(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 175 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කය හඹාගිය එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ඕවර 39 කදී ලකුණු 180 කට සීමාවිය.
වනිඳු හසරංග දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය පහසු කිරීමට සමත් විය. කුසල් මෙන්ඩිස් පන්දු 63 කදී හතf් පහර 10 කින් සමගින් ලකුණු 78 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. එමිර් රාජ්‍ය පිලේ නායක මොහොමඩ් වසීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 355 (පැතුම් නිස්සංක 57, දිමුත් කරුණාරත්න 52, කුසල් මෙන්ඩිස් 78, සදීර සමරවික්‍රම 73, චරිත් අසලංක නොදැවී 48, වනිඳු හසරංග නොදැවී 23, අලී නසීර් 44/2) එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ඕවර 39 කදී සියලු දෙනා දැවී 180 (මොහොමඩ් වසීම් 39, වී. අරවින්ද් 38, රමීද් ශසාද් 26, අලී නසීර් 34, වනිඳු හසරංග 24/6)
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකව ලකුණු 175 කින් එමිර් රාජ්‍ය පරාජය කරයි