IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකිකයන් 115 ක් මත්ද්‍රව්‍ය චෝදනාවට කුවෙට් හිරගෙදර

(යොහාන් භාසුර)

විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා අද (28) පැවසීය.

මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි ඊයෙ (27) එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයා සතුව තිබිණි අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝඑකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් තිබී එරට ආරක්ෂක අංශ සොයා ගෙන ඇති බවත් අදාළ පුද්ගලයා 2019 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපා මහතා කීය. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2016 වසරේ ගෘහ රියැදුරකු ලෙස මෙම පුද්ගලයා කුවේට් රැකියාවට ගොස් ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය එප්පාවල පිහිටි ඔහුගේ මව පදිංචිව සිටින නිවසට භාරදීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.

 



අදහස් (5)

ශ්‍රී ලාංකිකයන් 115 ක් මත්ද්‍රව්‍ය චෝදනාවට කුවෙට් හිරගෙදර

සමිත සේනක අලුත්ගමගේ. Friday, 28 July 2023 04:56 PM

මිනිහෙකුගේ මරණයක් සම්බන්ධයෙන් සංවේදී හිතකට දුකක් දැනෙනවා. ඒත්, කුඩු මත්ද්‍රව්‍ය හා හොර මැරකම්වලට නිසි පරිදි දඬුවම් දීමට පියවර ගත යුතුමයි. රටක් හැදෙන්න විනයක් නීතියක් අවශ්‍යමයි. ඒත් මේ රටේ දේශපාලකයින් මේ තරම් වැරැදි කරලත් ඒ අයට දඬුවම් දීමට බැහැ. ඒ තමයි මේ රටේ හැටි...

:       0       13

සමන් Friday, 28 July 2023 06:10 PM

ඇයි ලංකාවේත් මේ විදිහට දඬුවම් දෙන්න බැරි කුඩ්ඩන්ට...? අපේ වියදමින් මේ තක්කඩි නඩත්තු නොකර...!

:       0       17

NathalieSaturday, 29 July 2023 11:18 PM

ඉතින් මහ උන්මනේ කුඩු ගේන්නේ... කොහොමද ඔවුන්ව අල්ලන්නේ?

:       1       0

MACK Saturday, 29 July 2023 11:33 AM

කරුණාකර මරණීය දණ්ඩනය නියම කරන්න.

:       0       4

කිරිපුතා Saturday, 29 July 2023 05:13 PM

ලංකාවේ දාන වෙට්ටු නීීති තියෙන රටවල දාන්න ගියාම එහෙම තමයි. අහිංසක විදිහට තමන්ගේ රැකියාව කරගෙන කීයක් හරි හොයාගෙන ආවා නම් ස්වභාවිකව මැරෙනතුරු ඉන්න තිබුණා... මේවා සමාජ පණිවිඩ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 101 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 367 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 40 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 1031 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 658 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 134 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 460 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1449 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site