(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් මිලියන 525 (රුපියල් බිලියන 165ක් පමණ) ක පාඩුවක් ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
කොවිඩ් වසංගතය අවසන් වීමෙන් පසු 2022 වසරේ ගුවන් සේවා කර්මාන්තයට හොඳ කලක් උදා වුවත් එම වසරේ පාඩු ලැබූ ගුවන් සේවා තිබෙන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන් එක් සේවයක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මාර්තු මාසයේදී අවසන් වූ මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව තුන් ගුණයකින් වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකන් රුපියල් බිලියන 165 ගිලලා
Soma dubayi Sunday, 14 May 2023 06:42 PM
කොතරම් පාඩු ලැබුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලංකාවට අභිමානයක්, ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකන් ගුවන් සේවය රජයට පවරා ගත්තේ ලංකාවට අභිමානයක් ගෙන ඒමට... අපි සියලු දෙනාම මෙයට විරුද්ධ විය යුතුයි.
KeppetipolaSunday, 14 May 2023 10:07 PM
ශ්‍රී ලංකන් එක ඇතුලෙ ඉන්නෙ සහ හිටියෙ පට්ට හොරු
PereraMonday, 15 May 2023 06:27 AM
එමිරටෙස් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාලනය කල කාලයෙ එය ලාභ ඉපැයු ගුවන් සේවයක්.
අසාධාරණ Monday, 15 May 2023 09:23 AM
කොතරම් පාඩුවක් වුණත් රාජපක්ෂ දර්ශනය ආරක්ෂා කරමින් අපේ අතේ මිටේ තියෙන සේසතම යොදාගෙන ඒකේ අභිමානය රකිමුකෝ... ඒක විකිණීමට නැත්නම් රජයෙන් බැහැර කිරීමට තවත් කාලයක් ගතවෙනවා කියන්නේ දූෂිතයින්ට තව තවත් පෝෂණය වීමට අවස්ථාව දෙනවා කියලා තමයි IMF එකෙන් තුන්සිය ගණනක් ලැබෙද්දී මේ තක්කඩි හොරුත් පන්සිය ගණනක් ගසාකනවා. ඉතින් කොහොමද රටක් හදන්නේ? ඒ අතරේ දේශපාලුවන් හා ඔවුන්ට සම්බන්ධ හොරුන් නොගෙවා සිටි මිලියන ගණනක් මුදල් බොල්ණය ලෙසට කපා හැරපු බවකුත් අහන්න ලැබුණා...
de silva Sunday, 14 May 2023 06:55 PM
කරුණාකර මේක වහලා දාන්න.
C.K.Lankaputhra Sunday, 14 May 2023 07:07 PM
මැඩමූලන්ස් සමූහ ව්‍යාපාරය සහ සිරිකොත් සමාගම එක්ව පාලනය කරන සිරිලංකා ගුවන් සමාගමෙන් පාඩු වුණාට ඒ ගොල්ලන්ගේ අනිත් සමාගම් වලින් අධික ලාබ උපයනවාලු. ඒ ලාභ වලින් තමයි මේ රටේ දහසකුත් එකත් ප්‍රශ්න විසඳලා මිනිසුන්ට තුන්වේල බඩ පිරෙන්න කෑම බීම ටික සපයා දීලා සතුටෙන් තියන්නේ...
කිරිපුතා Sunday, 14 May 2023 07:37 PM
ඒකෙ යන එන කවුරුවත් මුදල් නොගෙවා යන්නෙ නෑනේ... හොරකම්, දූෂණ ඇත්තේ ඇතුළේම තමයි. රටේ එකම ජාතික ගුවන් සේවය වෙනත්... රටකට විකිණෙනවාට කවුරුත් කැමැති නෑ. නමුත් වෙන්න යන්නේ ඒක... හැම රාජ්‍ය ආවර්තනයක් ඇතුලේම හොරු ගොඩ ගැහිලා...
Srilankan AirMonday, 15 May 2023 08:18 AM
ලංකාවේ ගොඩක් අය යන්නේ පිටරට ගුවන් සේවාවල... පාඩුයි තමයි... ඒත් ඔයා දකින දේවල් නෙවෙයි. අකාර්යක්ෂමතාවය, කොලිටියක් නැතිකම... ඉහළ වැටුප්තල... අධික කුලී වියදම්...
පැරකුම් Sunday, 14 May 2023 10:58 PM
පාඩු ලබනවිට කලයුත්තේ වසා දැමීමද. පෙට්ටිකඩේ මුදලාලිවත් එහෙම කරන්නෙ නෑ. මෙතන වෙන්න ඕන නාස්තිය දූෂණය වැලැක්වීමයි. ඒක කරන්න දන්න කෙනෙක් දියවන්නාවෙ නම් නෑ. එමිරේට්ස් සමග ලාබ ලැබූ අන්දම සොයා බලන්න බැරිද. කළමණාකරණ උපදෙස් දෙන ආයතන නැද්ද. නැතිනම් කළමණාකරනය පෞද්ගලික ආයතනයකට පවරන්න බැරිද. උවමනාව ඇත්නම් කල නොතැකි දෙයක් නැත.
de silva Monday, 15 May 2023 06:21 AM
රුපියල් බිලියන 165 ක් ? ඉස්පිරිතාලවල බෙහෙත් නැතුව, දුම්රියට ලංගමෙට අමතර කොටස් නැතුව අද මිනිස්සු කොපමන දුක් විදිනවද ? පින් සිද්ධ වෙයි ඔක වහල දමන්න.
uddika Monday, 15 May 2023 07:14 AM
සිල්පද දෙසිය ගණනක් රකිමින් මෙම විහාරාධිපති සාදු සැදැහැවතුන්ගේ නිවන මූලික වූ ධර්මාවබෝධය පිණිසම කරන්නා වූ මහා වෙන්දේසිය නාට්‍ය සහ සංගීත තරගයේ පිං මටද අනුමෝදං වේවා...!
Jpn පප්පා Monday, 15 May 2023 08:22 AM
දැන් ඉන්න ගුවන් ඇමැතිගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ගුවන්යානා ටික ඉතුරු වුනොත් ඇති තව ටික දවසකින්...
Oscar Monday, 15 May 2023 09:15 AM
එමිරේට්ස් ගුවන් සේවය තමන්ගේ ස්ටාෆ් එකට මාස 06ක බෝනස්, සැලරි වශයෙන් මේ 2023 ගෙවනවා. හොරකම් සහ වංචාවල් නැති කණ්ඩායමක් නිසා අද ලාභ ලබලා සේවකයින්ටත් බෙදනවා. ඒකට අපේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් එකට දෙවියන්ගේම පිහිටයි.
Lalla Monday, 15 May 2023 09:52 AM
හොරකම හැර කිසිවක්ම බැරි කාලකන්නින්ට ආයතන පාලනය දීමේ විපාකය... වරදට දඬුවම් නැති රටක නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන තුරු රාජ්‍ය ව්‍යවසාය නතර කරන්න. පෞද්ගලික අංශයට ව්‍යාපාර කටයුතුවල යෙදෙන්න ඉඩදෙන්න...
fairoos Monday, 15 May 2023 01:03 PM
අපිනම් නිකන් ටිකට් ගත්තේ නැහැ... මේ කාලකණ්ණි දේශපාලකයින් තමයි මේක විනාශ කළේ...!
Soma dubayi Monday, 15 May 2023 02:38 PM
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයේ හිටියා නම් මේ වෙනකොට කටුනායක, මත්තල වගේ ගුවන් තොටුපලවල් දහයක්වත් හදලා...