IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වෙහෙරගොඩ පාසලේ සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් සිසුන් හය දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

එම පාසලට නිවාඩුදී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසූවේ වැල්ලම්පිටිය වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ අනතුර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

වෙහෙරගොඩ කනිෂ්ඨ විද්‍යාලය විද්‍යාලයේ අනතුරුදායක තත්වයක් ඇති වුණා . සිසුන් හයක් ආපදාවට ලක් වුණා. එක සිසුවියක් මියගොස් තියෙනවා . පළමු වැනි වසරේ මෙත්සරණී කෝදාගොඩ ශිෂ්‍යාව. තවත් දරුවන් පස් දෙනකු රෝහල් ගත කරලා තියෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් යම් පිරිසක් විදුහල්පතිට පහර දීලා තියෙනවා ඔහු ඒ ජාතික රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. පානිය ජල පද්ධතියක කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටිල තියෙන්නෙ. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ස්ථානයට ගොස් සොයා බලා තිබෙනවා. දැනට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

මේ සිද්ධිය ගැන කරුණු සොයා බැලීමට පළාත් අධ්‍යාපන ලේකම් සහ අධ්‍යාපන ලේකම්ගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පාසලට අද නිවාඩු දුන්නා. ඉදිරි පියවර අරගෙන පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.

 



අදහස් (5)

වෙහෙරගොඩ පාසලේ සිද්ධිය ගැන සොයන්න කමිටුවක්

අතුල සෞදි Thursday, 16 November 2023 02:04 PM

ඒ වගේම මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසීගිය සිංහල පාසල් 13ත් ගැන විශේෂයෙන් හොයල බලන්න කමිටුවක් දාන්න. ත්‍රස්තවාදී යුද්ධය නිමාවී දැන් වසර 17 ක් වගේ වෙලත් මේ පිළිබඳ සාධාරණය ඉටු නොවීම බලවත් කණගාටුවක් මෙන්ම වගකිව යුත්තන්ගේ නොසැලකිලිමත් බවත් ඒ පිළිබඳව සොයා බැලීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව ද කණගාටුවෙන් වුවද සඳහන් කරමු.

:       0       0

මසිරිපාල Thursday, 16 November 2023 02:28 PM

කලාප කාර්‍යාලයේ නිලධාරින් කණ්ඩායම් වශයෙන් පාසල් පරීක්ෂා කරන්න යනවා... එහෙම ගියාම බලන්නේ පොත්පත් පමණක් නම් ඒ පරීක්ෂණ කියන්නේ පාසලෙන් සංග්‍රහ ලබාගෙන ඊළඟ මාසයේ මුල් සතියේ ගමන් වියදම් ගැනීමේ රාජකාරිය පමණක්ද කියලා අහන්න වෙනවා...!

:       0       0

විපරමා Thursday, 16 November 2023 02:44 PM

කමිටු පත්කරන එක පුරුද්දක් වෙලා? කරන්ඩ තියෙන්නේ ඒවාට විසඳුම් දෙන එකයි...

:       0       0

සමන් Thursday, 16 November 2023 02:55 PM

ඇමැති තුමෝ ඔය කලබලයෙන් ම අර මඩකලපුවේ වැහුණු සිංහල ඉස්කෝල ටික ගැනත් හොයන්නකෝ...?

:       0       0

Rata Perata Thursday, 16 November 2023 03:31 PM

හොඳයි .තව ටික කාලෙකින් ඒ කමිටුවේ වැඩ බලන්න තව කමිටුවක් දාන්න .පොඩි ළමයෙක් මැරිලා ඉන්නේ මෙතන .තමුන් හරි ගිහිල්ලා බලනවාකෝ පොඩ්ඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 264 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1747 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1121 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1368 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1498 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 432 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39574 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25762 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site