ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පැවසීය. දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා කීය.
අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී මේ බව ප්‍රකාශ කළේය.
මෙම සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.
ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්රමුඛත්වයක් දෙන බව පැවසීය. සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්රයක් බවත්, විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බවත් රාජ්‍ය ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.
“විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළව උදව් කරන්න සූදානම්
siri Wednesday, 28 October 2020 12:16 PM
ඔය නොකියා කියන්නේ අර මිලියන 480 ගැනනේ. මේ මහත්තයා ඩොලර් මිලියන 500 ක ආධාර මුදලක් දීලා එයින් මිලියන 20ක් කොරෝනා වැඩට ගන්න කියල තමා යෝජනා කරන්න යනවා කියන්නේ. එතකොට ඉතිරිය හරියටම එම්සීසී ඩොලර් මිලියන 480 වගේ නේද පෙනෙන්නේ. ඔය සල්ලි ගන්න කලින් චීන තානාපති උන්නාන්සේගෙනුත් අහල බලන්න වෙයි මගේ හිතේ.
asankaWednesday, 28 October 2020 03:56 PM
ඩොලර් ට්‍රිලියන 21 ක ආර්ථිකයකට මිලියන 480 යනු සාගරයට වැටෙන දිය බිඳක් වැනිය. එම්සීසී ඉල්ලා සිටින්නේ ලංකාවේ රජයෙනුයි. ඇමෙරිකාව එම්සීසී අපට බලෙන් පටවන දෙයක් නොවේ. ඒ පිළිබඳව විරෝධයක් තිබේ නම් එය ලංකාවේ රජයත් සමග විසඳා ගත යුතුයි.
kinkianm Wednesday, 28 October 2020 12:35 PM
අපේ අයට චොකලට් ගෙනාවද.?
prabha Wednesday, 28 October 2020 01:38 PM
කෝ මේ ඇමරිකන් විරෝධය.?
BamunuarachchiThursday, 29 October 2020 08:33 AM
හතුරෙක් උනත් සිනහ මුහුණෙන් ගෙදරට එනවානම් එයාට විරෝදය දැක්වීම සිංහලයාගේ ගතිය නොවෙයි.
BamunuarachchiMonday, 02 November 2020 12:26 PM
ඩිස්ලයික් දාලා තියෙන්නේ කවුද.?
බද්රානි Wednesday, 28 October 2020 02:07 PM
අපේ අප්පුලාට ඔබතුමාලා දෙන ආධාර වලට වඩා චීනේ ගිනි පොලි ණය වටිනවා මහත්තයෝ.. ඒ ණය හොරා කෑවා කියලා හොයලා බලන්න කවුරුවත් නැහැනේ? ඒ වගේද ඔබ තුමාලගේ ආධාර ලබාදුන්නට, ඒවා හරියට වෙනවද බලන්න දහසකුත් කොන්දේසි? වැඩ වලට වඩා අපි පුරුදුවෙලා ඉන්නේ හොරකම් නරඹන්නයි මහත්තයෝ.
බම්බුආරච්චි Wednesday, 28 October 2020 02:50 PM
රටට ලැබෙන්න යන සහන ටික වලක්වන්න සජිත්, අනුර නටන්නේ.
ශාක්‍යවංශිකWednesday, 28 October 2020 04:20 PM
බමුණෝ නිරෝධායනය වෙලාවත් බලන්න. ඔය වහල් අන්දමානය සුවවෙයිද කියලා
BamunuarachchiThursday, 29 October 2020 12:56 PM
ඒ බමුණුආරච්චි වෙනයි මේ Bamunuarachchi වෙනයි.
BamunuarachchiThursday, 29 October 2020 01:03 PM
ඔන්න අනුර කුමාර මාර සහතිකයක් දෙනවා සජිත්ට මේ වටිනා රාජ්‍යතාන්ත්‍රික සාකච්චාවකට ඇවිත් ඉන්න වෙලාවේ සජිත් කියනවා හමුදාපති ශවෙන්ද්‍ර මහතාට ඇමරිකාව දාලා තිබෙන බාදක ඉවත් කරන්න ඉල්ලන්නලු. හැබැයි ඔහු ජනාධිපති වෙලා සිටියානම් ඉල්ලන්නේ ඕව තමා. එකනේ මම කියන්නේ සජිත් රාජ්යනායකයෙක් වෙන්න සුදුසු නැහැ කියලා.
Bamunuarachchi Thursday, 29 October 2020 01:56 AM
අර උඩම පොටෝ එකේ පෙනෙන්නේ පොම්පියෝ එම් සි සි ගිවිසුම අත්සන් කරන එක වෙන්න ඇති නේද අම්මප?
Perera Thursday, 29 October 2020 03:59 AM
ණය අතින් නම් හොඳ හැටි සංවර්ධනය වෙලා තියෙන්නේ දැනටමත්.
BamunuarachchiThursday, 29 October 2020 08:27 AM
නැතුව යුද්දෙට වියදම් කලේ, දකුණු අධිවේගී මාර්ගය කලේ, නොරෝච්චිකොලේ විදුලි බලාගාරය කලේ, මත්තල ගුවන් තොටුපල කලේ, හමබන්තොට වරාය කලේ, ලංකාවේ පාරවල් කාපට් කලේ, පාසල්වලට විද්‍යාගාර හැදුවේ. හලෝ ඒ අවුරුදු 8-10 ව්‍යාපෘති 35 පම කළා. අමු කුහකයෝ වෙන්න එපා ලොක්කන්ට කොමිස් ලැබෙන්න ඇති එක වෙනම කතාවක්. යහපාලක හැත්ත අවුරුදු 5 බිලියන 7 රට ණය කලේ රටට මොනා කරලද?