( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමු වී ද්විපාර්ශික සාකච්ඡා පවත්වා ඇත.
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී මෙම හමුවීම සිදුවිණි.
ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක සරන් මහතා විසින් මහ කොමසාරිස් මොරගොඩ මහතාව ඉතා සුහදශීලී ව පිළිගනු ලැබූ අතර මෙහිදී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී ආර්ථික සහයෝගීතාවයට සම්බන්ධ කරුණු ඇතුළු අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවන්ට අදාළ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන ශ්‍රී පන්කජ් සරන් මහතා 2018 වර්ෂයේ මැයි මස නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ධුරයට පත්වීමට පෙර රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ලෙසත් බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා ලෙසත් සේවය කර ඇත.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023” මාර්ගෝපදේශයේ පිටපතක් ද ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා මහ කොමසාරිස්