IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශ්‍රී ලංකන් ප්‍රගතිය මාස 6කින් ඕනෑ

(යොහාන් භාසුර)

රජයෙන් ලබා ඇමරිකන්  ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස හය තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අමාත්‍යංශයේදී අද (11) පැවති විශේෂ සාකච්ඡාවකදී එසේ පැවසීය.

පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම්වල  ඇතිවූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදු වූ හිරිහැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක්ව ඇති බව කී අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගුවන් සේවය පවත්වා ගෙන යාමට ඔවුන් විසින් බැංකු සහ ආයතන කිහිපයකට ගෙවීමට තිබු ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක පමණ ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් පමණ රජය ගෙවා දැමීමට තීරණය කළ බව ද සඳහන් කළේය.

ඒ අනුව ආකර්ෂනීය මුල්‍ය ශේෂ පත්‍රයක් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉදිරි මාස හය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කිරීමට සැලසුම් කර ඇති බව බවත් එබැවින් එම මාස 6 තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනවශ්‍ය වියදම් කපා හැර මනා මුල්‍ය විනයක් සමාගම තුළ ඇති කර ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

ඒ සඳහා පරිපාලනය සහ වෘත්තිය සමිති ඒකාබද්ධව කටයුතු කළයුතු බව කී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ නොවුනොත් 6,000 ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇති වන බව ද සඳහන් කළේය.

එම ගුවන් සමාගමේ පාලන අධිකාරිය සහ වෘත්තිය සමිති සමාජිකයින් සමඟ පැවති එම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



අදහස් (4)

ශ්‍රී ලංකන් ප්‍රගතිය මාස 6කින් ඕනෑ

සමන් Monday, 11 March 2024 03:20 PM

හරිහමන් ඇමැති කෙනෙක් දැම්මොත් නම් ඊටත් කලින් යහපත් ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වෙයි සිරිපාල...!

:       1       26

නන්දන Monday, 11 March 2024 03:39 PM

ජීවිතේට ගොඩ යන්නේ නැහැ කියලා සියයට දාහක් ඔට්ටු අල්ලනවා. මේ ලබා දී ඇති ඩොලර් බිලියන භාගයකට වැඩි මුදලටත් අබ සරණයි. වහාම ජනාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ කටයුතු කළයුතු පලපුරුදු පුද්ගලයෙක් විදේශිකයෙකු පත් කරන්න... නැත්නම් මේ පතුල නැති බාල්දියට තවත් ඩොලර් නම් දාන්න එපා.

:       2       18

sunil Tuesday, 12 March 2024 01:00 AM

මාස 6 වෙද්දී ගෙදර... සෙකියුරිටි කුක්කෝ නැතිව ගෙදර අස්සටම වෙලා හන්චි පයිස් ගහගෙන ඉන්න තමයි වෙන්නේ. එළියට බැස්සොත් ගමේ ඉන්න පොඩි එකාගේ ඉඳලා කොස්සෙන් ගහනවා. හොරා කාපු සල්ලි හංගපු තැන්වලින් එළියට ගනීවි... අලුත් ආණ්ඩුවක් ආවාම. ලැහැස්ති වෙලා ඉන්නවා. ජම්පර් එකක් ගහගෙන කූඩුවට යන්න.

:       0       0

අප්පුහාමි ලන්ඩන් Tuesday, 12 March 2024 02:07 AM

පන්දම් කාරයින් අයින් කරගන්න ඉස්සර වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 362 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 24 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 536 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 231 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 429 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 808 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site