(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකව සහ පාකිස්තානය අතර හයිඩ්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු නවයක් දැවී ලකුණු 344 ක් රැස්කිරීමට සමත් විය.
පාකිස්තානු පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.9 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 345 ක් රැස්කළ යුතුය.
කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 77 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 122 ක් රැස්කිරීමට සමත් විය.
මෙන්ඩිස් සිය තෙවවැනි එක්දින ශතකය පන්දු 65 කින් සම්පූර්ණ කළ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලෝක කුසලාන තරගාවලියකදී රැස්කළ වේගවත්ම ශතකය වේ.
කුමාර් සංගක්කාර 2015 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 73 කදී රැස්කළ ශතකය මීට පෙර වේගවත්ම ශතකය ලෙස පැවතුණි.
සදීර සමරවික්‍රම අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 108 ක් රැස්කරමින් සිය පළමු එක්දින ශතකය සටහන්කරගත් අතර සදීරගේ පන්දු 89 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.
නායක දසුන් ශානක ඇතුළු මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් සාර්ථක වූයේ නම් ශ්‍රී ලංකාවට ලකුණු 360 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ අවස්ථාව තිබුණි.
ශ්‍රී ලංකා පිල අවසන් ඕවර 10 ට ලකුණු 61 ක් රැස්කළ අතර අවසන් ඕවරයට කඩුලු දෙකක් පිරිනමමින් ලකුණක් පමණක් රැස්කළේය.
පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් වේගවත් පිතිහරඹයක් ක්‍රියාත්මක කරමින් දෙවැනි කඩුල්ලට පන්දු 92 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
පැතුම් නිස්සංක පන්දු 61 කින් හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
කුසල් පෙරේරා දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 344 (පැතුම් නිස්සංක 51, කුසල් මෙන්ඩිස් 122, සදීර සමවික්‍රම 108, ධනංජය ද සිල්වා 25, හසන් අලී 71/4, හැරිස් රවුෆ් 64/2)
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා පිල ලකුණු 344ක් රැස්කරයි