IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘

(ජමිලා හුසේන්) 

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය.

චීනය ශ්‍රී ලංකාව පිළිබඳ දරන ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති හමුවකදී චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අනෙක් රටවල උදව් අවශ්‍ය බවට ඇතැම් පාර්ශ්ව ශ්‍රී ලංකා බලධාරීන්ට ඒත්තු ගන්වා ඇති බවත් එය නිවැරදි නොවන බවත් තානාපති චෙන්හොන්ග් මහතා එහිදී පැවැසුවේය.

ශ්‍රී ලාංකිකයන් තමන් පිළිබඳ ආත්ම විශ්වාසයක් ගොඩ නගාගත යුතු බවත් චීනය වැනි මිත්‍ර හවුල්කරුවන් සමග සබඳතා දැඩි කර ගැනීමට අවධානය යොමුකළ යුතු බවත් චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නොමැති බවත් ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් වීමටත් විදෙස් රාජ්‍යයන්ගෙන් එල්ල වන පීඩනයට ඔරොත්තු වීමටත් සිය සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි චීනය දැඩිව විශ්වාස කරන බවත් චෙන්හොන්ග් මහතා පැවැසුවේය.

නව රජයක් පත්කර ගැනීමත් සමග ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයක් ආරම්භ කළ බවත් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ චීනයට දැඩි විශ්වාසයක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

චීන පර්යේෂණ නෞකාවලට මෙරට මුහුදු තීරයට අවතීරණ වීමට අවසර ලබාදෙන ලෙස චීනය කළ ඉල්ලීම පසුගිය රජය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතාවය පළුදු වූ බවද චීන තානාපතිවරයා පැවැසුවේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි සබඳතාවයක් තිබියදී පසුගිය රජය එවැනි ස්ථාවරයක් ගැනීම කළකිරීමට හේතුවක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ ඉල්ලීමට මාලදිවයින රජය අවසරය ලබාදුන් බවද චීන තානාපතිවරයා පැවැසුවේය.

ශ්‍රී ලංකාවට කිසිදු ලාභයක් නොමැති නමුත් විශාල මුදලක් වැයවූ ව්‍යාපෘති සඳහා චීනය මුදල් යොදවා ඇතැයි ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කළත් චීනය එම ව්‍යපෘතිවලට මුදල් යෙදවූයේ පසුගිය රජයන්ගේ ඉල්ලීම මත පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය රජයන්ගේ ඉල්ලීම් පරිදි චීනය එම විශාල මුදලක් වැයවූ ව්‍යපෘතිවලට චීනය මුදල් යොදවන විට එම ව්‍යාපෘතිවලින් ලාභ ලබා ගැනීමට ඉල්ලීම් කළ රජයන් දැනගත යුතු බවද චෙන්හොන්ග් මහතා පැවැසුවේය.

 



අදහස් (12)

‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘

මැක්ස් Friday, 29 November 2024 09:30 PM

අරගල සමයේ සිට පැලවත්ත කාර්යාලයට නිතර යනෙන ජුලී නෝනා දැන් මෙරට නිල නොවන ලොක්කීය. ඉන්දියාව ද මෙරටට තම හයිය පෙන්වයි. එන්පීපීය යනු රූකඩ පරිපාලනයකි. චීනය කවදත් අපේ හිතවතෙකි. යහපාලකයින් සේම පුනරුද යුගකාරයින් ද චීනයට කෙණහිලිකම් කරන්නෝය..

:       10       6

පිටරටවැසියා Saturday, 30 November 2024 12:03 AM

අනිත් රටවල මිනිස්සුන්ට තේරෙන ටික, ලංකාවේ හිටපු පාලකයින්ට නොතේරුණු එක තමයි කරුමේ... හිටපු පාලකයින්ට තේරුණු එකම දේ, රටට එක හොඳ දෙයක් කරනකොට, ඔවුන්ට සියයක් කරගන්න එක විතරයි. දැන්වත් රටත්, ජනතාවත් ටික-ටික ඔළුව උස්ස ගත්තොත් ලොකු දෙයක්...

:       2       4

Deepal Saturday, 30 November 2024 03:33 AM

ඔලුව අතගාල ටොක්ක අනින්න හදන්නේ...

:       4       3

pj Saturday, 30 November 2024 03:42 AM

චීනය දැන් හොඳයි නේද? චීන පර්යේෂණ නවතලාත් දැන් ලංකා මුහුදට එන්න පුළුවන් වේවි. එතකොට ඉන්දියාව කකුල්දෙක අස්සේ ඔලුව හංගගෙන හැංගේවි නේද?

:       4       3

Shelton Saturday, 30 November 2024 05:43 AM

චීනා හදන්නේ අපේ රටේ නායකයින් ගොනාට අන්දවලා ආර්ථික වර්ධනය වෙනුවෙන් බටහිර රටවල්, IMF, ලෝක බැකුව, ආසියානු සංවර්ධන බැකුව වැනි ආයතන වලින් ගතහැකි උදව් නැති කරලා රට ආර්ථික වශයෙන් විනාශ කරලා චීනාගේ ගිනි පොළි උගුලට රට හිර කරගන්න රාජපක්ෂ වරුන්ගේ කාලයේ කළා වගේ. දියුණු වෙන්න උත්සාහ කරන සෑම රටකටම චීනා දෙන ලණුවක් ඕක...

:       5       6

Lalla Sunday, 01 December 2024 08:49 AM

අපේ නායකයින් කියලා මිනිස්සු හොරුන්ට ඡන්ද දුන්නාට චීනය පලි නෑ නේද? ඒ හොරුන්ට ඔවුන්ට තේරෙන විදියට සංවර්ධනය වුණා. ඡන්ද දුන්නු අයට පුන්නක්කු වෙනුවට ඵලක් නැති සංවර්ධනය පෙන්නුවා. අධිවේගී මාර්ග වරාය වගේ දේවල් වෙන රටවල හදන්නේ තම රටේ ධනය යොදාගෙන... අනික ණය අරගෙන සුභසාධන වැඩ කියලා නිකමුන්ට සල්ලි බෙදලා කවදාවත්ම රටක් ගොඩනැගීම බෑ...

:       0       0

බකල ජයා Saturday, 30 November 2024 07:20 AM

එතකොට තායිවානෙ?

:       5       6

යෝගා Saturday, 30 November 2024 07:20 AM

කොටි ඩයස්‌පෝරාවට නම් හිස නවලා කකුල් ලෙවකාලත් ඉවරයි...

:       3       8

බකල ජයා Saturday, 30 November 2024 07:23 AM

එතකොට ශ්‍රී ලංකාව කොන්ඩේ කපන්න ගියාමත් ඕනෑ නැද්ද?

:       3       3

ලුම්බිණි Saturday, 30 November 2024 07:32 AM

ඔයා කියනකම් අපි දැනගෙන හිටියේ නැහැනේ...

:       3       4

සිල්වා Saturday, 30 November 2024 09:56 AM

ඔබතුමා මොනවා කීවත් අද අප රට බංකොළොත් වීමට ඵලක් නැති චීන ආයෝජන බව අප අත්විඳිමින් සිටින්නෙමු. එක් උදාහරණයකට මත්තල ගුවන්තොටුපල.. වසරක අලාභය බිලියන තුනයි...!

:       4       8

Mahesh Saturday, 30 November 2024 12:27 PM

චීනත් බයවෙලා ඉන්නේ. තවදුරටත් ඔවුන්ගේ ණය උගුලට ලංකාව අහුවෙන්නේ නැතිවෙයි කියලා. චීන නැව් එන්නේ නිකන් නෙවෙයි. ඔවුන් ඉන්නේම ඉන්දියාවේ තොරතුරු ටික ගන්න. චීන පරීක්ෂණ ලංකාවට ආවොත් ඒක අනිවාර්යයෙන්ම ඉන්දියාව සමග තියෙන හොඳ හිත පලුදු වෙන්න බලපානවා නිසැකයි.

:       6       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 16 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 153 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 159 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 524 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 556 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1272 8

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site