(ධම්මිකා බාලසූරිය)
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.
පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.
අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම තමන්ට ලබා දෙන්න යැයි බල කරමින් හලාවත , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.
විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.
ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.
විහාරස්ථානයට ලබාදෙන පොලිස් ආරක්ෂාව ඉවත්කර, විහාරස්ථානයේ බලය තමා වෙත පවරන වගකිව යුත්තන්ට බල කරමින් විපුලසාර හිමිනම ගසකට නැගී පැය ගණනාවක් උපවාසයේ නිරත විය.
ගලගෙදර විපුලසාර හිමිනම දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේෙ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත්, එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය.
උපවාසයේ යෙදෙන හිමිනමගේ ක්‍රියාකාරීත්වය යහපත් තත්ත්වයක නොවන බවට පොලිසිය වෙත පැමිණිලි කිහිපයක්ම ලැබී ඇති හෙයින් සාමය ආරක්ෂා කිරීම පිණිස පොලිස් නිලධාරීන් යෙදවීමට සිදුව ඇති බව හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ඡායා කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විහාරාධිපතිකම ඉල්ලා හිමි නම ගහ උඩට වැඩලා
ගනේගොඩ Thursday, 02 March 2023 07:10 PM
විස්තරය කියලා නඩුවක් ගොනුකෙරුවා නම්... කිසි ප්‍රශ්නයක් නැතුව ලැබෙනවානේ...!
C.K.LankaputhraThursday, 02 March 2023 08:47 PM
අධ්කරණ සන්ඝ නායක හාමුදුරු කෙනෙක් ඉන්නෙ ඔය වගේ ප්‍රශ්න නිරාකරණය කර ගන්නටනෙ. ගස් බඩගාල ප්‍රශ්න නිරාකරණය සිවුරට ගැලපෙනවද?
PereraThursday, 02 March 2023 10:37 PM
එහෙම බැහැ නේ .මුන්නාන්සේ බුදු දහමට අනුව නේ ඔය ක්‍රියා කරන්නේ
LalaFriday, 03 March 2023 08:12 AM
සියල්ල අතහරින්න සාසනයට ආපු පැවිද්දන්ට නඩු කියල පන්සල්වල අයිතිය ගන්න තියෙන සුදුසුකම? සිවුර ගලෝලා ගහලා පන්නල දාන්න ඕන.
Ruwan Thursday, 02 March 2023 07:49 PM
බුදුදහමත් විනාශයි මේ වගේ අය නිසා...
විජිත් Thursday, 02 March 2023 08:51 PM
(1 කොටස ) අවුරුදු 5 කට පමණ පෙරදී සිදුවුන සිදුවීමක් මම මේ කියන්න යන්නේ ... මගේ පියා මියගොස් අවුරුදු 7 වෙන්න ආසන්නවෙද්දී මගේ බලවත් ඇවිටිල්ල මත මගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් වෙහෙසුනා " සිල්වත් හිමිවරු " වැඩවසන " දුප්පත් " පන්සලක් සෙවීමට "දානයක්" පිරිනමන්න. පන්සලක් හමුවුනා ..කොළඹින් ගොඩාක් ඈත ..දුප්පත් පලාතක ..( ඒ පන්සලේ නායක ස්වාමින්වහන්සේගේ දැඩි ඉල්ලිමනිසා පන්සලේ නම සඳහන් නොකරමි ) මිත්‍රයාගෙන් ලැබුන තොරතුරු අනුව.. ඇත්තටම ඒ පන්සලේ සිටින හිමිවරුන්ට තේ ටිකක්වත් බිමට සිනි තිබිලා නැහැ එදා.අපි තීරණය කළා එක වේලක දානයක් වෙනුවට පන්සලට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනියන්න.ඉතින් අපි පන්සලට නොදන්වාම හාල්, පොල්,තේකොල,කෝපි කුඩු, සිනි ,පරිප්පු ,පාන් පිටි ..වැනි වියලි ආහාර සෑහෙන ප්‍රමාණයකුත් පැරසිටමෝල්,ප්ලාස්ටර්,..වැනි ද්‍රව්‍යයත් අටපිරිකර 5 කුත් රැගෙන පාන්දරින්ම පිටත්වුනා ..දවල් 11 විතර වෙනකොට අපි පන්සලට යනවිටත් ලොකු හාමුදුරුවෝ උන්වහන්සේගේ ඉරුණ සිවුරක් මහමින් හිටියේ.ඒ සිවුරත් ගොඩාක් පරණ එකක් බව දුටු ගමන් පැහැදිලිවුනා.ගොඩාක් වයසක හාමුදුරු නමක් වුනත් උන්වහන්සේගේ දෑස් හරිම ප්‍රාණවත්. ( 2 කොටසට )
Priyantha Thursday, 02 March 2023 08:57 PM
ගහේ සාදු...!
විජිත් Thursday, 02 March 2023 08:58 PM
( 2 කොටස ) අපි ගෙනගිය දේවල් සියල්ලම උන්වහන්සේලා පින් දීලා පිළිගත්තා.ගොඩාක් ස්තුතිකලා. පන්සලේ හිටපු කුඩා හිමිනමක් අප සමග රහසෙන් මෙන් කිව කතාවෙන් අප සෑම උඩසිට බිමට අතහැරියක් මෙන් වුනා. " පෙරේදා දවසටම අපට ආහාර ලැබුණනැහැ ..ඒවගේම හාල් ටිකක්වත් තිබුනේ නැහැ උයාගන්නවත්.පාන් ගෙඩියක් තිබුනා, අපි ඒක 5 ට බෙදාගෙන කෑව. පන්සලේ බල්ලෝ දෙන්නත් බඩගින්නේ..අපි දැක්කා ලොකු හාමුදුරුවෝ අපිට හොරෙන් උන්වහන්සේගේ පාන් කොටස ඒ සත්තුන්ට දෙනවා.ඒ උන්වහන්සේගේ හැටි.අපි 4 දෙනාත් උත්සාහකරන්නේ උන්වහන්සේගේ මාර්ගය අනුගමනයකරන්න." අපි නැවත එන්න ලැහැස්තිවෙනකොට ලොකු හාමුදුරුවෝ අපිට ස්තුතිකරලා මෙන්න මෙහෙම කීවා " මහත්තයෝ අපි මහණදම් පුරන්නේ මේ භවගමන අවසන් කරන්න.අපි ඇලීම් ගැලීම් වලින් හැකිපමණ ඈත්වෙලා ජිවත් වෙන්නේ.එත් ඉතින් මේවගේ ගොඩාක් ආහාර, වෙනත් ද්‍රව්‍ය නිසා ..අපිට අපි යන අරමුණ වෙනස් කරන්න සිදුවුනොත් ඒක ලොකු පාපයක් වෙනවා මහත්තයෝ. ආයේ එන දවසක අපිට තේකොල ටිකකුයි,සිනි කිලෝ එකකුයි ගෙනාවොත් ඕනෑවටත් වැඩියි.වෙන කිසිදෙයක් ගෙනෙන්න එපා....එන්න ,අපිත් සමහ ධර්මය ගැන කතාබහ කරලා යන්න. ඒ හොඳටම ඇති මහත්තයෝ.." මේ මට හමුවූ බෝසත්වරු ..!!!
පිටිගල මිලානෝFriday, 03 March 2023 05:08 PM
බොහෝ උකඨලී භික්ෂූන්ට දායක කාරකාදී සහ සිව්පසේ දානයෙන් කරදර විඳීමට සිදුවේ. ඔබ කියන්නේ දානය නොලැබීමට සාපේක්ෂව හාමුදුරුවන්ගේ ධර්මඥාණය සහ සිල්වත්කම මනින්න පුළුවන් කියාද…?
අනූ Thursday, 02 March 2023 08:59 PM
බුදුන් වහන්සේ සියල්ල අත්හැර උතුම්ම ආදර්ශය ලොවටම දුන්නත් භික්ෂූන් වහන්සේලා විසින් නැවත එකතු කරමින් ඇත අහෝ දෙව්දත් නොදුටු මොක් පුර
chathuri Thursday, 02 March 2023 09:01 PM
බිමට අදලාදාළ,දෙකක් අනින්න.පව් නැහැ.මුන් ඔක්කොම එකයි.දුස්ශිලයෝ .
පිටිගල මිලානෝ Thursday, 02 March 2023 10:07 PM
ලංකාවට ඇත්තටම බුදුදහම පැමිණියාද…? එසේ නම් එය ලංකාවෙන් නැතිව ගියේ ශතවර්ෂ කීයකට පමණ පෙරද…?
kapila Thursday, 02 March 2023 10:13 PM
බැදීම් නැති කර ගන්ට මහන වුන කෙනා, බැඳීම් ඇති කර ගැනීමට ගස් නැගීම.
Prabha Thursday, 02 March 2023 10:28 PM
ගහේම ඉඳලා අපවත් වෙලා රුක්ෂ දෙවියෙක් වෙන්න අරින්න තිබුණේ... ඔන්න අපිටත් හරිම කියලා දෙන අයගේ තණ්හාවේ තරම..
Keshara Friday, 03 March 2023 02:04 AM
මේ ගොල්ලෝ අපිට බණ කියන කොට නම් කියන්නේ සියලුම ආශාවන් අත් හරින්න කියල නේද ?
sisira Friday, 03 March 2023 03:54 AM
බුද්ධ පුත්‍රයෙක් නම් වෙන්න බැහැ
විජේ Friday, 03 March 2023 04:14 AM
ගලගෙදර කියන හුගදෙනෙක් තුන්පනේ. විපුලවත් සමන්තබඩ්ඩ එක්කම අංගොඩ යවන්න ඕන. බානම එකම නගුලක ගටගැහුවත් අවුලක් නෑ.
iks chandrasiri Friday, 03 March 2023 07:14 AM
බෞද්ධයෙක් වශයනේ හිතට ලොකු දුකක් ඇති උනා .ආගම ගැන
සමිත හිමි කුරුණෑගල Friday, 03 March 2023 07:20 AM
බෞද්ධ දේවාලගම් පනත අනුව විහාරාධිපති තනතුර දැරීමට ඔය ගස උඩ නැග්ග භික්ෂුවට හිමිකමක් නෑ. උසාවියට ගියත් වැඩක් නෑ.
sanjiwa smarasingha Friday, 03 March 2023 07:39 AM
මේ උන්නාන්සේගේ මොලේ පරීක්ෂාවක් වහාම කල යුතුයි .මොකද උස් ආසනවල ලැගීම විනය ක්‍රියාවක් නිසා.ගිහි පැවිදි හැමෝම පොරකන්නේ නායකත්වයට නේ .පුදුම දූපතක් මේක
Samitha Senaka Aluthgamage. Friday, 03 March 2023 08:04 AM
මේ රටේ තියෙන්නේ අපූරු ථෙරවාදී බුදු දහමක්. අනේ .. අපේ බුදුහාමුදුරුවන්ගේ දහමට බෞද්ධයන් විසින්ම වෙනත් අර්ථකථන දෙන හැටි .. මේවා ඇහෙන්නට දකින්නට ලැබීම තරම් බුදුදහමට,බුදු හාමුදුරුවන්ට කෙරෙන අපහාස උපහාස තවත් තිබේදැයි සිතේ. ඒත්,කරුමය කියන්නේ මේ සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීමට වගකිවයුත්තන් හට නොහැකිවීම නොවේද ?
විජිත්Friday, 03 March 2023 03:27 PM
සමිත, ඔබ බුදුදහම ලංකාවේ පවතින තත්වය හරියටම වටහාගෙන තිබෙනවා.මේගැන කතාකරන්න ගියොත් එය දවස් ගණනක් ඇදෙන්න පුළුවන්.මගෙත් හැමදාම හිතේ තිබෙන අදහසක් තමයි " ධර්ම සංගායනාවක් " පැවැත්විය යුතුයි කියන දේ.( මෙයට කිසිම පාලකයෙක්වත්,මහනායක හාමුදුරුවන්වත් ,බහුතරයක් හාමුදුරුවන්වත් කැමති නැත !!! ඒ ඇයි ? ) ධර්ම සංගායනාවකින් පසු ශිල්වත් සුපෙක්ශාකාමි , බුදුන් දෙසු මගයන උතුම් හිමිවරු පමණක් සසුනේ ඉතිරි වේවි. සිවුරට මුවාවෙලා ලෝකයේ තිබෙන සියලුම ජඩකම් ,වල්කම්,හොරකම් ,අසික්කිත වැඩ කරමින් ,හොර දේශකාපාලුවන්ට පිරිත් නුල් බඳිමින් , රටේ ජනතාව රවටන , කහපාට රෙදි ( මේවාට සිවුරු කියන්න හොඳ නැහැ.සිවුර යන්නෙහි අර්ථය උතුම් යන්නයි.එය ගැලපෙන්නේ ශිල්වත් යතිවරයින් අඳින සිවුරට පමණයි ) පොරවාගත් බමුණන් බුදු සසුනෙන් ඉබේම නෙරපෙවී, එසේ නොවුනහොත් රටේ වෙසෙන " ඇත්ත " බවුද්ධයන් " විසින් ඒ බමුනන්ව පහරදී පන්නා දමාවි.එදාට දුෂිත බමුණන්ගෙන් තොර උතුම්වූ බදු සසුනක් නැවතත් මේ රටේ ඇතිවේවි.මමනම් හැමදාම බලාගෙන සිටින්නේ ඒ දවස උදාවෙන්නේ කවදාද කියයි. එය සිදුකරන අවංක ,නිර්භීත පාලකයෙක් මේ රටේ පහලවෙයිද ? අපි ආයෙත්වි දවසක මේ පිටුවෙන් හමුවෙමු.
Samitha Senaka Aluthgamage.Friday, 03 March 2023 04:42 PM
ස්තූතියි... විජිත්, ඔයාගේ වටිනා අදහස්වලට...
Cham Friday, 03 March 2023 10:17 AM
ගහ උඩම වැඩඉන්න දෙන්න...
MINISA Friday, 03 March 2023 10:58 AM
සියල්ල අතහැරීමට බණ දෙසන උදවිය සියල්ල ඉල්ලා උපවාස කරති...!
Indika Friday, 03 March 2023 11:08 AM
අත්හැරීම ගැන අපට බණ කියන අය තමයි මේ ගස් උඩ නැගලා උපවාස කරන්නේ. තාම මහණ වෙලා නෑ වගේ...
සුසන්ත Sunday, 05 March 2023 10:58 AM
අත්හරින්න ඕනේ අපි උන්ව.
Kumara Friday, 03 March 2023 11:45 AM
කඹයක් දුන්නනම් හරි
සුසන්ත Sunday, 05 March 2023 10:59 AM
මටත් හිතුණේ ඒකමයි.
Vira Friday, 03 March 2023 11:58 AM
අම්මපා මෙහෙමත් හාමුරුවරු
Hira Friday, 03 March 2023 11:58 AM
පොල්ස් නගින්න සුදුසු අය පොඩි කලෙදිම සාසනේ අතුලත් කලාම මෙය වාගෙ ප්‍රතිපල බලපොරොතු වෙන්න සිදුවෙනව.
Sriyan Lanka Saturday, 04 March 2023 09:22 AM
අරගලයට සම්බන්ධ හිමිනමක් වගෙයි. ඊළඟ ආත්මයේ වෘක්ෂ දේවතාවෙකු ලෙස උපත ලැබීමට පෙරුම් පිරීමක්...! සජිත් ප්‍රේමදාස, අනුර කුමාර ආදින් මෙය පූර්වාදර්ශයක් ලෙසින් සලකනු ඇති...
Susantha Kumara Sunday, 05 March 2023 10:16 AM
මගෙ නං අදහස වෙනස්. පහුගිය කාලයේ දිගටම හාමුදුරුවරු කරපු කුපාඩි වැඩ දිගටම වාර්තා උනා. හිටපු මහනායක හොරෙක් පන්සලේ වාහන ටික කුලියට දීම. තව එකෙක් බීමතින් පොඩි එකෙක්ට පිහියෙන් ඇනලා, තව එවුන් සෙට් එකක් පාර බීල අහුවෙලා, මේ වගේ SOB ල ට ද අපේ මොට්ට බෞද්ධ කියාගන්නා රැල දානමාන දෙන්නෙ. පොත් ටික ගන්ඩ බැරුව දරුවො කී දාහක් දුක් විඳිනවද? දැන්වත් ගොන් බෞද්ධකම අතාරින්න.