සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනයල LMO සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහිල අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය.
මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතරල එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකිග දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.
ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපීපෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනාගැනීමට නෙස්ටොමෝල්ට් සන්නාමයට හැකිවිය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතරල ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට දල ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය.
අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමයට බවට පත්වීම අපට විශාල ගෞරවයක්ග මේ හරහා උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන පිළිගැන්වීමටත්, සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් පිරිනැමීමටත් අප සතු කැපවීම පෙන්නුම් කරන අතරම, අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සතු විශ්වාසය සහ ළබැඳියාවත් මැනවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම අපගේ සන්නාම හතරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට පත්වීම පිළිබඳවත් මම බොහෝ සේ සතුටු වෙනවාග මේ සෑම සන්නාමයක්ම ගොඩනැංවීම සඳහා අපි විශාල පරිශ්රමයක්ල උනන්දුවක් සහ කැපවීමක් සිදුකොට තිබෙනවාග එවන් පසුබිමක ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ පාරිභෝගිකයන් සහ අපගේ සන්නාම අතර ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟී තිබෙනු දක්නට ලැබීම මහත් සතුටක්ග මෙවැනි බුහුමුන් මගින් විශිෂ්ටත්වය සඳහා අප සතු කැපවීමට ලැබෙන්නේ මහත් දිරියක්ග අපි ඉදිරියටත් නව්‍යතාව තුළින් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ටල ප්‍රජාවට මෙන්ම පරිසරයටත් ධනාත්මක දායකත්වයක් ලබාදෙනවා, යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන් මහතා ප්‍රකාශ කළේය.
595
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය නෙස්ලේ