IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්

 

(තිළිණි ද සිල්වා සහ ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මෙම ගිවිසුම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට අග්‍රාමාත්‍ය ශේයික් හසීනා මහත්මිය ඉදිරියේ අත්සන් තැබිණි.

ඒ තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරියේෂණ, වෘත්තීය දැනුම හුවමාරු කරගැනීම, සෞඛ්‍ය හෙද කාර්ය මණ්ඩල පුහුණුකිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහන් සඳහා මෙලෙස දෙරට අතර අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා ඇත.

ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්විමට අග්‍රාමාත්‍යවරුන් අතර ප්‍රථම හමුව පැවැත්වුණේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වන අතර මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා  බංග්ලාදේශ අගමැතිනියට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහිදී ආර්ථික, ආයෝජන, වෙළෙඳ, තාක්ෂණ, කෘෂි සහ ධීවර කර්මාන්තය හා දේශපාලන සබඳතා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

බංග්ලාදේශ අගමැතිනිය මෙහිදී පවසා ඇත්තේ, සාක් සංවිධානයේ කොවිඩ්-19 හදිසි අරමුදල යටතේ වසංගතය පාලනය කිරීමට අදාළ වෛද්‍ය උපකරණ තොගයක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන බංග්ලාදේශ වි ප්‍රභේද ලබාදීමටත් මිරිදිය කර්මාන්තය දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමටත් එකඟත්වය පළකර තිබේ.

තවද, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සහ මිනිස් ජාවාරම මැඩලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවද දෙරට එකඟතාවක් ඇතිකරගත් බවය.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා සඳහා 2022දී වසර 50ක් සම්පූර්ණ වීම හා ඒ ඔස්සේ පුළුල් දේශපාලන සබඳතාවක් ශක්තිමත් කරගැනීම පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු වි තිබේ.

 



අදහස් (3)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් හයක්

Senaka Saturday, 20 March 2021 03:40 PM

ආයෝජන කියනකොට තමයි බය හිතෙන්නේ...!!!

:       0       0

Sanka Sunday, 21 March 2021 02:22 AM

දැන් අපි බංග්ලාදේශයෙනුත් කොවිඩ් ආධාර ගන්නවා... ආඩම්බරයි...

:       0       0

fairoos Sunday, 21 March 2021 07:11 AM

හා හා බංගලියෝ අපිට ණය වෙනවලු. නියමයි සර්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 131 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 16 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 80 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 138 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 55 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 323 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1316 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site