(යොහාන් භාසුර)
රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
උසස් වීම් දුන්න ද අදාල නිලධාරීන් නව දෙනාගේ වැටුප් ඉහළ නොදැමූයේ යැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලධාරීන් වරාය හා ගුවන් සේවා අමත්‍යංශයට දැනුම්දී තිබුණ ද මාසිකව රුපියල් ලක්‍ෂ 30 කට ආසන්න මුදලක් ඔවුන්ට දීමනා ලෙස ගෙවා ඇති බව කියන වෘත්තිය සමිති අදාල උසස්වීම් ද ශ්‍රීලන්කන් ගුවන් සේවයට වර්තමාන අවශ්‍ය නොවන ඒවා බව ද සඳහන් කරයි.
එම උසස්වීම්වලින් අදාල නිලධාරීන් නව දෙනාගෙන් මූලික වැටුප ඉහළ නොදැමුව ද වෙනත් දීමනා ඉහළ දමා ඇති බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය රජයේ නීති රෙගුලාසි කඩකර ඇති බවත් වෘත්තිය සමිති පවසයි.
මෙම උසස්වීම් සහ දීමනා පිළිබඳව පරීක්‍ෂණවක් පවත්වා පාලක මණ්ඩලය කර ඇති වැරැද්ද නිවැරදි කරන ලෙස වෘත්තිය සමිති වරාය හා ගුවන් සේවා අමත්‍යංශ නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් මීට පෙර ඉල්ලීමක් කළ ද පරීක්‍ෂණයක් නොපැවැතුණු බව කියන වෘත්තිය සමිති හැකි ඉක්මණින් පරීක්‍ෂණයක් පවත්වා සාධරණය ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කරයි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා
ලුම්බිණි Wednesday, 25 January 2023 02:57 PM
මේක දැන්වත් විකුණලා දාන්න.
Pavithra Wednesday, 25 January 2023 03:08 PM
ශ්‍රී ලංකාව හොඳ විදෙස් රටකට විකිණිය යුතුයි... ගුවන් යානය ඇතුළේ සේවකයින් හරිම අකරුණාවන්තයි... සැලකිල්ල සුද්දන්ට පමණයි.
Ajantha Wednesday, 25 January 2023 04:31 PM
Me deval gana hoyala balanne kauruth na. Houanna bale thiyena un muntath vada horu
Bandula Wednesday, 25 January 2023 05:36 PM
ශ්‍රී ලන්කන් එකේ උපරිම පඩිය මාසෙකට ලක්ෂ 3කට ගේන්න. මේකෙ අවුරුදු 20 කට කළින් වැඩකරපු අයත් තාම නිකන් ටිකට්වලින් පවුල් පිටින් යනවා. මොවුන් නවදෙනාගේ පඩිය සොයන්නම අඩුම ගණනේ ප්ලේන් 2-3ක් තියෙන්න ඕනෑ. මොවුන් හරියට වැඩකරන්නේ නැති නිසා තමයි මේක ලොස්වෙලා තියෙන්නේ...