IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශබ්ද දූෂණය මට්ටු කරන්න රෙගුලාසි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා  පත් කළ කමිටුවේ  වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) නීතිඥ,පියුමන්ති පීරිස් ඇතුළු පිරිසක් කමිටුව නියෝජනය කරති.

මාස දෙකක් ඇතුලත වාර්තාව සකස් කර  ඇති අතර ඒ අනුව කමිටුව විසින් ශබ්ද දූෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් විශ්ලේෂණය කරමින් ශ්‍රී ලංකාවේ පවතින ශබ්ද දූෂණය පිළිබඳ නීතිමය රාමුවට වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබේ. 

විශේෂයෙන් ශබ්ද දූෂණයට නීතිමය ප්‍රතිචාරය වඩාත් ඵලදායී කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ප්‍රවාහන පනත සහ පොලිස් ආඥාපනත වැනි ප්‍රඥප්තිවලට බෙහෙවින් අවශ්‍ය සංශෝධන මෙම කමිටුව විසින් යෝජනා කර තිබේ.



අදහස් (11)

ශබ්ද දූෂණය මට්ටු කරන්න රෙගුලාසි

Dharmatileke Wednesday, 27 March 2024 01:08 PM

ත්‍රී වීල් වලින් පටන් ගන්නේ...

:       0       25

dileepa1986 Wednesday, 27 March 2024 02:00 PM

උදේ පාන්දර පන්සල් වලින් එන සද්දේ..!

:       6       24

ලහිරු සිල්වා Wednesday, 27 March 2024 02:31 PM

ගරු ඇමතිතුමනි, ආගමික ස්ථාන වලින් සිදුවන ශබ්ද දූශනය නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න. ලමයින්ට පාඩම් කරන්න නැහැ. ලෙඩෙකුට නිදාගන්න නැහැ. ලොකු පිනක්.

:       0       34

saminda Wednesday, 27 March 2024 02:53 PM

බස්වල ඇතුලේ දාලා තියෙන කරච්චලේ නැතිකරන්න.., හෝන්වල සද්දෙත් බලන්න ඕනේ...

:       0       27

ජයරත්න Wednesday, 27 March 2024 05:52 PM

බස්රථවල විශේෂයෙන්ම. මිනිස්සු පොදු ප්‍රවාහන සේවාවල ගමන් යන්නේ කරච්චල් සංගීතේවත්, අපරාධ කරන චිත්‍රපටි බලන්නවත් නොවෙයි. කොන්දොස්තරටයි, රියැදුරාටයි ඕනෑකමට දානවා මිසක් බස් එකේ යන අය දාන්න කියන්නේ නෑ. තව කරච්චල් සංගීත සංදර්ශන... ළමයෙකුට ඒ පැත්තක පොතක්පතක් බලන්න නෑ... ලෙඩෙක් හිටියොත් මැරෙනවා. උදේ චූන් පාන් එකෙන් පටන් ගත්තාම කීයකින් නම් ශබ්දද? මාලු, පරණ බඩුවලට අලුත් බඩු- වතුර- මෙකී නොකි හැම දේටම අධික ශබ්දය ඇමතිතුමනි, පිංසිද්ධවෙයි මේව වහාම නවත්වන්න. නීති ගේන්න.

:       0       17

Nimal Wednesday, 27 March 2024 06:10 PM

හැබැයි මෙහෙම එකක් තියෙනවා. පාරේ වාහන එළවනකොට හෝන් එක සැරෙන් සැරේ ගහන්නම වෙනවා. අපේ අය කරන පිස්සු වල හැටියට. වමට සිග්නල් දාලා දකුණට හරවනවා. එක පාරටම හරවනවා. වැඩි දෙනෙක් සිග්නල් දාන්නේ නෑ. වෙලාවකට හිතෙනවා ලංකාවට නම් කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියලා. මේ අයත් එක්ක..

:       1       16

lakvidu Wednesday, 27 March 2024 07:26 PM

වාහනයක හෝන් එක ඉස්සරහින් යන වාහනේට ඇහෙන්න තිබුණා නම් හොඳටම ඇති...!

:       1       7

Bunny Preena Thursday, 28 March 2024 09:19 AM

ශබ්ධය තිබිය යුතු උපරිම සීමාව ,ශබ්ධය නිකුත් කරන උපකරනයෙන්ම ස්ථීරවම පාලනය කල උපකරණ හඳුන්වා දිය යුතුයි .එහෙම නැතුව කවමදාකවත් මෙම ශබ්ධ සීමාවන් පාලන කල නොහැකි වනු ඇත

:       0       1

ජාලිය Thursday, 28 March 2024 09:25 AM

ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් , බෆල් යොදාගෙන අවට පදිංචි මහජනතාවට සිදුකරන පීඩාවට නම් වහාම තිත තැබිය යුතුමයි

:       0       6

මහේන් Thursday, 28 March 2024 09:30 AM

ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතාව වෙනුවෙන් නිකුත් කරන බලපත්‍ර වෙනුවෙන් අයකරන බලපත්‍ර ගාස්තුව ඉහල දමන්න .

:       0       3

Susila Thursday, 28 March 2024 09:33 AM

අපි ඉන්නෙ පන්සලක් ගාව, උදේට , හවසට , ඉරිදට , පෝයට කණක් ඇහිලා ඉන්න නැ. ලවුඩ්ස්පීකර් ඝෝෂාව නිසා කොරෝනා කාලයේ පුදුම දුකක් වින්දේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 565 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 16 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා
2024 ඔක්තෝබර් මස 01 40 0

’’කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කි


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1384 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ
2024 ඔක්තෝබර් මස 01 21 0

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි


සා.පෙළ ප්‍රථමයා ගාල්ල සංඝමිත්තෙන්
2024 ඔක්තෝබර් මස 01 19 0

එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site