(ෂේන් සෙනෙවිරත්න)
දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම අමෙරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
ඇමරිකානු ඩොලර් 265,000 ක එක්සත් ජනපද තානාපති අරමුදල මගින් (රුපියල් මිලියන 77ක්) එම නවීකරණ කටයුතු සිදු කෙරුණි.
මෙම රජවාසල සෙංකඩගල රාජධානිය ආරම්භ වූ 1473 වසරේ සිට 1815 අවසන් රජු දක්වා රජවරුන් දොළොස් දෙනකු භාවිතා කොට ඇති බව ඉතිහාසයේ සඳහන්ය.
එම රජමාලිගය තුළ ස්ථාපිත කොට ඇති කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත කිරීම අද (11) සිදුකෙරුණ අතර එම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සහභාගි වූහ.
2021 වසරේදී ඇමෙරිකානු ආධාර ඇතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි සංරක්ෂණ කටයුතු සිදුකෙරුණි.
නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් ප
පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම
ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි මහනුවර මාලිගාවට
Chandana Fernando Wednesday, 11 December 2024 08:21 PM
ගොඩක් ස්තුතියි USA...
ගුණරත්න Wednesday, 11 December 2024 08:47 PM
අපේ අවසාන රජතුමාට නිසි ගෞරව දීම සම්බන්ධයෙන් ඇමරිකන් රජයට ස්තුතියි...!
විදුර Wednesday, 11 December 2024 09:12 PM
විදේශ ආධාර අරන් අතීත ශ්‍රී විභූතිය නැවත ගොඩ නැංවීම අගෙයි.