IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘වහාම ඉන්ධන මිල පහළ දැමිය යුතුයි‘‘

(නිමල කොඩිතුවක්කු)

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා හෝ වහාම ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15) පැවසීය.

ජීවන වියදම ඉහළ ගොස්  එදාවේල කෑමට ආර්ථිකයක් නොමැති ජනතාව ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් දැඩි දුෂ්කර තත්ත්වයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක "විපක්ෂයෙන් හුස්මක්"  වැඩසටහනෙහි 14වන පියවර ලෙස ගම්පහ රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරමින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ විපක්ෂ නායක කාර්යාලයේදී  ඔහු මේ බව පැවසීය.

එහිදී රුපියල් හතළිස් හය ලක්ෂ පනස් දහසක්  වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කළ අතර සමගි ජන බලවේගයේ අමෙරිකා එක්සත් ජනපද ශාඛාවද මේ සඳහා අනුග්‍රහය දක්වා ඇත.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සැලසීම සදහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 

 



අදහස් (13)

‘වහාම ඉන්ධන මිල පහළ දැමිය යුතුයි‘‘

SUNIL MIANO Tuesday, 15 June 2021 07:43 PM

එහෙමයි පුතාණෝ... එහෙමයි. ගැත්තාට අනුකම්පා කරත්වා. ඉක්මණින්ම තෙල් මිල පහත දමමි.

:       84       304

කහටගස්දිගිලියේ සෝමපාල Tuesday, 15 June 2021 08:23 PM

මිලානෝ වල තත්වෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්න එපා. එහෙ එහෙම නැහැනේ...

:       138       310

මිලානෝ ඇතුගල Tuesday, 15 June 2021 08:39 PM

එහෙත් එහෙම තමයි. කවුරුවත් ජනතාව උසි ගන්වන්නේ නැහැ. ඒ වගේම ජනතාවත් අවබෝධයෙන් හැසිරෙනවා...

:       507       421

BamunuarachchiWednesday, 16 June 2021 07:43 AM

දැන් කහටගස්දිගිලිය බොහෝම දියුණුයි වගේ...

:       0       1

Sri Lanka Wednesday, 16 June 2021 12:05 AM

අඩුකළේ නැත්නම් මොකද කරන්නේ?

:       0       0

chandima Wednesday, 16 June 2021 12:40 AM

තෙල් නිපදවන රටවල්වල තානාපතිලට ගෙදරට එන්න කියලා, තේපැන් සංග්‍රහයක් තියලා, තෙල් ගණන් බස්සන්න කියලා ඉල්ලන්නේ නැතෙයි. අර එන්නත් ඉල්ලුවා වගේ..!

:       0       0

Rata Perata Wednesday, 16 June 2021 01:50 AM

හොඳ ඉල්ලීමක්. ඒත් විපක්‍ෂ නායක හැටියට ඉල්ලීමක් ප්‍රමාණවත් නෑ. ඒක නිසා ඔය තනතුර සරත් ෆොන්සේකාට හෝ පාඨලී චම්පිකට දෙන්න.

:       0       2

Puppa Wednesday, 16 June 2021 05:13 AM

මනුස්සයෝ, ඔය බොරු කතාවලින් වැඩක් නැහැ. පාරට බැහැලා උද්ඝෝෂණ කරපල්ලා ජනතාව වෙනුවෙන්...

:       0       2

Raveendra Wednesday, 16 June 2021 06:14 AM

"වහා" පහත දමව්...."වහා" දියව් කියමින් කෑ මොර දෙන "රතු හැට්ටකාරයෝ නොහොත් රතුචීත්ත කාරයින්ගේ" ගොන් පාර්ට් ගති ලක්ෂණ වලට ළඟ නෑකමකුත් තියෙනවා වගේ නේද? වෙනසකට තියෙන්නේ පෝස්ටර් එල්ලගෙන නැති එක විතරයි.

:       1       1

chandima Wednesday, 16 June 2021 07:56 AM

ඒක නේන්නම් මොවුන් අර රේල්පාරේ සිග්නල් එක වගේ ඉහළ දාගත්තු ගමන්මනේ ඉන්නේ...

:       1       1

Kduwela Silwa Wednesday, 16 June 2021 10:07 AM

මංගල සමරවිර යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමති කාලයේ මිල සුත්‍රයක් අටවාගෙන සෑම මාසයකම මිල වැඩි කරද්දි ඒ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු ලෙස ඔබ කී වාරයක් "වහාම මිල අඩුකරනු" යැයි කියා තිබේද?. එසේ කියා කී වාරයක් මිල අඩු කරවා තිබේද?

:       311       322

උපතිස්ස රිටිගල Wednesday, 16 June 2021 10:30 AM

අපේ ආච්චිලා, සීයලා කරත්තෙන් සිරීපාදෙ ගියා. කතරගම ගියා. ඇයි අපිට බැරි? පිරිමි ගවයින්ගෙන් ප්‍රයෝජනයක් නැතිවීම දැනට ලංකාවේ තියෙන විශාල ප්‍රශ්නයක්... අපිට කරත්ත ටිකක් විතරයි හදාගන්න ඕන. බාස්ලා ඕනෑතරම් රටපුරා ඉන්නවා. මොලෙන් කල්පනා කරනවා නම් ටැක්සි වුණත් පටන්ගන්න පුළුවන්...

:       74       1

fairoos Wednesday, 16 June 2021 12:25 PM

වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 117 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 155 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 36 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1672 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1034 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site