IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ පාමින් ඉන්නවා'

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසුව මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණ දී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙම ආර්ථික අර්බුදයට විවිධ හේතු බලපෑව ද ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් ප්‍රධාන හේතුව බවට පත්ව ඇතැයි කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා  ආර්ථික අර්බුදයට තනිව මුහුණ දීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තිබීම නිසා මිත්‍ර රටවල් සමඟ ඒකාබද්ධ ප්‍රතිපත්ති මාලාවකට පැමිණ කටයුතු කරන බවත් වැඩි දුරටත් කීය.



අදහස් (22)

'ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ පාමින් ඉන්නවා'

පිටිගල මිලානෝ Monday, 22 November 2021 01:42 PM

ලෝක හොරු ටිකක් රට පාලනය කරනකොට මෙහෙම නැතුව කොහොම වෙන්නද ආයිබෝන්....!

:       3       36

Hafeel Monday, 22 November 2021 01:50 PM

එහම වෙන්න බැහැ. ආණ්ඩුවට ඕනේ තරම් මුදල් තියනව කියලා කිව්වනෙ

:       3       35

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 November 2021 01:50 PM

ඔබතුමන්ලා වැනි උගතුන්, බුද්ධිමතුන් සිටියදීත්... මේ වැනි තත්ත්වයකට රට මුහුණපෑමට ලක්වීම ගැන ඔබතුමන්ලාත් වගකිව යුතුයි නේද? ඔබතුමන්ලා කොතරම් උගතුන් වුවද, උගත්කම, බුද්ධිමත්කම ප්‍රායෝගිකව යොදවා ඉන් සෞභාග්‍යමත් රටක් බිහිකිරීමට ඔබතුමාට ද නොහැකි වුණා. ඒ වුණාට කොයිකාගේත් කටේ තියෙන්නේ නම්, මේ පේනතෙක් මානයක නොමැති සෞභාග්‍යය යන වචනය තමයි. අර ජනාධිපති මාධ්‍ය අංශයෙන් පිළිගන්වපු පොතේත් තියෙනවා යැයි කියන්නෙත් ඔය සෞභාග්‍යයම නේද? ඒ විදිහේ එකක් තිබේ නම්, මෙහෙම ආර්ථික අර්බුදයක් තියෙනවා කියන්නේ කොහොමද? මේ දෙකෙන් කොයි එකද ඇත්ත..?.

:       1       25

sharm warnMonday, 22 November 2021 04:16 PM

ආර්ථික අර්බුදය හදන්න මුල්ගල තියද්දී වලක් හාරලා.., පාවඩ දාලා, වටේ පිඩැලි අල්ලලා, පස් බාල්දියයි, මේසන් හැන්දයි දෙනකොට මේ චතුරාර්ය සත්‍යය අවබෝධ වුණේ නැහැයිලු කියන්නේ... සැප වාහනෙන් ඉගිල්ලෙන්න බැරි වෙන පොට පෙනෙනකොටලු මොලේ කළඳක් වැඩකරන්න ගත්තයි කියන්නේ. පව් ඉතින් වලපයයි, ගොඩපයයි තියෙද්දී යන තැනකට කරගන්න දේවල් තමයි මේ...

:       0       0

sharm warn Monday, 22 November 2021 01:52 PM

ආ.. ඇත්තද? එහෙනම් කිව්වේ බොහොම සෞභාග්‍යමත් වසරක්යැ... ලංකාවේ ආර්ථික වර්ධන වේගය අච්චරකින් වැඩිවෙලා, මෙච්චරකින් වැඩිවෙලා කිය කිය... බයිලා ගැහුවේ? ඒ ලංකාව ගැන නෙමෙයිද? වෙන රටක්ද? ඔහෙලා ඔක්කොම ගෙවන්න ඕනේ මේ කරපු සහ කරන පව්...

:       2       21

indika Monday, 22 November 2021 02:00 PM

ඕන අභියෝගයකට මූණ දෙන්න හැකියාව තියෙනවා කියලා නේද කට්ටිය ආවේ...?

:       2       33

ravin Monday, 22 November 2021 02:03 PM

ඔහේ වැඩිය උඩුබුරන්න එපා. මොල හතා ඒවා විසඳාවි...

:       2       34

මසිරිපාල Monday, 22 November 2021 02:11 PM

රට ගැන නොසිතා නම පැවතීමට විවිධ ව්‍යාපෘති ණය මත ඉටුකලේ ආදායම් ගැන නොසලකාය .එකක් කඩතොලු වසා ගන්නට දෙකක් කඩතොලු හදාගත්තයි ඉදුරුවේ ආචාරියා කිව්වෙ 2009ත් 2015 අතර කාලේ කලා වගේ වැඩවලට කියන්න පුළුවන් කොහොමද හිටපු රජතුමාගේ වැඩ

:       2       23

Hafeel Monday, 22 November 2021 02:15 PM

මේක තවත් පුස් කතාවක්. ජාත්‍යන්තර මට්ටමේ බලපෑම් ප්‍රධාන හේතුව නම්, බංගලාදේශය කොහොමද අපිට ණය දුන්නේ? ඔවුන්ට මේ ප්‍රශ්න බලපෑ නැද්ද? මිත්‍ර රටවල් සමඟ ඒකාබද්ධ කටයුතු කරනවා නම්, මේ අවස්ථාවේ අපිට උදව් කරන්න එපයි. එහම එන්නේ ඉන්දියාව, චීන, ඇමරිකාව උදව් කරන මුවාවෙන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. ජාත්‍යන්තර දිනන්න නම්, රාජතාන්ත්‍රික පළපුරුදු නිලධාරීන් තානාපති සේවාවලට පත් කල යුතුයි. නමුත් අද තානාපති සේවා සේරම දේශපාලකයන්ගේ දු පුතුන් ආක්‍රමණය කරලා.

:       0       0

සෙනෙවිරත්න Monday, 22 November 2021 02:23 PM

කරන්නකෝ අපට කිය කිය කිය ඉන්නෙ නැතිව. තමුන්නැහැ නේ විදේශ ඇමති.

:       0       0

kamal Monday, 22 November 2021 02:27 PM

කටු ගේ ඉතුරු වෙලා තියන තොරොම්බල් ටිකට කීයක් ගන්න පුළුවන් වෙයිද?

:       2       21

යෝගා Monday, 22 November 2021 02:51 PM

පුද්ගලික අංශයට අයිස් ගහන රාජ්‍ය සේවයේ බර කරගහන්න වෙලා තියෙන එකත් මේ පිරිහීමට හේතුවක්

:       5       21

ruwan Monday, 22 November 2021 03:04 PM

මහජන මුදල් සූරන් කෑවේ අපිද .වගකිවයුත්තෝ අපිද. ගොන් තීන්දු තීරන ගත්තේ අපිද බොල?

:       1       20

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 22 November 2021 03:08 PM

රටවල් ගොඩනගන්න නම් නිර්මාණශීලි වෙන්න ඕන...මිනිස්සුන්ට සහනාධාර දීල කවදාවත් රටවල් ගොඩනගන්න බැ...ඒ වගේම තමා අකාර්යක්ෂම දුෂිත රාජ්‍ය සේවයක් ඇත්නම් එවන් නිළධාරීන් සහ එවන් පාලකයන් ඇත්නම් එහෙම රටවලුත් කවදාවත් ගොඩනගන්න බෑ...රජයක් කල යුත්තෙ රටක කුඩා සහ මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් නගා සිටුවීම...එසේම සහනාධාර මත ජිවත් වන දිලිදු ජවතාව නිෂ්ාධන ආර්ථකයකට යොමු කිරීම...ඔවුන්ගෙ නිෂ්පාදන සදහා හොද ජාත්‍යන්තර වෙළදපොලක් සකසා දිම...මේ දේවල් වලින් තමා රටක් ආර්ථකව ගොඩනැගෙන්නෙ...

:       1       22

sharm warnMonday, 22 November 2021 03:39 PM

ඇයි චමින්ද? ලංකාවේ තියෙන්නේ බොහොම කාර්යක්ෂම, නිර්මාණශීලී සහ ඉදිරි දැක්මක් තියෙන පාලනයක් කියලද හිතන් ඉන්නේ? ඔය කියලා තියෙන, නැති දේවල් සේරම දකින්න තියෙන හොඳම රට තමයි අපේ රට... අපිටත් හයිටියේ මිනිස්සුන්ට වගේ මැටි රොටි කන්න වුණේ නැතිනම් ඇති මේ යන තාලෙට...

:       1       9

සුසිල් කුමාරMonday, 22 November 2021 06:10 PM

එක් සුලු නගරයක උදේ කාලයේ ටෝච් අල්ලමින් උඩ බලමින් සිටින පිරිසක් කිව්වලු අපිට පස් කන්න වුණත් පොහොට්ටුව අත් හරින්නේ නැහැ කියලා..

:       0       2

wahaldeepe Monday, 22 November 2021 03:26 PM

මහාචාර්ය... මෙච්චර කල් මොලේ උඩ වාඩිවෙලාද හිටියේ..?

:       1       18

විපරමා Monday, 22 November 2021 04:00 PM

හරියට අපි කරපු දේවල් වගේනේ? මේවාට වගකියන්න ඕනේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ.. හොරකම, වංචාව, දූෂණ, නාස්තිය, නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු අය මිස වෙන කවුද? දූෂිත පවුල් පාලනේ අය විතරක් බොරු සෝබන වැඩවලට කොයිතරම් මහජන මුදල් කන්දරාවක් කාබාසීනියා කරන්න ඇත්ද?

:       0       0

de silva berlin Monday, 22 November 2021 04:06 PM

ජර්මනියේ ජනතා සේවකයෝ පාපැදි සහ පොදු ප්‍රවාහන සේවයෙන් පාර්ලිමේන්තු එනකොට අපි බෙන්ස් එකෙන් ගමන්බිමන් යනවා. ලංකාවට කාලෙකින් ආවේ නැති නිසා ඇත්ත තත්වය කාලෙකින් දැක්කේ නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. ජනතා සේවකයෝ ජනතා මුදලින් පෙට්‍රල් ගහගෙන වී08 ප්‍රාඩෝ වල ගමන් කරන රටක ජනතාව රෝල්ස් රොයිස්වලවත් යන්න ඕනේ...

:       0       0

ගමේ එකාලා Monday, 22 November 2021 04:09 PM

හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය වගේ පවුල් පාලනේ අයගේ නම්වලට, දේශපාලුවන් යටිමඩි ගහලා පුරෝගත්තු ගිණුම් ඕනෑ හැටියේ මුදල් ඇතිනේ... ආර්ථික අර්බුදය අපි කරපුවද..? අලි බබා සහ හොරු හතළිහගේ වැඩ..!

:       0       0

පිටරැටියා Monday, 22 November 2021 04:41 PM

ඒ කාලේ කියාපු විදියට අපි හිතුවේ ආසියාවේ ආශ්චර්යය කරලා ඇති කියලා...

:       1       10

ගමේ එකාලා Monday, 22 November 2021 08:13 PM

කිසිම ආර්ථික දැක්මක්, කළමනාකරණයක් නැති බලය සහ පැවැත්ම ගැන පමණක් හිතන දූෂිත දේශපාලුවන් ඉන්න රටක්.., වෙනත් රටවල් දිහා දැක්කාම වෙනස පේනවා ඇති නේද? මහාචාර්යතුමෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 25 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 264 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 222 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 474 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 584 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 81 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26362 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 378 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site