IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’

(ටී.කේ.ජී.කපිල)
 
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.
 
මේ අතර චීනයේ සිට සිසුන් 173 ක් රැගෙන ගුවන් යානයක් 28 දින රාත්‍රී හෝ අද (29) අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද , එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත මේ වනතුරු පැමිණ නොමැත .
 
එහෙත් ඊයේ (28) සවස  6.20 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද , එදිනම රාත්‍රී 9.05 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ අද (29)  දින අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
 
එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා , ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබේ .
 
එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත් , වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා තිබේ.
 
මෙම ක්‍රමවේදය පිළිබඳව අදහස් දැක්වූ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය පී.ආර්.

පෙරේරා මහතා මෙසේ පැවසීය . චීනයේ සිට රැගෙන එන ශ්‍රී ලාංකික සිසුන් පිළිබඳව දැනට අනුගමනය කරන ක්‍රමය අසම්පූර්ණ , නිවැරැදි නොවන ක්‍රමයක් .
 
මෙම සිසුන් කෙලින්ම චීනයේ සිට මත්තල ගුවන් තොටුපළ වෙත රැගෙන ආ යුතු බවත් ,ඉන්පසුව ඔවුන් ගිලන් රථ මගින් දියතලාව රෝහල ආශ්‍රිත රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවත් , ඔවුන් එහිදී දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවත් සදහන් කළේය .
 
එම කාළයෙන් පසුව එම සිසුන් වෙතින් නව  කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් ඔවුන් තම නිවෙස් වෙතත් , එවැනි රෝග ලක්ෂණ ඇති නම් එම සිසුන් අංගොඩ අයි.ඩී.එච්.උණ රෝහල වෙත ගිලන් රථ මගීන් යොමු කළ යුතු බවත් වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා සදහන් කළේය .
 
මෙය දඩුවමක් නොවන බවත් , ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඕනෑම වසංගත රෝගයක් නිවාරණය කිරීම සදහා මෙය ඉතාමත් යෝග්‍ය බව ද වෛද්‍ය පී.ආර්.පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
මීළගට චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානය අද  (29)  රාත්‍රී 6.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.
 



අදහස් (15)

‘ශ්‍රී ලාංකික සිසුන් 380 ක් චීනයෙන් එවලා’

Jehaan Wednesday, 29 January 2020 06:09 AM

ඔව් අපිට ආරංචියි කවුද බේබි කෙනෙකුත් ඒ අතරේ හිටියා කියලා වාසනාවට. නැති නම් අනෙකුත් ළමයින්ට නිවාස අඩස්සියේම නියමිත වෙලා තිබුනේ.

:       234       438

jayath Wednesday, 29 January 2020 06:10 AM

ඔව් ඒ වෛද්‍ය වරයා හරියටම හරි මොලේ කලඳක් හරි තියන කෙනෙකුට ඒක තේරෙනවා මොකද මේ (ncoV ) කියල හඳුන්වන වෛරසයේ බීජාව්ෂන කාලය සති දෙකක් ( ඒ කියන්නේ වෛරස ආසාදනයෙන් සති දෙකකට පස්සේ තමයි රෝග ලක්ෂණ පහල වෙන්නේ (ඩෙංගු වලත් මීට සමානයි ), ඉතින් හරිනම් අර අය සති දෙකක් "නිරෝදායන " කුටි වල තියන්න ඕන ඊට පස්සෙයි රෝග ලක්ෂණ නැතිනම් එලියට දමන්න ඕන . මේ කරන වැඩේ අතිශයින්ම භයානකයි. මොකද වැරදිලාවත් ආසාදිතයෙක් හිටියොත් කම්මුතුයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ කලින් හිටිය යහපාලන උදවිය වගේ !

:       130       386

Nuwan Wednesday, 29 January 2020 06:11 AM

මොකද්ද මේ හතර බිරි කතාව , හරිනම් කරන්න ඕන චීනෙන් එන මේ අයව රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර දින 10 ක් හෝ දින 14 ක් සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තැබීම. වුනාට වෙන්නේ ඔවුන්ව ගෙදර ඇරලා කැස්ස උන ආවොත් හොස්පිටල් එන්න කියන එකනේ.

:       38       95

Anura Wednesday, 29 January 2020 06:40 AM

චීනයේ ලංකවට වඩා වෛද්‍ය පහුකම් ගොඩක් හොඳයි ,ඒ වගේ මේ මෙම වෛරසය එකට ප්‍රතිකාර කරන විදිහත් ඒ ගොල්ලෝ දන්නවා , ඉතින් ඇයි මහන්සිවෙලා මේ අයව ලංකාවට ගෙනල්ල රටත් මෙගොල්ලොන්වත් අමරුවේ දාන්නේ ?

:       76       132

siri Wednesday, 29 January 2020 08:58 AM

වෛරසය පැතිරී ඇති චීනයේ "වූහාන්" නගරයට කිලෝමීටර් 1011 දුරෙන් පිහිටි "සිචුආන්" නගරයේ සිටි සියලුම සිසුන් 50 දෙනාම ගෙන්වා ගැනීමට තමා මුලින්ම කටයුතු කලේ කියලයි කියන්නේ. මොකද හේතුව කියලා බැලින්නම් ආණ්ඩුවේ කට සැර ඇමතිවරයෙකුගේ පුතා ඉගෙනගෙන තියෙන්නේ එහෙලු. ලෙඩේ වැඩිම නගරයේ ඉන්න අය ගෙන්වා ගන්න බැරි වුණාට ඇමතිගේ පුතා ඉන්න නගරයේ අය ගෙන්වා ගන්න අමාරුවක් තිබිල නැහැ එහෙනම්....

:       189       215

Nuwan Wednesday, 29 January 2020 09:33 AM

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන අතර වෛරසය ආසාදනය වූ අය 1000 කට අධික ප්‍රමාණයක් වූහාන්හි සිටියදී 50කට අඩු ප්‍රමාණයක් සිචුආන්හි වාර්තාවී තිබූ අවස්ථාවක මුල්වරට ශ්‍රී ලංකාව සිචුආන් සිසුන් ගෙන්වා ගැනීමට උනන්දු විය.

:       0       59

banda Wednesday, 29 January 2020 10:17 AM

ආවා..ආවා..!!! කොරෝනා ලංකාවට ආවා. ඒ වගේම රට වටේටම බෙදාහැරියා...

:       155       184

ChandiWednesday, 29 January 2020 10:54 AM

කුහක කතා කියන්න එපා. මේ ඔක්කොම ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ.

:       166       113

Akila Wednesday, 29 January 2020 12:48 PM

මෙම ගෙන්වපු කෙනෙකු හරහා වෛරසය පැතිරුණොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගන්න ඕනේ...

:       0       49

කීර්ති Wednesday, 29 January 2020 01:01 PM

දැං හරි..! ආයේ කියන්න දෙයක් නැහැ.!

:       0       39

සෝමවන්ස Wednesday, 29 January 2020 01:49 PM

කවුද ඔය කියන කට සැර ඇමතියා? නම කියන්න බැරි කෙනෙක්ද? වැඩි හරියක් ඉන්නේ වාචාල කටවල් වල සැර පෙන්වන එවුන්නේ...

:       0       30

SiriWednesday, 29 January 2020 04:23 PM

මම හිතන්නේ කටසැර කට වෙන්ට ඕනෑ.

:       0       0

Champa Wednesday, 29 January 2020 02:57 PM

එක ළමයි පිරිසකට ගෙදර යන්න දීලා අනිත් ළමයින්ට දියතලාවේ යන්න කියන්නේ මොකද? හැමෝටම කරන්න ඕනේ එකම පරීක්ෂණය නේද? අනිත් එක වූහාන් වල ඉන්න ළමයින්ට චීනේ එන්න දෙන්නේ නැහැ කියන කතාවත් වැරදියි. වූහාන් වල ඉන්න අනිත් විදේශිකයන් තමන්ගේ රටවලින් ගෙන්න ගෙන තියෙනවා.

:       0       4

lanka Wednesday, 29 January 2020 07:42 PM

චීනයේ ජනතාව වෙලත් චීනයේ වෙනත් පළාත්වලට යන්න දෙන්නේ නැහැ. වසංගතය තියෙන පැත්තේ කට්ටියට... ඒකට ලංකාව එහෙ ඉන්න කට්ටියව ලකුණු ටිකක් දාගන්න හින්දා බලෙන් ගෙන්නන්න හදනවා. කෝටි 2කට වැඩි ජනතාවගේ ජිවිතවලට අවදානමක් දීලා... වෛරස් එක එන්නේ නැතිකම හින්දා හොඳයි. ආවොත් එහෙම අපේ රටේ ජනතාවට යනඑන මන් නැති වෙනවා. කිසිම සැලසුමක් නැහැ. වසංගත රෝග රෝහලම තියෙන්නේ මහා ජනාකීර්ණ ප්‍රදේශයක. එතැනින්ම හිතාගන්න පුළුවන් අපේ තීන්දු තීරණ. කොළඹින් හෝ මත්තලින් බහින සැක පුද්ගලයින්ව දියතලාවට අරන් ගිහින් එහෙදි ලෙඩේ හැදිලා කියලා දැනගත්තොත් නැවත කොළඹට කියන්නේ මහා විහිළුවක්... අපේ කට්ටියට ඕනෑ කොරෝනා බලෙන්ම මෙහෙට ගෙන්නගෙන බෙදා හරින්න වගේ ..

:       9       43

Swarna Thursday, 30 January 2020 03:30 AM

අපිට කොරෝනා හදලා මරන්නද මේ ගොල්ලෝ මෙහෙට එවන්නේ?

:       0       46

ඔබේ අදහස් එවන්න

දියත

සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 83 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 133 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි අයෙකු බේරාගැනේ
2024 නොවැම්බර් මස 27 382 0

එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.


යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 622 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 501 1

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 2557 3

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2140 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site