(යොහාන් භාසුර)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්‍ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බවත් එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්‍ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර පහකට වැඩි කාලයක් බලපත්‍රය අලුත්කර සහ තොරතුරු නොමැති වාහන මෙලෙස අසාදුලේඛණගත කරන බවත් ඊට අදාල කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා මහත්මිය පැවසුවාය.
ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්‍ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති බවත් වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ 50 ත් 55 ත් අතර සංඛ්‍යාවක පැවැති බවත් ඇය කීවාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු නවයෙහි දත්ත ඇතුළත් කිරීමට නියමිත බවත් එම පද්ධතිය ඉදිරි දින කීපයේදී නිල වශයෙන් හදුන්වාදෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
වාහන පැවරීමේ විවෘත ලේඛණ තබාගනිමින් වාහන අළෙවි කරන්නන් සහ වාහන ජාවාරම්වල නිරතව වන පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගත් බව ද කුසලානි ද සිල්වා මහත්මිය වැඩි දුරටත් සඳහන් කළාය.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාහන ලක්‍ෂ 20 ක් බ්ලැක්ලිස්ට් කරයි
de silva Monday, 08 May 2023 03:04 PM
වාහන වෙළඳාමේ යෙදෙන පුද්ගලයන්ට වාහනය තමා භාරයේ තිබෙන වාහන තාවකාලිකව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ප්‍රශ්නේ විසඳෙනවා .ඕපන් පේපර්ස් තබාගැනීම රජයට මෙන්ම වාහන ව්‍යාපාරිකයාටද ප්‍රශ්නයක් වෙලා
සචින්තMonday, 08 May 2023 04:19 PM
ඕපන් පේපර්ස් වලින් වාහන ව්‍යාපාරිකයින්ට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි මදි. ඒක රජයටනම් ආදායම් අහිමිවීමක් මෙන්ම ලියාපදිංචි අයිතිකරුටත් තර්ජනයක් වෙනවා. ඒ වගේම හොරකම්, මංකොල්ලකෑම් වලටත් එහෙම තියාගන්නා වාහන හේතුවක් වෙනවා. මේ අතර සමහරක් ධනවත් අය වාහනයක් පාවිච්චියට ගත්තත් ආදායම් බදු, වංචා සඳහා ඕපන් පේපර් යටතේ වාහන තබාගන්නවා. සමෘද්ධි, සහල් මලු හා 5000/= දීමනා ගන්න බොහෝමයක් පිරිස් කරන්නේ ඒක තමයි ලංකාවේ සෑමවිටම ජයක් තියෙන්නේ... හොරාට හා බොරුකාරයාට පමණයි.