IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දෙන්න යයි

(කාංචන කුමාර ආරියදාස)

පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා මෙම රජය කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු  සංගමය අද (09) ‍දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ මහතා කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය. මිනින්දෝරු සංගමය අද සහ හෙට (10) නිවාඩු දමා වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේම මිනින්දෝරු සංගමය දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් ය.

දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.

පසුගිය රජය ඇමරිකාව එක්ව මෙරට ඉඩම් මැනුම් ගත කිරීමේ ක්රියාවලිය සහිත ලේඛණයේ මුල් පිටුව හා රට පමණක් වෙනස් කොට එම කාර්යම සිදු කරන්නට යන බවත්, සිදු කරන්නට යන ක්‍රියාවලිය පිළිබධව මැනුම්පතිනිය වහා රටට හෙළි කළ යුතු බවත් අවධාරණය කළේය.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විෂයභාර අමාත්‍ය එස්.එම්. චද්‍රසේන මහතාට දුරකතන ඇමතුමක් ලබාගෙන මිනින්දෝරු සංගමය නගන චෝදනාව පිළිබඳව විමසීමේ දී කියා සිටියේ එවැනි දෙයක් තමා නොදන්නා බවය.

පසුව මාධ්‍ය හමුවේ වාඩිවී සිටි සභාපතිවරයාට දුරකථන ඇමතුම සම්බන්ධ කරදුන් අතර  දෙදෙනා අතර සාකච්ඡා වූයේ ඇමතිවරයා මේ බව නොදන්නා බවය. රටේ ඇති තත්වය සලකා බලා වැඩ කරන්නැයි අමාත්‍යවරයා මිනින්දෝරු සංගමයට අවවාද කරද්දි දිගින් දිගටම මිනින්දෝරු සංගමය කියා සිටියේ කාලයක් තිස්සේ සාකච්ඡාවක් ඉල්ලුවද එය නොලැබුණු බවය.

චන්ද්‍රසේන අමාත්‍යවරයා කියා සිටියේ තමන් ගෙන් එවැනි ඉල්ලීමක් සිදුකර නැති බවය. ඒ අනුව හෙට දින 11.00 ට සාකච්ඡාවට පැමිණෙන්නැයි අමාත්‍යවරයා එම සංගමයට මාධ්‍ය හමුවේදීම දැනුම් දුන්නේය.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීම කොරියානු සමාගමකට දෙන්න යයි

Demuni Uduwara Tuesday, 09 March 2021 06:25 PM

අපේ රට ද චීනය විසින් පවරා ගනු ඇත. මෙම අනුපාතයට අනුව එය ආසන්නයි.

:       0       1

Paala Tuesday, 09 March 2021 11:44 PM

ඔයාලා හොරා කකා අයිස් ගහ ගහ ඉන්නේ නැතිව හරියට වැඩ කරනවා නම් ඔහොම වෙන අයට දෙන්න වෙන්නේ නෑනේ...

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්
2024 දෙසැම්බර් මස 16 63 0

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.


මඩොල්සිම ඇකිරිය මාර්ගයේ ප්‍රදේශයේ නායයාමක්
2024 දෙසැම්බර් මස 16 56 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ


’’බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම’’
2024 දෙසැම්බර් මස 16 362 0

බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මියන්මාර කඳවුරේ සිටි තවත් 27ක් මව් බිමට
2024 දෙසැම්බර් මස 16 157 0

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය


ජනාධිපති - ඉන්දීය උප ජනාධිපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 16 103 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.


බලශක්ති ඇමති ජයකොඩි උපාධි සහතිකය පෙන්වයි
2024 දෙසැම්බර් මස 16 2158 1

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 205 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 209 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 103 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site