IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශානි යළි රිමාන්ඩ්

 

( ටෝනි කරුණානායක )
 
රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ  උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා  ලබන 17 දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (3) නියම කළේය. 
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා ඔවුනට එල්ල වී තිබේ.
 
එම චෝදනා සම්බන්ධයෙන් 03 වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීම සදහා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇති විවෘත වරෙන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුව ක් ලබා ගැනීම සදහා කටයුතු කරන බව ද පැමිනිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසිය .

මෙම නඩුවේ 04 වන සැකකරු ලෙස  හිටපු පොලිස් නිලධාරි යෙකු වන නවරත්න ප්‍රෙමතිලක යන අයෙකු නම්කෙරුණි .

එම සැකකරුට විදේශ ගමන්  තහනම් කළ අධිකරණ ය ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තු වට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

කොළඹ  අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සහ පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත යන පොලිස් නිලධාරිහු පැමිණිල්ල මෙහෙය වුහ.



අදහස් (7)

ශානි යළි රිමාන්ඩ්

athula Thursday, 03 September 2020 07:53 AM

මේක මහ අහස, පොළව, නුහුලන අපරාධයක්... තක්කඩි පාලකයින් අද වටිනා නිලධාරින්ගේ පිටකොන්ද කඩා දඩයම් කරන බවට හොඳම උදාහරණය ජඩ පාලකයෝ...

:       421       661

Puppa Thursday, 03 September 2020 09:29 AM

ඇත්ත කවදාවත් යටපත් කළ නොහැක. මේ විශිෂ්ඨ නිලධාරියා අවසානයේදී ජයගනු ඇත.

:       11       87

nalin Thursday, 03 September 2020 09:41 AM

රටේ ඉන්න හොඳ නිලධාරියෙක්. තමන්ගේ රැකියාව හරියට කරන නිලධාරින්ට අත්වන ඉරණම ඕක තමයි. දේශපාලකයින්ගේ දූෂණ, අක්‍රමිකතා ඇල්ලුවොත් අවංක නිලධාරින්ට වෙන ඉරණම මේක. ආණ්ඩු මාරු වුණාම දේශපාලකයින්ගේ හොරවැඩ හොයපු අවංක නිලධාරියාගෙන් පලිගන්නවා... ඉතින් අපේ වගේ රටවල් හැදෙයිද මෙහෙම යනකොට...?

:       10       106

ramendra Thursday, 03 September 2020 09:54 AM

සරත් ෆොන්සේකා මහතාට කළෙත් ඔය ටිකම තමයි.

:       8       33

සෑම් Thursday, 03 September 2020 09:58 AM

දක්ෂ අපරාධ පරීක්ෂකයන් අද හොර තක්කඩින්ගේ අත්අඩංගුවේ...

:       14       104

kamal Thursday, 03 September 2020 10:42 AM

මොහුට නීතිය මගින් නිසි දඬුවම් ලබාදිය යුතුයි.

:       76       110

Keppetipola Thursday, 03 September 2020 12:27 PM

ඉතා දක්‍ෂ පොලිස් නිලධාරියෙක් වූ වාස් ගුණවර්ධන මහතා බොරු සාක්‍ෂි ගොතා හිරේට දමා පවුලක්ම අනාථ කළ ශානි අබේසේකරට ඉතා දැඩි දඬුවම් දිය යුතුයි.

:       105       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 831 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1459 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 551 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1531 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 821 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3343 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site