IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශානි කෝටි 100ක වන්දි ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

බොරු චෝදනා මත තමා අත්අඩංගුවට ගෙන අධිකරණය අනිසි ලෙස භාවිතා කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය ආත්ම ගරුත්වයට කළ හානිය වෙනුවෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ දිසා අධිකරණයේ අද වන්දි නඩුවක් ගොනු කළේය.

තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට විවිධ පුද්ගලයන්ට බලපෑම් කරමින් අධිකරණිය අනිසි ලෙස භාවිතා කර ද්වේශ සහගත ලෙස තමා රිමාන්ඩ් බාරයට පත්කරවීමෙන් තම ආත්ම ගරුත්වයට එල්ල කළ අපකීර්තිය වෙනුවෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ශානි අබේසේකර මහතා මෙම නඩුව ගොනුකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ මෙම වන්දි නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා, එහි පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත සහ නීතිපතිවරයා නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ශානි අබේසේකර මහතා මෙම පෙත්සම ගොනුකර ඇත.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සොයා ගත් ගිනි අවි සම්බන්ධයෙන් පසු අවස්ථාවක කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෙනම විමර්ශනයක් පවත්වු බව සඳහන් කරන ශානි අබේසේකර මහතා ද්වේශ සහගත සහ පලිගැනීමේ චේතනාවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් තමන්ට එරෙහිව අදාළ විමර්ශනය කළ බවද සඳහන් කොට ඇත.

 



අදහස් (4)

ශානි කෝටි 100ක වන්දි ඉල්ලයි

Perera Friday, 24 November 2023 05:51 PM

දේශබන්දුව බේරගන්න රාජපක්ෂ ඉන්නවා..

:       22       11

Bamunuarachchi Friday, 24 November 2023 06:38 PM

එතකොට අල්පොන්සෝගේ ගෙදර වලන් හෝදන්න ගිය කතාව කව්රුත් අහන්නේ නැද්ද? ඒ හඬපට අදාළ අය අභියෝගයට ලක්කරලා හෝ ප්‍රතික්ෂේප කරලා නැහැ නේද?

:       11       51

සෙනෙවිරත්න Sunday, 26 November 2023 12:02 PM

අල්පොන්සොගෙ ගෙදර වලං කතාවෙන් කාටවත් අගතියක් උනාද?එක යමක් වටහාදෙන්න සිංහල භාෂාවේ යෙදුමක් මිස සැබෑලෙසම වලං සේදීමක් නොවන බව වටහාගැනීමට බුද්දියක් නොමැතිවීම කනගටුයි. හඬපට එලියට දමා නැටූ නාඩගම් වලින් මොනවද උනේ, බොරු විරුවෙක් රටේ නායකය වෙලා තම බැරිකම නිසා පස්ස දොරෙන් පැනගිය එක පමණයි .

:       0       0

Bamunuarachchi Monday, 27 November 2023 03:33 PM

පොඩ්ඩක් හෝව් සෙනවිරත්න සිංහල භාෂාවේ හෝ වෙනත් භාෂාවක යෙදුම් තිබෙන්නේ ඒ හා සම්බන්ධව කෙරුණු ක්‍රියා ඉස්මතු කර පෙන්වීමට හා උපහාසයට ලක්‌කිරීමට. රජයේ වැදගත් රාජකාරියක් කළ මේ පුද්ගලයා නළුවෙකුගේ ගෙදර වළන් හෝදන්නම් කිව්වේ ඇයි?. කරපු අසාධාරණ කටයුත්තක්‌ එළි කරන්න එපා... එසේ කළොත් මගේ හොරවැඩ එළියට එනවා... මාව බේරගන්නවා නම් ඕනෑම පහත් වැඩක් කරන්නම් කියන එක නේද? මොකක් නිසාද එහෙම කිව්වේ කියලා මතක නැද්ද? හඬ පටයේ කියැවුණු දේවල් මතක නැද්ද? කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු ඩිංගක් ඉතිරිවෙලා තිබෙනවා. මේකත් සිංහල කියමනක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1171 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1393 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 883 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1252 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39488 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site