IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් මිලට ගන්න පිරිස අතර ධම්මික පෙරේරාත්

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.

හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව තිබේ.  

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත්ය.  



අදහස් (15)

ශ්‍රී ලංකන් මිලට ගන්න පිරිස අතර ධම්මික පෙරේරාත්

රෝහිත් Monday, 22 April 2024 08:50 PM

දේශීය ව්‍යවසායකයෙක් අරගෙන නියම විදිහට හදලා ගත්තොත් රටටම වාසනාවක්...!

:       0       1

Siri Monday, 22 April 2024 09:16 PM

අනේ ඔය සුදු අලියව ඉල්ලන ඕනෑ කෙනෙකුට කොන්දේසි විරහිතව දීල දාන්න. රටට විශාල බරකින් නිදහස් වෙන්න පුළුවන්.

:       1       12

Dr. vajira Fernando Tuesday, 23 April 2024 12:23 AM

රාජපක්‍ෂලා මංකොල්ල කෑ මහජන ධනය තමා මේ ධම්මික ළඟ තියෙන්නේ.

:       0       0

chandima Tuesday, 23 April 2024 12:51 AM

ඉතින් වැරැද්දක් නෑ නේ. අපේම කෙනෙක් ගත්තා කියන්නේ එක පිට රටකට විකිණිලා කියන්නේ එකනේ...

:       0       0

Lankabarana Tuesday, 23 April 2024 06:32 AM

ධම්මික පෙරේරා මහතා ගැන අහල තිබුණත් කසල ගෙන්වීම නිසා ඔහු ගැන පැහැදීමක් නැතිවුණා ඒත් අනාගතය භාර ගන්න සිටින දරුවන්ට කරන අධ්‍යාපන සංග්‍රහය නිසා එම අකමැත්ත නැතිවුණා සමහරක් මිනිස්සු ඩිපි එඩියුකේෂන් එකක් අප ප්‍රදේශයේ පිහිටුවමු කිව්වම එකහෙළා ප්‍රතික්ෂේප කිරීමට යොමුවුණේ දේශපාලන ක්‍රියාවක් කියලයි කොහොම වුනත් ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්න හදුනන කෙනෙක් නොවුනත් ධම්මික පෙරේරා මහතාට දෙනවා නම් ලාංකිකයෙක් හැටියට ඉතාමත් සතුටුයි

:       0       1

අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 23 April 2024 06:55 AM

බාල තොරොමබ්ල් බඩු කොහොමත් ලාබෙට ගන්න පුලුවන්නේ.

:       0       10

ඉසුරු Tuesday, 23 April 2024 07:27 AM

ඒකෙන් ලංකාවට ඩොලර් එනවද?

:       7       4

Lalla Tuesday, 23 April 2024 08:45 PM

ලාංකීය ව්‍යාපාර දියුණුව ලබනවා කියන්නේ රට සහ ජනතාව දියුණුව ලබනවා කියන එක. බණ්‌ඩාරනායකලා රාජපක්ෂලා කලේ දේශීය ධනපතියන් හිඟන්නන් කළ එක. දැන්වත් දේශීය ධනවතුන් පංතියක් ආයෝජනය කිරීමට ඉල්ලනවා නම් ඊට අපි ගරුකළ යුතුයි. ඉන්දියානු රජය සෑමවිටම එරට ධනවතුන් ආරක්ෂා කළා වගේම ඔවුන් ඉන්දියාව තුළ ආයෝජනය මගින් එය ලොව පස්වන ආර්ථික බලවතා දක්වා දියුණු කළා...!

:       0       1

එරංග Tuesday, 23 April 2024 09:44 AM

විදෙස් ආයෝජකයින්ට වඩා මෙම දේශීය ව්‍යාපාරිකයාට මෙය මිලදී ගැනීමට අවස්තාව ලබා දී එය දියුණු කිරීමට උදව් කරන්නේ නම් එය මෙරට ආණ්ඩුවලට පමණක් නොව අනෙකුත් දේශීය ව්‍යවසායකයින්ට ද මහඟු දිරි ගැන්වීමක් වනු ඇත...

:       0       1

Amara Tuesday, 23 April 2024 11:18 AM

පෞද්ගලික ‌ව්‍යාපාර ගැන උදම් අනන අය මහජනයා ගොඩ නැගූ ව්‍යාපාර කුණුකොල්ලෙට ගන්න දත කති. දකුණු ආසියාවේ ධනපති පැලැන්තිය ඕකයි..

:       0       0

Kazi Shajahan Tuesday, 23 April 2024 12:34 PM

පසුගිය දවස්වල එයාර් ලංකා එක බිංදුවටම බැස්සුවේ ධම්මිකගේ ප්ලෑන් එකක්ද? එතකොට ධම්මිකට අඩු ගාණට ගන්න පුළුවන්නේ...! 

:       0       0

Hafeel Tuesday, 23 April 2024 02:10 PM

එහෙම නම්, ගුවන් යානාවලින් කුණු කන්ටයිනර් ඒවි. කුණු කන්ටයිනර්වලින් රට පෝසත් වේවි...!

:       0       0

Siri Tuesday, 23 April 2024 02:57 PM

ඕක හිතමිත්‍රාදීන්ට දෙන්නේ නැතුව "ෆිට්ස් එයාර්" සමාගමට බාරදුන්නොත් වැඩක් වෙයි. ඒකේ ලොක්කා තමා කලින් ශ්‍රීලන්කන් සමාගම ලාබ ලබන තැනට අරගෙන ගියේ. ඒ මනුස්සයා එළවලා සමාගම ගෙදර හිටපු මස්සිනාට බාරදීලා අහස්යානා පවුලේ ගමන් බිමන්වලට යෝදාගන්න පටන් ගත්තාට පස්සේ තමයි මේ හෙනේ ගැහුවේ...

:       0       0

සරත් කුමාර Tuesday, 23 April 2024 05:59 PM

මම හිතන විදියට ලංකාවට ඩොලර් හිගයි කියල, ඩොලර් ගේන ඕනම කෙනෙකුට අප්ප අප්ප වුණත් විකුණන්ඩ බලන එක මහ මරි මෝඩ වැඩක්. ශ්‍රී ලංකන් එක පාඩු ලබන්නෙ දුර්වල පරිපාලනය සහ දේශපාලන සූරාකෑම් නිසා. ඒක විකුණනවා නම්, ලංකාවේ මිනිස්සුම එකතුවෙලා අරගත්තත් කමක් නෑ. ඕකෙන් වැඩක් ගන්ඩ හපන්නු ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා, දේශපාලන හාල්පාරුවන්ට ඕනකමක් නැති වුනාට. අන්තිමට පුද්ගලික විදියට හරි ලංකාවට ඒක තියෙයි. විදේශ හවුලකට යනවනම්, වැඩි හිමිකාරීත්වයක් ලන්කාවෙ තියාගන්න එක හොඳයි. පාලක බූරුවන්ට පෙනෙන්නෙ උන්ගෙ ජීවිත කාලෙ තරමට විතරක් උනාට රටේ අනාගත පරපුරක් තව ඉන්නවනෙ.. හැබැයි ඔය කියන කෙනාව දම්මල, කුණුකොල්ලෙට ගන්ඩ හදන්නෙ, ශ්‍රී ලංකන් එක කාබාසිනිය කරපු සෙට් එකම වෙන්ඩත් බැරි නෑ..

:       0       0

නිසල් Tuesday, 23 April 2024 07:36 PM

මුලින්ම ඔයා රජයට ගෙවන්න තියෙන කෝටි ගාණක බදු ටික ගෙවලා ඉන්නකෝ... එයාපෝට් ගන්න කලින්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1532 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1627 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1246 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1907 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 576 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site