IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරික්ෂණයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අද නියෝග කළේය.

බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ්  පසුගිය අප්‍රේල් 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව  සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී එසේ නියෝග නිකුත් කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට නම් මරණ පරීක්ෂණ වාර්තාව ඉතාමත් වැදගත් වන බවය.

ඒ අනුව විශේෂඥ මණ්ඩලයකින් සමන්විත කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

 



අදහස් (6)

වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්

Neel Wednesday, 09 April 2025 04:39 PM

වැලිකඩ පොලිසියේ මහත්වරුන්ට යුක්තිය සාධාරණය ඉෂ්ට වෙයි වගේ...

:       0       13

ජිල්බු Wednesday, 09 April 2025 06:19 PM

පොලිසියේ ඉඳලා බන්ධනාගාරෙටත් එච්චර දුරක් නැහැ...

:       0       13

ලක්මව් ඛන්නා Wednesday, 09 April 2025 08:03 PM

අපේ වැඩවලට උපරිම උදව් දුන්නු පොලිස් විරුවන් රැකගනිමු.

:       0       6

sugath Wednesday, 09 April 2025 08:05 PM

අන්තිමට අම්මා විතරයි පිහිටට ඉන්නේ...

:       0       10

pakeer Wednesday, 09 April 2025 08:52 PM

කවුරුහරි කෙනෙක් දන්නවාද මෙයාව අත්අඩංගුවට ගත්තේ කියලා?

:       0       0

Bunny Preena Thursday, 10 April 2025 10:06 AM

ලංකාවේ හැම පොලිස් ස්ථානයකම රිමාන්ඩ් මැදිරියේ අනිවාර්යෙන්ම සිසිටිවි සවි කළ යුතුයි ප්‍රශ්න කිරිම් සඳහා ස්වාධීන කමිටුවක් ඉදිරියේ සිදු කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්
2025 අප්‍රේල් මස 18 34 0

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.


මොන ලේබල් ගැහුවත් උතුරේ ජන අයිතීන් රකිනවා
2025 අප්‍රේල් මස 18 171 1

මොන ලේබල් ගහන්න හැදුවත් නොබියව උතුරේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජන රැළියකදී පැවසීය.


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 184 0

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය
2025 අප්‍රේල් මස 18 69 0

අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්ර


තැනින් තැනට අදත් වැසි
2025 අප්‍රේල් මස 18 28 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගු


වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි
2025 අප්‍රේල් මස 18 2218 2

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 197 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1105 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site