IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) අක්තපත්‍ර ප්‍රදානය කළේය.

අක්තපත්‍ර බාර දීමෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදි ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා ජනතාවට පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පිරිනැමීය.

දෙරටේ සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පාකිස්තාන අභිලාෂ ගැන ද ඔහු එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය.

මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ඔහුට සාර්ථක ධූර කාලයක් සඳහා සුබ පැතුම් එක් කළේය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මද් සාද් ඛට්ටක් මහතා පාකිස්තානය තුළත් ඉන් පිටත් විවිධ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇති අතර වසර 35ක වෘත්තීය පළපුරුද්දක් ඇත්තෙකි.

හෙතෙම ප්‍රංශ හමුදාවේ කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලව, එක්සත් රාජධානියේ ආරක්ෂක බුද්ධි අධ්‍යක්ෂ පාඨමාලාවත් හදාරා ඇති අතර ක්වේටා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සහ ඉස්ලාමාබාද් හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධි හදාරා ඇත.

ඔහු දේශපාලන විද්‍යාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හා ජාත්‍යන්තර සබඳා පිළිබඳ දර්ශනපති උපාධියක් ද හිමි කරගෙන ඇත.

අක්තපත්‍ර බාරදීමේ අවස්ථාවට විදේශ සබඳතා දිනේෂ් ගුණවර්ධන සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ නව මහ කොමසාරිස්වරයාගේ බිරිඳ  ද එක්වූහ. 

055



අදහස් (0)

ශ්‍රී ලංකාවේ නව පාකිස්තාන මහ කොමසාරිස් ජනපතිට අක්තපත්‍ර බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නැගෙනහිර පහළු පර්යන්තයේ මාර්ග සැලැස්ම වෙනස් කරලා
2025 පෙබරවාරි මස 13 8 0

කොළඹ වරායේ නැගෙනහිර පහළු පර්යන්තයේ නව මාර්ග සැලැස්ම අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීමෙන් අනාගතයේ දැවැන්ත අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි නිසා එම මාර්


කොකේන් ගන්න ආ බුද්ධි එස් අයි අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 13 153 0

යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව ම


අද කාලගුණය
2025 පෙබරවාරි මස 13 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑස


‘කොළඹ නවම් මහා පෙරහැර’ වීදි සංචාරය කෙරේ
2025 පෙබරවාරි මස 12 319 0

කොළඹ ආලෝකමත් කරමින් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 46 වැනි වාර්ෂික ‘කොළඹ නවම් මහා පෙරහැර’ අද (12) රාත්‍රී වීථි සංචාරය කළේය.


බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
2025 පෙබරවාරි මස 12 1995 1

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි


කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප
2025 පෙබරවාරි මස 12 994 0

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 128 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site