(සුජිත් හේවාජුලිගේ)
රජයේ ආයතන අතුරින් වැඩිම පාඩුව ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම( srilankan airline ) සංවර්ධනය සඳහා ආයෝජකයකුට ලබාදීම (ප්‍රතිව්‍යුහගතකරණය) තවදුරටත් පමාවන ලකුණු පහළව ඇතැයි වාර්තා වේ.
ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා උපදෙස් ලබාදීමට ලසාඩ් ජාත්‍යන්තර උපදේශක ආයතනයට පවරා ඇතත් ඔවුන්ගේ උපදේශන වාර්තාව තවමත් ලැබී නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අප වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ලසාඩ් වාර්තාව තවමත් ලැබී නැති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ භූමි මෙහෙයුම් ආයෝජකයකුට එකට දෙනවාද වෙන වෙනම ලබා දෙනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි තීරණයකට පැමිණ නැති බවත් ඒ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා කීවේය.
ලසාඩ් උපදේශන වාර්තාව ලැබුණු පසු ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රුසියාවේ ගුවන් යානා පැමිණෙන හෙයින් මත්තල ගුවන්තොටුපොළේ යම් වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකන් විකිණිම පමා වන ලකුණු
Gulliver Sunday, 14 May 2023 09:28 AM
රාජපක්ෂලාට හෙණ හතම වැදියන් !!
janahitha Sunday, 14 May 2023 09:57 AM
කවුරුන් ආවත් කොමිස් මුදල් ගැන එකඟවෙන්න බොහෝම අමාරුය... මේ ගැන දැනීමක් තියෙන්නේ කාටද? ලංකාවේ දැනුම තියෙන අය නැතිද? පාර්ලිමේන්තුවෙන් පත්කර ගන්න පුළුවන් නොවැ... විශාල මුදලක් වැය කළානේ... ඔවුන් නඩත්තු කරන්නේ...
දාස Sunday, 14 May 2023 10:09 AM
සිරිපාලනේ ඔතන ලැගලා ඉන්නේ, මතකයිනේ ටසාකි සමාගමෙන් මේක කපන්න ගිය ගාන... මෙතැනත් මේකට ලොකු කුට්ටියක් එනකන් අතපත ගගා ඉඳියි...
හෙන්චයියෙක් Sunday, 14 May 2023 11:15 AM
අපේ සර්ට කුට්ටියක් දෙන ආයෝජකයෙක් තාම සෙට් වුණේනෑ. සෙට්වුණු ගමන් අතින් සල්ලි දීලා හරි දීලා දානවා ....
වැඩපරක්කු Sunday, 14 May 2023 01:37 PM
අද අද එයි මරු පිංකර ගන්නේ... කෙලෙසද සෙටමරු නේති සිතන්නේ... කිකලද මහසෙන් මරු ඇප වන්නේ... පින නම් නොපමාවම කර ගන්නේ... එහෙම අදහසක් තියෙනවා අහලා ඇති නේද? ඊළඟට තියෙනවා අප්පමාදෝ අමතපදං... පමාදෝ මච්චුනෝ පදං කියලා ධම්මපදයේ ගාථාවක්... ඒකෙනුත් කියන්නේ පමාවීම මරණයට හේතුවක් කියලා.. ඉතින් එහෙම අනුශාසනා කරන බුද්ධිමතුන් සඳහා තිබෙන ආගමක් අදහන අපි ඒ ගැන නොසලකා නිදහස ලැබීමෙන් පස්සේ හැමදාම අපි කළේ පමාවෙන ලකුණු හදමින් නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් සොයමින් සිටියා පමණයි. අන්තිමට 1948 නිදහස ගත්තු අවුරුදු දෙදාහක් ඉක්මවා අතීතයක් තියෙනවා කියන අපි 1972 බිහිවූ රටකිනුත් ණයට ගැනීමට තරම් නිවටයින් වුණා...
ravin Sunday, 14 May 2023 02:13 PM
අපේ අයියලා වාර්තාව ලබාදීම සඳහා පත්කරන ලද ආයතනය සම්බන්ධ ගිවිසුමකට එළඹිලා නැතිද? නැතිනම් හොරාකන අය එතැනදිත් උලා කාලාද? ගිවිසුමකට එළඹිලා නම් ප්‍රමාද ගාස්තු...?
fairoos Sunday, 14 May 2023 05:11 PM
ඇමැතිතුමාට ලැබෙන ගාණත් කිව්වොත් හොඳයි නේද?
de silva Sunday, 14 May 2023 08:24 PM
කුලියට ගත්තු ගුවන්යානා ටික අයිතිකරුවන්ටම බාරදීලා, මගී ප්‍රවාහන අංශය වසා දමලා, ලාභ ලබන බිම් මෙහෙයුම් අංශය කරගෙන යන්න. එහෙම බැරිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කර මේක විකුණා දමන්න. මේ විදිහට දිගින් දිගට පවත්වාගෙන යාමෙන් අමාරුවේ වැටෙන්නේ පුරවැසි අපි...!