(කැලුම් බණ්ඩාර)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේග රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට පසුගිය රජය මුල් අවස්ථාවේදී සැලැසුම් කර තිබිණි. නමුත් පසුව එවකට සිටි කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමට ගත් තීරණය වෙනස් කළ බවය.
කෙසේ නමුත් මෙරට සංචාරක කේෂ්ත්‍රය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට විශේෂ කාර්ය භාර්යයක් කළ හැකි බැවින් එම ගුවන් සේවය රජය යටතේ පැවැතිය යුතු බවට ජාතික ජන බලවේග රජය විශ්වාස කරන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දමනවා වෙනුවට එහි කළමණාකාරීත්වය තවත් වැඩි දියුණු කළ හැකි ආකාරයක් සොයා බැලීමට ජාතික ජන බලවේග රජය කටයුතු කරන බවද මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසුවේය.
පුද්ගලික ආයෝජකයෙකු ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 510 ක ණය රජයට පවරා ගැනීමට පසුගිය කැබිනට් මණ්ඩලය එකඟ විය. අවම වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය සියයට 51 ක කොටස් විකුණා දැමීමට පසුගිය රජය තීරණය කර තිබිණි.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
WCA Monday, 30 September 2024 11:10 PM
මේවට හුරේ දාන්න බෑ .වැඩපිළිවෙලක් ඇතුව මේවා කරනවානම් හොදයි .නැත්නම් රට තමයි තව තවත් වලපල්ලට යන්නේ
Indika prasanna Monday, 30 September 2024 11:24 PM
නරකම තීරණවල ප්‍රතිවිපාකවලට අපට මුහුණ දීමට සිදු වේ
de silva berlin Tuesday, 01 October 2024 12:35 AM
ඕක නම් වහාම විකුණා දැමියයුතු කුණු ගොඩක් , ඕකේ වැඩකරන සේවිකාවෝ ඔකේ යන ශ්‍රී ලාංකිකයන්ට හරියට සලකන්නේ නැහැ , එම නිසා යුරෝපේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඔකේ එන්නේ නැහැ , ඕකෙන් සංචාරක ශේත්‍රයට වෙන සුගතියක් නැහැ , එමිරේට්ස් මගින් පාලනය කරන කලේ ලාභ ලැබුනත් , මහින්ද ඕක නැවත රජයේ පාලනයට ගනිපු 2008 සිට ඕකෙන් සිදුවුණා පාඩුව රුපියල් කොටි 38000 පමණ , එම මුදල් ලංගමට බස් ගෙන්වන්න සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය අඩුපාඩු ගෙන්වන්න යෙදෙවුව නම් , අපේ පොදු ප්‍රවාහන ප්රශ්නය සම්පුර්ණයෙන් විසදන්න පුළුවන් කම තිබුන , දුප්පත් අපේ බදු සල්ලි වලින් තවදුරටත් මෙවැනි සුදු අලියෙක් නඩත්තු කරන්න ඕනෙද ? මදක් සිතන්න , රාත්‍රී 8 පස්සේ පුද්ගලික බස් ධාවනය නොවෙන නිසා හොඳ ලංගම බස් සේවයක් අවශ්‍ය බව කියන කට්ටිය ලයික් එකක් දමන්න
Nishan Tuesday, 01 October 2024 05:03 AM
තව මාස 6 කින් කියයිද දන්නේ නෑ අදානි යාළුවාට කළමණාකාරීත්වය බාර දුන්නා කියලා. මෙයාලගේ වචන, වාක්‍ය අපි දන්නවනේ.
සෙනෙවිරත්න Tuesday, 01 October 2024 05:19 AM
ලෝකෙම පිළිගන්න ගුවන් සේවයක්, මේක විකුණනවාට වඩා යහපත් හොඳ කලමනාකරණයක් කරලා සත පහක හෝ ලාභයක් ගන්න එක, ඔබගේ රජයේ සමත්කම පෙන්වීමට හොඳ අවස්ථාවක්, ජයවේවා...!
අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 06:40 AM
රටේ සම්පත් කුණු කොල්ලයට විකුණලා එදා වේල හොයාගෙන කන්නයි ඒකෙන් කොමිස් ගහලා සාක්කු පුරෝගන්නයි නම් ආණ්ඩු මොකටද, රටේ සම්පත් කළමනාකරණය කරලා අනාගත පරපුරට ඉතිරි කරල දෙන එක තමයි ආණ්ඩුව කරන්න ඕනේ.
අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 06:49 AM
රාජ්‍ය දේපොළ විකුණාගෙන එදා වේල හොයාගෙන කන්නයි. ඒකෙන් කොමිස් ගහන්නයි නම් ආණ්ඩු මොකටද ? රටේ සම්පත් මැනවින් කළමනාකරණ කරලා අනාගත පරපුර වෙනුවෙන් ඉතිරි කරන්න තමයි ආණ්ඩුවක් උවමනා. ඒ නිසා රටට නිවැරැදි නායකත්වය දෙන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩූවක සූදානම් බව තමයි මේ පෙන්වන්නේ.
nihal Tuesday, 01 October 2024 08:02 AM
මමත් මාලිමාවට ඡන්දය දුන් කෙනෙක්. ඒ වසර 76ක් තිස්සේ රට වෙලා ගත් දූෂිත පවුල් පාලනයට එරෙහිව. මාලිමාවට මේ පාර ලැබුණු 42% න් 39ක්ම එහෙම ඡන්ද... ඒ කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නෑ සුදුඅලි නඩත්තු කරන්න. රජය කිසිවිටක ව්‍යාපාර නොකළ යුතුයි. (අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනය සඳහා පිහිටුවා ඇති සමූපකාර, සතොස ආදිය හැර). අපි එරෙහි වුනේ කුණු කොල්ලෙට රාජ්‍ය සම්පත් විකුණා දැමීමට මිස පුද්ගලීකරණයට නොවේ. අපිට මතකයි හියුගෝ චාවේස් ව්‍යාපාර ජනසතු කරනාවිට ජනතාව හුරේ දාපු හැටි. නමුත් අද වෙනිසියුලාවට වෙලා තියෙන්නේ මොකද්ද?
janahitha Tuesday, 01 October 2024 08:40 AM
කොමිස් මුදල් ඉල්ලන්නේ නැති එමිරේට්ස් සමාගම නැවත ගනීවි. එම කාලයේ ගුවන් සමාගම ඉතා හොඳින් ක්‍රියාත්මක උනා. අබලන් ගොඩනැගිලි සියල්ල අලුත් වැඩියා උනා
Susa Tuesday, 01 October 2024 05:36 PM
@janahitha. ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් වලට දුන්නේ චන්ද්‍රිකා. කැබිනට් අනුමැතිය ඇතිව නෙවෙයි. ගත්තා නම් ගත්තේ එයා. එමිරේට්ස් නිසා අපේ සංචාරක කර්මාන්තය කඩා වැටී මාලදිවයින උඩට ආවා. එමිරේට්ස් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මැරුවා. ඔවුන් සියලුම ශ්‍රී ලංකන් ගුවන් වාර මාලදිවයින හරහා කොළඹට එව්වා. ඒ මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹට වඩා මාලදිවයිනට ටිකට් එක ලාබ වුණා. සංචාරකයන් කොළඹ වෙනුවට මාලදිවයින තෝරාගත්තා. ඒ වගේම එමිරේට්ස් වලට ශ්‍රී ලංකන් එකෙන් කොළඹට තිබුණු තරඟය අඩු වුණා. තීන්ත ගාලා උඩින් පැලැස්තර දැමීමයි සම්පූර්ණ සංචාරක කර්මාන්තය අඩාල කිරීමයි අතරේ ලොකු වෙනසක් තියනවා. ඕකට චන්ද්රිරිකාට බොහොම කැත නමක් ආවා හොරට දුන්නු නිසා. මහින්ද ජනාධිපතිව ආපහු ශ්‍රී ලංකන් එක ගත්තේ. ඔවුන් නෑදෑයින් දාලා ඒක කෑවාට සංචාරක කර්මාන්තය ආපහු ඔලුව ඉස්සුවා. මාල දිවයින වෙනුවට කොළඹට කෙලින්ම රූට් එක ආ නිසා. අනුර මේ කරන්නෙත් මහින්ද හිතපු ක්‍රමය. ඔවුන් ඒක කන නොකන එක දැන්ම කියන්න බෑ. නමුත් 1990 ගණන් සහ 2000 මුල් කාලයේ සංචාරක කර්මාන්තය කඩා වැටී රැකියා අහිමි වී මැද පෙරදිග ගිහින් දුක් විඳපු කෙනෙක් හැටියට මගේ අත්දැකීම මේ කියන්නේ...!
Wanniarachchi Tuesday, 01 October 2024 09:07 AM
දැන් අසනීපෙ නිට්ටාවට සුවයි. තව අවුරුදු පහක් මහජන බදු මුදල් වලින් හරි බැංකු නය වලින් හරි දුවන්න පුළුවන්. බලන් ඉද්දි පොහොසත් රටක් හැදෙයි
ravin Tuesday, 01 October 2024 09:34 AM
මඩ සෝදා ගත් කල ගොවියා රජකමටද සුදුසු වේලු
weluTuesday, 01 October 2024 02:23 PM
කවුද බං වේලුට රජකම දුන්නේ?
යෝගා Tuesday, 01 October 2024 09:36 AM
කලින් නම් කිව්වේ මේ සුදු අලියා විකුණමු නැත්නම් වහල දාමු කියලා. දැන් පදේ වෙනස් වෙලා තියෙන්නෙ ඇයි?
AthulaTuesday, 01 October 2024 09:45 PM
සුදු අලියා කිව්වේ විනාශ කර කර මහජන ධනය කාපු නිසා.. දූෂණය නාස්තිය පවුලේ බූදලයක් ලෙස විනාශ කළා... පටන් ගත්තු දවසේ සිට හේතුව එයයි. එතැන වෙනස් කළොත් ගොඩ ගන්න බැරි නැහැ.
බණ්ඩා Tuesday, 01 October 2024 11:18 AM
වැටීමේ පළමුවන සලකුණ. අනවබෝධයෙන් රාජ්‍ය අවදානම් ක්ෂේත්රය සමග සෙල්ලම් කිරීම , රටම අවධානමකට ඇද දමයි. හොඳින් බලා ඉමු.
Roney Tuesday, 01 October 2024 11:34 AM
අනුරයාගේ පුතා ශ්‍රිලංකාවේ ඉන්නේ
Sisiranath Wanniarachchi Tuesday, 01 October 2024 12:09 PM
ප්ලේන් එකක් දැකලවත් නැති මිනිස්සු ණය ගෙවන රටක්, තව අවුරුදු 5ක් ආණ්ඩුව ගානේ දුවල රටටත් කෙලවන වැඩක් තමයි මේක
de silva berlin Tuesday, 01 October 2024 12:23 PM
අනුර ඔය වෘත්තීය සමිති කාරයන්ගේ ලනු කාලා ඔය වැඩේ කරන්න එපා ඔබ අමාරුවේ වැටෙනවා , ඔකේ පාඩුව වසරකට රුපියල් කෝටි 2000 පමණ වෙනවා , හොඳම වැඩේ ඕක කොටස් වෙළදපලේ විකුණලා දමන එක, එතකොට කැමති පුරවැසියකුට කොටස් මිලදී ගන්න පුළුවන්, රජය සහ භාණ්ඩාගාරය ඔය වගකීමෙන් නිදහස් වෙනවා , දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඔය සුදු අලි නඩත්තු කරනවට රටේ බහුතරයකගේ ප්‍රසාදයක් නැහැ . ජිවිතේට ගුවන්තොටුපළකට පය නොගහපු පුරවසියත් වක්‍රාකාරව බදු ගෙවනවා ,
nishantha Tuesday, 01 October 2024 01:45 PM
ඉස්සර මිනිස්සු ශ්‍රී ලන්කන් එකට කිව්වේ ජාත්‍යන්තරයට අපේ "සුහදත්වය ගෙන යන තානාපති " " ටෙස්ට් ඔෆ් පරඩ්ඉස් (පරදිසේ රසය) කියලා, මහින්දගේ මස්සිනා ඕකේ පාලනේ භාර අරන් ගුවන් සේවිකාවෝ අඹුකමට ගන්න පටන් ගත්තාට පස්සේ ඕකේ යන මගීන්ට, ඕකේ ගුවන් සේවිකාවන්ගේ ගෙම්බර් බලන්නත්, පාරාදීසේ රසේ කෙසේවෙතත් බල්ලෙක් වත් කන්නේ නැති කෑම කන්නත් සිදු වුණාම, මිනිස්සු ඕකේ යන එක අතැරලා දැම්මා.., ඕක හදන්න නම් ඔය වුර්තිය සමිති කාරයෝ සහ සේවක මණ්ඩලය සම්පුර්ණයෙන්ම අස්කරලා දමලා, එමිරේට් කටාර් ගුවන් සේවය කරනවා වගේ 90% පමණ විවිධ රටවල් වලින් විවිධ භාෂා කතාකරන අලුත් විදේශ සේවක මණ්ඩලයක් බඳවාගෙන, එමිරේට්ස් එකේ පීටර් හිල් වැනි දක්ෂ කලමනාකාරයෙක් යටතේ ඉදිරියට යන්න ඕනේ , මෙවැනි වැඩක් කීයටවත් ලංකාවේ සිදු වෙන්නේ නැහැ , එක නිසා ඕක විකුණලා දමන එක නුවණට හුරුයි.
බද්රානි Tuesday, 01 October 2024 02:15 PM
සමහරක් කිසිඳු අවබෝධයකින් තොරව අදහස් පලකොට ඇති බව තමයි පේන්නේ.. පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය ඩොලර් මිලියන 510ක ණය රජයට පවරාගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියයට 51ක කොටස් විකුණා දැමීමට තීරණය කොට තිබුණා... එවිට එම ඩොලර් මිලියන 510 යේ ණය බර තනිකරම මේ රටේ ජනතාව මත පැටවෙනවා නේද.? හොරුන්ගේ ග්‍රහණයේ පැවැති ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඩුතරමේ එක වසරක්වත් හැරිහැටි මෙහෙයවීමෙන් හොරුන් හොරා කෑ ප්‍රමාණයවත් අපට ගණන් බලා ගැනීමට හැකිවේවි... නිසි කළමනාකරණයක් හෝ සුදුසුකම් සම්පුර්ණ කාර්ය මණ්ඩලයක් නොසිටීම හේතුකොට ගෙන මේ ආයතනය කඩා වැටුණු බව රහසක් නොවෙයි.. තියන දේ විකුණාගෙන කනකාපාලුවෝ නොවී, තියන දෙයින් ලාභ ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරමු...
සරත් කුමාර Tuesday, 01 October 2024 02:32 PM
මෙතැන අදහස් දක්වන හැමෝම කියන්නේ මේක සුදු අලියෙක්. විකුණුවේ නැත්නම් මිනිස්සුන්ට බරක් වගේ කථා.. හරි.. විකුණුවා කියමුකෝ. දැන් මේක හද්ද පාඩු ලබන එකක් නම්, පෞද්ගලික ආයතනයක් මේක අරගන්නේ ඇයි? අරගෙන මොනවාද කරන්නේ..? ශ්‍රී ලන්කන් එකෙන් කාටවත් නොමිලේ ප්‍රවාහන පහසුකම් දෙනවාද? නොමිලේ භාණ්ඩ ප්‍රවාහනය කරනවාද? නෑ. මේකෙන් එන සල්ලි කාබාසිනියා කරන වැඩ සහ මිනිස්සු ඉන්නවා. රජයට කොන්දක් තියෙන්න ඕනෑ අයව එලවලා දාලා වැඩ කරන්න. අපිට පඩියට කීයක් හරි අවුරුද්දට වැඩිවෙන්නේ සමාගමේ ඉලක්ක සපුරාලීමට දෙන දායකත්වය අනුව. මේවායේ ඉන්න අයට එව්වා නැද්ද? විකාර...!
Prabha Tuesday, 01 October 2024 03:20 PM
හොඳ කළමනාකරණයක් යටතේ ඕක ගොඩගන්න අමාරු නෑ...
Buddika Tuesday, 01 October 2024 03:35 PM
අනුර ජාතික සම්පත් නොවිකුනන පොරොන්දුව නිසා මෙය කියන්න ඇති.ඒත් රටේ ප්ර්ර්රායෝගික යතාර්තය ඔබ තෙරුම්ගත යුතුයි.එක එයාක්‍රාෆ්ට් එකකට ස්ටාෆ් 236ක් ඉන්නව.ණය බර ආයතනයට විතරක් නෙවෙයි රටටත් බර වැඩියි.ආර්ථික ප්‍රස්න ගොන්නක හිරවෙලා මිරිකෙමින් ඉන්න මේ රට කල යුතු හොදම දේ මෙය 51% කොටසක් ව්කිනිම.ගැලරිය පිනවීම පිණිස මෙවන් තීරණ ගැනීම දිගුකාලීන ප්‍රස්නවලට හේතුවක්.රජයක් බිස්නස් කල යුතු නැ.දියුනු රටවල් කිසිවෙක් බිස්නස් කරන්නෙ නෑ.ටැක්ස් එකක් ගත යුත්තෙ. රාජ්‍ය සම්පත් රටට බරක් නම් තවත් තියාගෙන හිගකන්නෙ මොකටද.මේ නිසා අනුර කලයුතු ගැලරියට නොදන්න මගුල් නොකිය ඉන්න කියල ප්‍රායෝගිකව හිතල තීරණ ගන්න එකයි
A Supporter of Sri Lankan Airlines Tuesday, 01 October 2024 03:42 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවය බංකොලොත් කළ දේශපාලකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විනාශයට වග කිව යුතුය. සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් පුනර්ජීවනය කිරීමේ පිරිවැය දරන්නේ නැත. මෙම ගුවන් සේවය නැවත පණ ගැන්වීමේ වියදම දේශපාලකයන්ට සහ දූෂිත ගෝලබාලයන්ට දැරිය යුතුය.
sukitha Tuesday, 01 October 2024 03:59 PM
රනිල්ට තව කොටයක් අදින්න වෙයි වගේ
Wije Tuesday, 01 October 2024 04:01 PM
ගරු ජනාධිපතිතුමනි, රත්තරන් කියා පිහියෙන් ඇණගැනීම සුදුසු නොවේ...!
අමල් Tuesday, 01 October 2024 04:29 PM
ළඟ ළඟ ඇනකොන්ඩා ! ඔහොම යන් ! ගෝටා ගෝ හෝම් 2 !
සෝමවංස (සුදු අය්යා) Tuesday, 01 October 2024 04:38 PM
කවදාවත් ප්ලේන් එකක ගිහින් නැති තඹුත්තේගම අනුරගේ අම්මා කඩේට පාන් ගන්න ගිහිල්ලා ගෙවන සල්ලි වලිනුත් මේකේ ණය ගෙවන බව අමතක කරන්න එපා...!
mangala Tuesday, 01 October 2024 04:59 PM
ශ්‍රී ලන්කන් සමාගමේ සාරය උරාබොන මැක්කෙක් වගේ එල්ලිලා ඉන්න ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ නිලධාරින්ව රාජකාරි සඳහා යොමු කරන්න. එම සමිතියේ ඉන්නවා වයස70ට කිට්ටු උපදේශකයෙක්, කිසිදා විශ්‍රාම නොයන අයෙක්. සමාගමේ සේවකයින්ගේ මුදලින් යැපෙන හිඟන්නෙක් ඒ මිනිහව වහාම ගෙදර යවන්න...
Nandalal DE SILVA - France Wednesday, 02 October 2024 01:38 PM
ශ්‍රී ලන්කන් එක විකිණීම නැවැත්තුවේ රනිල්ගේ පාලන සමයේ බව ජනපති අනුර කුමාර ඇතුළු බොහෝ දෙනෙකුට දැනටම අමතක වෙලා වගේ... ඒක හොඳ දෙයක් නෙවෙයි.!