IMG-LOGO

2024 දෙසැම්බර් මස 20 වන සිකුරාදා


වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගන්න අත ගසයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය මගින් නැවතත් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

 මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 110ක් බැගින් මිල දී ගැනීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී මිලදී මිලදී ගැනීම සඳහා රජයෙන් ලැබෙන මුදලට සරිලන පරිදි මිලදී ගැනීම් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද (11) පැවැති  සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීමට රජය රුපියල් බිලියන 13ක් වෙන් කළ අතර වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමෙන් ඉවත්වී දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් වී මිලදී ගැනීමට කටයුතු කළේය.

එලෙස මිලදී ගත් වී වලින් සැකසූ සහල් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට බෙදා දීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  තීරණයකට අනුව කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම සහල් එක පවුලකට මාසයකට කිලෝ ග්‍රෑම් 10ක් බැගින් පසුගිය අප්‍රේල් හා මැයි මාසවල බෙදා දුන් බවද අමාත්‍යාංශය කියයි.



අදහස් (0)

වී අලෙවි මණ්ඩලය නැවත වී මිලදී ගන්න අත ගසයි

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ
2024 දෙසැම්බර් මස 20 325 0

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානා


ජූලි චංග් ආරක්ෂක ඇමති හමුවෙයි
2024 දෙසැම්බර් මස 20 246 0

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.


’’සමූපකාර සියයට 50ක් අක්‍රමවත්’’
2024 දෙසැම්බර් මස 20 174 0

සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිං


උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක්
2024 දෙසැම්බර් මස 20 179 1

නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය


පානදුර සළිදුට ඇප
2024 දෙසැම්බර් මස 20 617 4

පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු සමන


වීදිය නවාතැන කරගත් පිරිස් ගැන සංගණනයක්
2024 දෙසැම්බර් මස 20 330 0

මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 8 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 360 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site