IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි

(යොහාන් භාසුර)

වාහන වායු විමෝචන සහතික  (දුම් සහතික) නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිකිරීමට  ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව ,  මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුබද්ධ උපාධිධාරී පරිසර නිලධාරින් සම්බන්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ සකස්කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට හා මාර්ගස්ථ අහඹු වාහන පරීක්ෂාවන්  කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ  අඩුපාඩු සහ නිවැරැදි කිරීම් මාස තුනකට වරක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (7)

වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි

Nimal Saturday, 05 August 2023 12:25 PM

මේවා දැන් මහා පරිමාණ හොර ගුහාවල් වෙලා... සල්ලි දීලා ඕනෙම වැඩක් කරගන්න පුළුවන්...

:       1       29

Janaka Saturday, 05 August 2023 04:06 PM

තේරුමක් නැති දෙයක්... එක්කෝ ටෙස්ටින් නොමිලේ කරන්න ඕනෑ... පුදුම දුකක් විඳින්නේ මේ රටේ මිනිස්සු...

:       1       24

සනත් බණ්ඩාර Saturday, 05 August 2023 07:19 PM

ලෝකයේ වැඩිම රථවාහන තියෙන ඇමරිකාවේ දුම් පරීක්ෂණ කරන්නේ නැහැ. අපිත් ඕක නවත්තලා දාන්න තියෙන්නේ...!

:       1       6

Lalla Saturday, 05 August 2023 11:02 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න උපාධිධාරී නිලධාරීන් ඔක්කොම කලා උපාධිය ගත්ත වැඩිපුරම බාහිර උපාධිය ගත්ත අය. ඔවුන් මොනවද වාහනවල විමෝචනය සම්බන්ධව දන්නේ? එයාලාට ජරාව කන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් වගේ?

:       1       4

Perera Sunday, 06 August 2023 01:55 AM

රජයේ වාහන වලට එක නීතියක්... පුද්ගලික වාහනවලට තව නීතියක්... පාරේ දුවන අබිලි රජයේ වාහන දුම් වලාකුළු පිටකරන් ගියත් ඒවාට නීතියක් ක්‍රියාත්මක වෙන පාටක් නම් නැහැ.

:       1       3

සකල ගුරු Sunday, 06 August 2023 01:06 PM

පුද්ගලික අංශයේ සමහර ලොරි යනවිට ගල් අඟුරු කෝච්චි මතක්වෙනවා... ඒත් ඒවත් දුම් සහතික ඉදිරිපත් කරලා වාර්ෂික ආදායම් බලපත්‍රය අරගෙන තියෙනවා... ඇත්තටම මහත්වරුනි, ගමනාගමන මණ්ඩලයේ බස්වලින් පිටවෙන දුමෙන් හානියක් වෙන්නේ නැද්ද? ප්‍රවාහන කොමසාරිස්තුමා මොකද කියන්නේ අප බලාගෙන ඉන්නවා...!

:       0       3

de silva Sunday, 06 August 2023 01:16 PM

ඕවා වහලා දාන්න.... එහෙම නොමැතිනම් 250CC වලට අඩු ත්‍රිරෝද රථ, කුඩා යතුරු පැදි සහ අවුරුදු 40කට වඩා පැරැණි වාහන ඕකෙන් නිදහස් කරන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 18 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 40 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 594 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 679 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1427 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2656 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1421 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site