IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍ය

(අතුල බණ්ඩාර)

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපති මහාචාර්ය  කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාව සහ පාලක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම  සිදු කොට තිබේ.

මහාචාර්ය  කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සහ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසද කටයුතු කරනු ලබති.

වර්ෂ 2015 ජුලි මස 11 වෙනි දින සිට 2019.01.23 වෙනි දින දක්වා කාලය තුළ එම විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය ලෙස සේවය කර ඇති කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ එහි හයවෙනි මහෝපාධ්‍යයන් වහන්සේද වෙති.

බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි,බුදුසමය සහ කායික වෙදකම,බුදුසමය සහ පවිත්‍රතාව සහ දැහැමි දිවියට දහම් සිතුවිලි යන ග්‍රන්ථවල කතුවරයා වන්නේද උන්වහන්සේය.

මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටකවේදී උපාධිය,කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති සහ දර්ශනපති පශ්චාත් උපධිය, චීනයේ මින්ග්ෂු (Mingzu) විශ්වවිද්‍යාලයේ දර්ශනසූරී පශ්චාත් උපාධිය යන උපාධි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත.

දකුණු පළාතේ ශාසනික ආගමික සමාජයීය සහ අධ්‍යාපනික සේවාවන් රැසක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින උන්වහන්සේ බෞද්ධ දර්ශනය විෂය සහ බුදුදහම පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වියත් දේශකයාණන් වහන්සේ නමකි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍ය

ඔබේ අදහස් එවන්න

දියත

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 162 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 294 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 98 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 657 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1107 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2228 4

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site