(යොහාන් භාසුර )
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හිදී අද (4) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 3 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 203 ක් රැස්කළේය.
බංග්ලාදේශ පිලට ජයග්‍රහණය සඳහා දසුන් ශානක යැවූ ඉනිමේ අවසන් ඕවරයට ලකුණු 12 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු දෙකක් දවාගනිමින් ලකුණු 8 ක් පමණක් ලබාදුන්නේය.
ටස්කින් අහමඩ්ට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 5 ක් රැස්කිරීමට සිදුවූ අතර දසුන් එම පන්දුවට ලකුණක් පමණක් දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය දක්වා රැගෙන ආවේය.
ජකීර් අලී පන්දු 34 කින් රැස්කළ ලකුණු 68 තරගය වෙනස් කළ අතර ඔහුගේ ලකුණු 68 ට හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් ඇතුළත් විය.
ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යැවූ ඕවර හතරට බංග්ලාදේශ පිල ලකුණු 56 ක් එකතු කරගත් අතර එහිදී මතීෂ වයිඩ් පන්දු 9 ක් සහ නිපන්දු 3 කින් අතිරේක ලකුණු 12 ක් පිරිනැමීම ශ්‍රී ලංකා පිලට දැඩි පාඩුවක් විය.
ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පිලට අතිරේක ලකුණු 19 ක් පිරිනැමීම තරගයේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.
පන්දු 21 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 3 ට 206
(කුසල් මෙන්ඩිස් 59, කමිඳු මෙන්ඩිස් 19, සදීර සමරවික්‍රම නොදැවී 61, චරිත් අසලංක නොදැවී 44)
බංග්ලාදේශ පිල ඕවර 20 කදී කඩුලු 8 ට 203
(නජ්මුල් හොසේන් සන්ටො 20, මහුමුදුල්ලා 54, ජකීර් අලී 68, මෙහෙදි හසන් 16, ඇන්ජලෝ මැතිව්ස් 17/2, බිනුර ප්‍රනාන්දු 41/2, දසුන් ශානක 36/2)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්