IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්

(සුමිත්  පොතුපිටිය)

වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ  ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි.

කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් විසින්  එකී නියෝග නිකුත් කර තිබේ.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එකී විමර්ශන ක්‍රියාත්මක බව සදහන් වේ.

මියගොස් ඇති තැනැත්තාගේ මරණය සම්බන්දයෙන් විමර්ශණය කිරීම සදහා පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්,  පානදුර කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර සහ පොලිස් පරීක්ෂක සුරංග රණවීර යන  මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් පත්කර ඇති අතර , නිළධාරීන් වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට කළුතර සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ක්‍රියාත්මක බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිළධාරියෙක් පැවසීය .

මියගිය තැනැත්තාගේ මෘතදේහය සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, අධිකරණ නියෝගයට අනුව අද දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණ වෛද්‍ය වාර්ථාව ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව පානදුර මුලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .



අදහස් (0)

වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි
2025 පෙබරවාරි මස 12 21 0

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.


රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි
2025 පෙබරවාරි මස 12 334 0

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය.


ඇමැතුමක්දී තර්ජනය කළ පොලිස් පොඩ්ඩාට වැඩ වරදී
2025 පෙබරවාරි මස 12 730 0

‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුව


මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ
2025 පෙබරවාරි මස 12 207 0

අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11


කෝටියක ‘අයිිස්‘ සමඟ අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 235 0

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අ


ජනපති - කුවේට් අගමැති හමු වෙයි
2025 පෙබරවාරි මස 12 394 1

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 118 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 907 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site