(යොහාන් භාසුර)
සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 381 ක් රැස්කිරීමට සමත් විය.
ඇෆ්ගනිස්තාන් පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 7.64 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 382 ක් රැස්කළ යුතුය.
මෙම ලකුණු 381 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක ඉහළතම සිවුවැනි ලකුණු සංඛ්‍යාව වේ.
පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කින් හතරේ පහර 20 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 210 ක් රැස්කිරීමට සමත් විය.
පැතුම් මෙම ද්විත්ව ශතකයට පෙර එක්දින ජාත්‍යන්තර ශතක තුනක් රැස්කර සිටියේය.
ආබාධයක් හේතුවෙන් මාස කීපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිට නැවත පැමිණීමෙන් පසුව ලකුණු අතර පැමිණීමට නොහැකිව සිටි අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 88 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 88 ක් රැස් කළේය.
ආරම්භක පිතිකරු වූ පැතුම් සහ අවිෂ්ක වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 158 කින් ලකුණු 182 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
කාසියේ වාසිය ලැබූ ඇෆ්ගනිස්තානු පිලේ නායක හෂ්මතුල්ලා ශහිදි පළමුව ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 3 ට 381
(පැතුම් නිස්සංක නොදැවී, අවිෂ්ක ප්‍රනාන්දු 88, කුසල් මෙන්ඩිස් 16, සදීර සමරවික්‍රම නොදැව 44, ෆරීඩ් අහමඩ් 79/2)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා පිල ලකුණු 381ක් රැස්කරයි