(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනාම අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශානිගේ ඇප ඉල්ලීම 23 දා සලකා බලයි
fairoos Wednesday, 17 February 2021 09:34 AM
ඇප දෙන්න නම් එපා. මෙයා පිල්ලෙයාන්ට වඩා දේශද්‍රෝහී කෙනෙක්නේ..
සම්පත් Wednesday, 17 February 2021 10:59 AM
සම්පූර්ණ ඇත්ත, පිල්ලෙයාන් ත්‍රස්තවාදියා කියලා දන්නා නිසා කලින්ම පොඩි හරි ප්ලෑනක් ගහලා බේරෙන්න පුළුවන්. රටේ උත්තරීතර තැනකට දේශපාලන අනුහසින් පත්වෙලා රටම ගිනිතියපු මෙයාට නම් ඇප දෙන්න එපා. අර නිශාන්තන් කන්දයියා වගේ රටෙනුත් පනියි. අප ඇමතිගේ ගෙදර වලං හෝදන වැඩේ ගැස්සුණු නිසා හිරේ වළංටික හෝදගන්න ජීවිතකාලේම ඇතුලේම තියාගන්න..
සෙනෙවිරත්න Wednesday, 17 February 2021 01:49 PM
ඔව්, පාස්කු ප්‍රහාරකයෝත් හොඳ වෙන කාලේ රාජපක්ෂවරුන්ට එරෙහි වෙනවා නම් දේශද්‍රෝහියෝ දේශප්‍රේමී වෙනවා.
චිත්‍රානන්ද Thursday, 18 February 2021 12:19 AM
දක්ෂ නිලධාරියෙක්. මොහුට මේ තරම් කෙනෙහිලි කරන්නේ ඇයි කියලා ඔය උඩ කමෙන්ට් කොටපු බයි පීපල් දන්නේ නැතිව ඇති. අල්ලසක් අරන් රජසැප ගන්න තිබ්බ මනුස්සයා අදටත් ඉන්නේ කුලී ගෙදරක...
චින්තක Friday, 19 February 2021 06:31 PM
හිනා ගස්සන්න එපා... ඉල ඇදෙනවා. මෙයාගේ දක්ෂකම් කොච්චරක්ද කියනවා නම් අන්තිමට මෙයාට මේ වගකීම් පවරපු ආණ්ඩුවත් ගෙදර යවලා, වලං හෝදන්න දක්ෂතාවක් පෙන්නපු නිසා මෙයා ලව්වා වළං හෝදගන්න බලාපොරොත්තු වුණු මනුස්සයත් හිරේ යැව්වා. ඉන්නේ කුලී ගෙදරක කිව්වා නේද? තමන්ගේ ගෙදර කුලියට දීලා එ්කෙනුත් හම්බකරන් කන පොරක් මෙයා...
Indra Thursday, 18 February 2021 05:29 AM
කොන්ද කෙලින් තියන නීතියට වැඩකරපු මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නැහැ. නඩුකාරයෝ වුණත් කළකම් පලදෙනවා දවසක..
දිලාන් Friday, 19 February 2021 06:35 PM
කොන්ද කෙලින් තියන් රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවෝ, රට වෙනුවෙන් කතා කරන හාමුදුරුවරු හිරේ දැමීමේ සාපෙ මෙයාගේ කොන්දටම වැදිලා. මෙයා වෙනුවෙන් දඟලන අය සෙට් එකටත් ළඟදීම වැදෙයි.