(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31) නියෝග කළේය.
චූදිත ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම දෙමසකටම වරක් අපරාධ වශයෙන් දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරනයෙන් ඇප කොන්දේසියක් නියම කළේය.
වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම අද (31 )දා සලකා බැලූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් විණි.
අදාළ නඩු දෙකට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඉකුත් 27 වැනිදා නියම කළේය.
සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශෂි වීරවංශට ඇප
mahinda Tuesday, 31 May 2022 02:08 PM
පෝරකයට යායුතු පට්ටපල් හෙරක් දේශපාලක බිරිදක් නිසාවෙන් සිපිරිගෙයත් මගහැර එලියට එයි. චෞරවංශගේ ඉදිරි මුක්කුව අනුව තාක්ෂණදෝෂද ඇතිවිය හැක.
de silva Tuesday, 31 May 2022 02:18 PM
මොන හොරකම් කළත් මේගොල්ලන් හරේ යන්නෙ නැහැ. සාමාන්‍ය මිනිහට පුළුවන්ද ඇපීල් කරල ගැලවෙන්න.
Rata Perata Tuesday, 31 May 2022 02:18 PM
ඔය තීන්දුව ගැන අපිනම් දැනගෙන හිටිය. මේක මගෙ අදහස, අධිකරණයට අපහාස නෙමෙයි. අනිත් එක පැමිණිළිකරුගෙ ගෙදර ලිපිනයත් දාල තියනව. ඒත් වැරදිකාරියගෙ ලිපිනය නම් නෑ.
Hafeel Tuesday, 31 May 2022 02:22 PM
එදා 2015 දී විමල් ගුවන්තොටුපොලේදී මෙවැනි තත්වයට මුහුණ දෙනකොටත් රනිල් අගමැති. අදත් මේ මොහොතේ අගමැති රනිල්. ඉතින් විමල් වාසනාවන්තයි.
බද්රානි Tuesday, 31 May 2022 02:43 PM
මිලේච්ජ අමන ගෝත්‍රිකයෝ වෙසෙන රටක, සමාජයේ හා නීතියේ මීට වඩා අමුතු දෙයක් සිදුවෙන්න විදිහක් නැහැ. මුදල්, බලය මත නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එහෙම රටකට හෝ ජාතියකට පැවැත්මක් නැත. මේ වැන්නන් ලොවෙන් වඳ විය යුතුම ජාතියක් නැතිනම් ලෝකෙටම පිළලයක් මේ වැන්නන්.
ජගත් ලියනගේ Tuesday, 31 May 2022 02:45 PM
වැරදි කරපු අනිත් අයටත් ඔය වගේම ඇප ලැබෙත්වා !!!
නිහාල් Tuesday, 31 May 2022 03:24 PM
අවුරුදු දෙකක් ගෙවුනු ඉක්මන...
Kanthi Tuesday, 31 May 2022 04:56 PM
කොහොමද...?නාට්‍යය ලස්සනද...?
fairoos Tuesday, 31 May 2022 05:09 PM
අපි ඕක දන්නවා .කඩේ ගියොත් ගොඩ