්ද කරන්න. එහෙනම් ඉතින් අංක තහඩු නිකම් දෙන්න. අපි නම් සල්ලි දීලා ගන්නේ නැහැ...