(විමුක්ති එස් රුද්‍රිගු)
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්ම පිළිතුරු ලැබෙනු ඇති බවත් හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පවසා පැය 24 ක් ගතවීමටත් මත්තෙන් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
එම ප්‍රහාර මාලාවෙන් හිස්බුල්ලා සංවිධානයේ රොකට් විදිනයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කිරීමට හැකිවූ බවත් එම රොකට් විදිනයන් 100 ට රොකට් 1000 ක් පමණ එකවර විදීමට හැකියාව තිබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එසේම ප්‍රහාර මාලාවෙන් හිස්බුල්ලා සංවිධානයට අයත් ගොඩනැගිලි කීපයක්ද, ආයුද ගබඩා කීපයක්ද විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරවා හැරීමට ඊශ්‍රායලයට ඇති සම්බන්ධය පිළිබඳව ඉඟියක් ලබා දෙමින් ඊශ්‍රායලයේ යුද අවධානය උතුරු දිශාවට යොමු වෙමින් පවතින බවට එරට හමුදාව ප්‍රකාශයක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.පසුගිය අඟහරුවාදා සහ බදාදා දෙදින සිදුවූ ලෙබනනයේ වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරා යෑම හේතුවෙන් 37 දෙනෙක් මියගොස් 3000 කට වැඩි පිරිසක් ඝාතනයට ලක් වූහ.
මිනිත්තු කීපයක් තුළ ලෙබනන වැසියන් 4000ක් ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාව බලාපොරොත්තු වූ බවත් එයට නිසි පිළිතුරු නිසි වේලාවේදී ලබාදෙන බවත් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා පැවැසුවේය.
පුපුරා ගිය පේජර් යන්ත්‍ර 5000 ක පමණ ප්‍රමාණය හිස්බුල්ලා සංවිධානය තායිවානයේ ගෝල්ඩ් ඇපොලෝ සමාගමෙන් ඇණවුම් කර තිබූ අතර එහි අභිරහස විසඳීම සඳහා තායිවානය මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?