IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ශෂි වීරවංශ වසර දෙකක් හිරේට

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන ( පූර්වගාමී ) මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 27 නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.

විත්තිකාරිය ට එරෙහි නඩු දෙකෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම දඬුවම් නියම කළේය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටින අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (27) අධිකරණ හමුවේ පෙනී සිටියාය.

මෙම නඩුවේ විත්තියේ සහ පැමිණීල්ලේ සාක්ෂි වසර 07ක් පුරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග විණී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.

වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඩී 3642817 දරන අවිධිමත් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.

 



අදහස් (27)

ශෂි වීරවංශ වසර දෙකක් හිරේට

Siri Friday, 27 May 2022 12:22 PM

නියමයි. රැවුල් මෑන් දැන් මොකද කරන්නෙ.

:       48       67

Sirisena Friday, 27 May 2022 12:25 PM

අවුරුදු ගානක් ඇදපු නඩුව, වීරවංශ අනික් පැත්ත ගැහුව ගමන්ම තීන්දුව දුන්න. මිනිහ බය කරන්න. දැන් ආපහු සහයෝගය දුන්නම නිදොස් කොට නිදහස්.

:       35       158

Shan Friday, 27 May 2022 12:27 PM

එහෙනම් රාජපක්ෂලාට.. ජීවිත කාලයටම හිරේට යන්න වෙයි නේද? පුදුම රටක් මේක අප්පා..!

:       23       115

ගමගේ Friday, 27 May 2022 12:35 PM

ගරු විනිසුරුතුමනි, ඔබට රටේ ජනතාවගේ ස්තුතිය...!

:       128       103

ranjith Friday, 27 May 2022 12:39 PM

රටේ උත්තරීතර නීතිය නිසා රටේ විනය රැකෙනවා. නීතිගරුක සමාජයක මූලික හරය නීතිය...!

:       93       85

Lala Friday, 27 May 2022 12:57 PM

නියමයි... විමලේ පව්..!

:       38       36

දාස Friday, 27 May 2022 01:00 PM

මේ සැරේ තමයි දැකගන්න වාසනාව ලැබුණේ නීතිය යම් තරමකට ඉෂ්ඨ වෙනවා කියලා...

:       44       70

Eranga Friday, 27 May 2022 01:11 PM

සාමාන්‍ය පුරවැසියෙක් මේ වැරැද්ද කරල තිබ්බ නම්, ලැබෙන දඬුවත් මේකමද කියල අපි දැනගන්න කැමතියි ?

:       5       50

සුජිත් පල්ලේවත්ත Friday, 27 May 2022 02:47 PM

රටේ සාමාන්‍ය පුරවැසියන්ගෙන් ගුවන්ගමන් බලපත්‍ර තියෙන අයගෙන් බහුතරයකට ගුවන් ගමන් බලපත් එකකට වඩා තිබෙනවා. ඒ ඔවුන් වංචා කිරීමේ චේතනාවෙන් නොව හුදෙක්ම පිටරට රැකියාවක් සොයාගැනීමට දරන උත්සාහයකි. නමුත් එය නීතියට පටහැනියි තමයි.

:       35       26

Bishan Friday, 27 May 2022 01:15 PM

වරදට දඬුවම් ලැබිය යුතුයි. නමුත් රාජපක්ෂලා සරත් ෆොන්සේකාට කරපු දේ, රන්ජන්ට කරපු දේ අද තුන් මුල්ලේ විමලේට කර ඇත...

:       76       72

Jim kuru Friday, 27 May 2022 01:22 PM

මෙයාට කරදරයක් කරන්න එපා... මෙයා අහිංසකයි.

:       33       40

Prabha Friday, 27 May 2022 02:03 PM

දෙන දෙයක් කාලා හිටියා නම් ඔහොම වෙන්නේ නෑ.

:       19       34

Pitigala Milano Friday, 27 May 2022 02:19 PM

හොඳ තීන්දුවක්..!

:       54       28

siri Friday, 27 May 2022 02:37 PM

අද දවල් ප්‍රවෘත්ති අහලා අපේ ආච්චි කිව්වා "මදැයි එක්කෙනෙක් ස්වාධීන වෙන්න ගියා. තව තව සෙල්ලන් ඉදිරියේදී දකින්න බැරිවෙන එකක් නැහැ." කියලා. මේ කතාවේ තේරුම මොකද්ද කියලා මම මේ තවම කල්පනා කරනවා...!

:       47       34

Thushara Friday, 27 May 2022 03:06 PM

උපන්දිනය වෙනස් කරමින් පාස්පෝට් දෙකක් අරගෙන තියෙනවා. එයින් රටේ ජාතික ධනයට හානියක් වෙලා නැහැ. මේ රටේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සු, අනාගත පරපුරේ මුළු ජීවිතයම විනාශ කරපු මිනිස්සු යහතින් වැජඹෙද්දී මේ වගේ අය හිරේට දාලා වැඩක් නෑ.

:       32       75

Gune Friday, 27 May 2022 03:32 PM

ජෙප්පන්ට සතුටු ඇති!. විමල් ආණ්ඩුවට සපෝර්ට් කරා නම් මේ තීන්දුව නොවෙයි ලැබෙන්නේ...

:       14       33

ජගත් ලියනගේ Friday, 27 May 2022 04:08 PM

එතකොට වැරදි විදියට දෙකේ අංක විතරක් යොදා ගෙන හැඳුනුම් පතක් එක්ක ගිණුමක් ආරම්භ කරාට දඬුවමක් දෙයිද?

:       2       34

විපරමා Friday, 27 May 2022 05:14 PM

නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් අද හුඟක් දූෂිත දේශපාලුවන්ට ඉන්න වෙන්නේ හිරේ...!

:       1       27

C.K.Lankaputhra Friday, 27 May 2022 05:37 PM

විමල් අවුරුදු දෙකකට නිදහස්...

:       33       25

Prase Friday, 27 May 2022 06:52 PM

මේ වගේ හොර වැඩ කරන්න පුළුවන් විදිහට ආයතනවල පරිපාලනය කරන අයත් හිරේට යන්න ඕනේ. අනිවාර්යයෙන් ආගමන පාලක තමයි හිරේට යවන්න ඕනෑ. ඒ මොකද වැඩකරන මිනිස්සු මෝඩයි. තමන්ගේ රාජකාරිය හරියට කළානම් මේ පාස්පෝට් එක හදන්න බෑ. එයා වැරැදිකරු නෙවෙයි.

:       0       21

Kumara Friday, 27 May 2022 08:21 PM

විමලුත් අවුරුදු 150 කට දාන්න ඕනේ.. හොර පාස්පෝට් හැදුවට..

:       16       18

ganegoda Friday, 27 May 2022 08:23 PM

එතකොට ඉතාලියට හෙරොයින් ඇදපු කෙනාට දඬුවම් නැද්ද? 

:       0       29

siri Friday, 27 May 2022 08:51 PM

ලොකු කුඩා කාටත් එක නීතියක් තිබුණොත් රට හැදේවි. අනාගත දරුපරපුරට විනයගරුක රටක් දායාද කරන එක වටිනවා.

:       17       14

sam Saturday, 28 May 2022 01:01 AM

විමල් අවුරුදු 2කට නිදහස්...

:       0       1

Siri Saturday, 28 May 2022 04:11 AM

රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයක් මේක...!

:       0       2

ganegoda Saturday, 28 May 2022 12:47 PM

දැන් මේ ඔක්කොම පොහොට්ටුවට පිටුපාපු නිසා නේද?

:       1       22

de silva Saturday, 28 May 2022 01:17 PM

සිරිසේන සහ රනිල් හිටියා නම් වීරවංශට ඩීල් එකට දමලා වැඩේ ගොඩ දාගන්න තිබුණා. රාජපක්ෂලාව ගෙනාවා...20 ට අත් ඉස්සුවා. දැන් මුළු රටම අමාරුවේ වැටිලා. නමුත් ඔබට හොඳ දඬුවම තමයි..

:       7       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 800 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 864 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 509 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 309 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site