IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශ්‍රී ලංකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබයි

(යොහාන් භාසුර)

සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගය ලෙස බුලවායෝහිදී අද පැවති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 133 කින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 326 ක ඉලක්කය හඹාගිය අයර්ලන්ත පිල ඕවර 31 කදී ලකුණු 192 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මෙම තරගාවලියේදී පිට පිටම දෙවැනි වරටත් සාර්ථක වූ වනිඳු හසරංග ලකුණු 79 කට කඩුලු 5 ක් දවාගනිමින් ජයග්‍රහණය පහසු කළේය.

දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 168 ක සම්බන්ධතාවත් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

දිමුත් කරුණාරත්න පන්දු 103 කදී හතරේ පහර 8 ක් මගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත් වූ අතර එය දිමුත්ගේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය වේ.

සදීර සමරවික්‍රම පන්දු 86 කින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ස්කොට්ලන්තයට එරෙහිව ලබන අඟහරුවාදා (27 වැනිදා) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලකා පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 325 (පැතුම් නිස්සංක 20, දිමුත් කරුණාරත්න 103, සදීර සමරවික්‍රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා නොදැවී 42, බර්නි මැකර්ති 56/3, මාර්ක් අදයිර් 46/4, ගැරත් ඩෙලනි 52/2) අයර්ලන්ත පිල ඕවර 31 කදී සියලු දෙනා දැවී 192 (හැරී ටෙක්ටර් 33, කුර්ටිස් කැම්පර් 39, වනිඳු හසරංග 79/5, මහීෂ් තීක්‍ෂණ 29/2)

 



අදහස් (0)

ශ්‍රී ලංකාව ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1097 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1951 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 660 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1812 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 941 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 4056 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 397 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site