(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23 දා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා රජය දැනුවත් කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාස 48 ක් තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීම සඳහා ඉකුත් 1 වැනිදා ශ්‍රී ලංකා රජය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවයකට පැමිණියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹී එකඟතාවය පිළිබඳ සහ ආර්ථිකයේ ඇති වූ වර්ධනයන් පිළිබඳව එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකාව තම බාහිර ණය හිමියන්ව මාර්ග ගතව දැනුවත් කරනු ඇතැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නීති උපදේශන කටයුතු සඳහා ශ්‍රී ලංකාව සේවය ලබා ගත් ක්ලිෆර්ඩ් චාන්ස් නීති සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින් මෑතකාලීන සාර්ව ආර්ථික වර්ධනයන්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ පැකේජයේ අරමුණු සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව ණයහිමියන් යාවත්කාලීන කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පැවසුවේය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය, ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් ගේ කැමැත්ත පෙන්වන සහතිකයක් ලබා ගැනීමට සිදුව ඇත.
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආර
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාව ණය දුන් රටවල් සමග 23 සාකච්ඡා කරන්න යයි