IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ  සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් ලබන 6 වෙනිදා බදාදා දිනයේද ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ ප්‍රධානීන්  7 වැනිදා  බ්‍රහස්පතින්දා දිනයේද එම  කමිටුව හමුවට කැඳවෙනු ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ලබන 5 වැනිදා අඟහරුවාදා කැඳවීමට නියමිතව තිබුණත් කිසියම් ප්‍රායෝගික ගැටලුවක් මත එම ප්‍රධානීන්  වෙනත් දිනයක  කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව   කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ  හමුවක් සඳහා එදින(5 වැනිදා) වෙන් කර ඇති බවත්  කමිටුවේ කටයුතුවලට අදාළ විශේෂ කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත්  සභාපතිවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ්  අවදානම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  පසුගිය කාලයේ අවස්ථාව ගණනාවකදීම රැස්වීමට නොහැකි විය.

කෝප් කමිටු රැස්වීම්  ඉදිරියේදී දිගටම පැවැත්වීමට බලාපොරොත්තුවන බව මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් කීවේය.

මේ අතර පාර්ලිමේන්තුවද ලබන සතියේ දින පහක්ම රැස්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය .



අදහස් (1)

ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට

Lalith M Sunday, 03 October 2021 12:18 PM

සර් ඔක්කොටම කලින් මුදල් ඇමති ගෙන්නල අර 2010 -15 ආණ්ඩුව කාලේ ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක හදපු එයාගේ කාර්යාල සංකීර්ණය සඳහා මුදල් කොහෙන්ද කියල හොයන්න. අපරාදේ වල් බිහිවෙනවා. ඒ කාලේ කිව්වේ නම් මිලියන 200 වගේ ගණනක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1811 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 379 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 788 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4768 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 621 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3623 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site