( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
"අර්ධ" නම් කෙටිකතාව හරහා ආගමික වෛරය ප්‍රචාරය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ලේඛකයකු වන ශක්තික සත්කුමාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 22 වැනි දිනට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එල්.ටී.බී දෙහිදෙණිය, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කෙරිණි.
දණ්ඩ නීති සංග්‍රහය සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වැරදි සම්බන්ධයෙන් සිය සාහිත්‍ය කෘතිය හරහා ආගමික වෛරය ප්‍රචාරණය කළ බවට සත්කුමාර පොල්ගහවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සත්කුමාර "අර්ධ" නමින් කෙටිකතාවක් ලියා ඇත්තේ 2019 පෙබරවාරි 15 වන දින සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ ලබා ගත හැකි සටහනක ය. එය මෑතකදී පැවිදි ජීවිතයෙන් ඉවත් වී මිතුරෙකුගේ ජීවිතයට සංක්‍රමණය වූ තරුණ හිටපු භික්ෂුවක් පිළිබඳව ලියැවුණු බව සඳහන් වේ.
එම කෙටි කතාවට එරෙහිව බෞද්ධ සංවිධානයක් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම ප්රකාශනය ඉවත් කර සත්කුමාර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා තිබුණි.එම ප්රකාශනය මගින් බෞද්ධාගම ට අපහාස වන බවට චෝදනා කර තිබුණි.
ඒ අනුව ඔහු අත් අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව නඩු නොපවරන බවට නීතිපති වරයා කල දැනුම්දීම අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මුදා හරින ලදි.
තමන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කෙරිණි.
මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අවසර ලබා දී තිබුණි.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සහ නීතීඥ පුලස්ති හේවාමාන්න මහතා පෙනී සිටියහ.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශක්තික සත්කුමාර ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය මාර්තු 22 වැනිදා