(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය බව කියමින් එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුවක් ඉටුකිරීමට පිරිසක් සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.
ඔවුන් ඉදිරිපත් කරන තර්ක අනුව එම හඬ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු වන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඔවුන්ගේ සැබෑ පරමාර්ථය එජාපය යටතේ ඇති ආයතනවල සභාපති, උපසභාපති ධූර ලබාගැනීම මිස පක්‍ෂය ආරක්‍ෂා කිරීම නොවන බව කී මහාචාර්යවරයා එම කණ්ඩායම සමඟ සංවිධායකවරු 40ක් සිටින බව කීවත් එවන් සංඛ්‍යාවක් නැතැයි ද පැවසීය.
ඉතිහාසයේ සිට මීට පෙර අවස්ථාවලදී ද පක්‍ෂ කැඞීමේ උත්සාහයන් ක‍්‍රියාත්මක වූයේ පක්‍ෂය රකින බව සඳහන් කරමින් යැයි කී රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා එසේ කළ අය අවසානයේ නතර වුණේ එක්සත් ජාතික පක්‍ෂයේ බව ද කීවේය.
මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී.ල.නි.පය පළාත් පාලන මැතිවරණයේදීද පරාජය වූයේ එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි නිසා යැයි කී මහාචාර්යවරයා රටට ආදරේ නම් එම තත්ත්වය තේරුම් ගෙන වෙනස් විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.
පක්‍ෂයේ යම් යම් ප‍්‍රතිවිරෝධතා ඇති බව කී පියදාස මහතා ආණ්ඩුවට සහය දුන් අය සම්බන්ධයෙන් ගත යුතු විනය ක‍්‍රියාමාර්ගවල ස්වභාවය ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එදා පොදුජන පෙරමුණට සහය දුන් අයට මෙන්ම අද එජාපය හා එක්වූ අය සම්බන්ධව ද විනය පියවර නොගැනීම වරදක් බවත්, වර්තමානයේ පක්‍ෂයේ අර්බුද ඇතිවී තිබෙන්නේ ඒ නිසා බවත්ය.
සමහරුන්ට තිබෙන්නේ රාජපක්‍ෂ වෛරයක් බව කී මන්ත‍්‍රීවරයා දැන් ජනාධිපතිවරයාට දොස් කියමින් මාධ්‍ය හමු පවත්වන අය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි වනු ඇතැයි ද කීවේය.
රාජපක්‍ෂ මහතාගේ වැරදි මෙන්ම වික‍්‍රමසිංහ මහතාගේ වැරදි ගැනත් තමන්ටද විවේචන තිබෙන බව කී ජයසේකර මහතා රාජපක්‍ෂ වෛරය හා රනිල් වික‍්‍රමසිංහ වෛරය අනුව දේශපාලන තීන්දු ගත නොහැකි බව ද සඳහන් කළේය.
පක්‍ෂ දෙකක සහය ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති මණ්ඩලය 35 දක්වා වැඩි කරගැනීමට එජාපය උත්සාහ කරන බව කී මන්ත‍්‍රීවරයා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයක් ඇති කර පක්‍ෂයෙන් කඩාගන්නා පිරිසක් එක්කර ගතහොත් ඒ දේ කළ හැකි බව ද කීවේය.
පක්‍ෂයට නව සංවිධායකවරුන් පත්කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි ද කී ජයසේකර මහතා වෙනත් පක්‍ෂවලට සහය දෙන අය ගැන තීරණයක් ගැනීමට සිදුවන බව ද පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජීව
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය ඉටුකරන්නේ එජාපයේ කොන්ත්රාත්තුවක්