(නිමන්ති රණසිංහ)
අවිධිමත් විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පවතින නඩුවකට පෙනී නොසිටි ශෂී වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධිට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර ශෂී වීරවංස මහත්මිය අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශෂී වීරවංශට නොතීසි
Rata Perata Tuesday, 21 July 2020 06:22 AM
රටේ නායකයත් අධිකරණයට දන්න ඔක්කොම වෙට්ටු දාලා තමයි ඔතනට ආවේ. ඉතින් කොහොමද රට හදන්නේ..?
nuwan Tuesday, 21 July 2020 06:34 AM
බයියන්ට මැජික් වුනු ඡන්ද ගුණ්ඩු.
fairoos Tuesday, 21 July 2020 07:08 AM
ඡන්දෙන් දින්නට පස්සේ ඒක විසිවෙයි.
Kooralage Tuesday, 21 July 2020 07:17 AM
මේ යන විදියට ඊළඟපාර කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර යයි.
kamal Tuesday, 21 July 2020 07:27 AM
අපි රන්ජන්ගේ හඬපටි ඇහුවා.
වීදියගොඩ කපිල Tuesday, 21 July 2020 07:29 AM
යුද්ධ කරන්න යෝධ බල වීර්ය දුන් නූතන විහාර මහා දේවි පරපුරට වෙන කෙණෙහිලිකම් තාම ඉවර නෑ. අහෝ ඛේදයකි. නොසැලෙන් විමල්. සත්‍ය කෙදිනක හෝ ජයගනු ඇත.
Buddika Tuesday, 21 July 2020 09:43 AM
ආ... මේක අලි ඡන්දෙන් පස්සේ වීසිකරලා නිදොස්කොට නිදහස් කරන්නම්... ඊට කළින් උසාවියෙන් එන්නම් කිව්වොත් හොස්පිටල් එකක නතරවෙලා ඇවිත් අන්දන පින්තූර දාලා ශේප් කරගනිමු.
විපරමා Tuesday, 21 July 2020 09:45 AM
මෙවා ඡන්දෙ කාලෙට ජනතාව මෝඩයින්ට අන්දවන්ට කරන බොරු රඟපෑම්...
Kamal Tuesday, 21 July 2020 09:51 AM
අනේ විහිළු සපයන්න එපා... මේවාට තමයි කියන්නේ පාර්ලිමේන්තු ජෝක් කියලා.. නඩුත් අපේ බඩුත් අපේ... කවුරු ආවත් මේගොල්ලෝ දිනුම්...
sharm warn Tuesday, 21 July 2020 09:58 AM
ඇයි මෙයා විතරද? මෙයාගේ මහත්තයාත් මේ වැඩේම කරලා නේද ඉන්නේ? අර සිරිලිය ගිණුමෙත් තියෙන්නේ මේ ආත්මෙට ගහන්න පුළුවන් හැඳුනුම්පත් අංකයක් නෙවෙයිනේ. ඒකෙ හැටියට අයිතිකරු පිරිමියෙක්.. ඒවට නීතියෙන් අවසර තියෙනවාද එතකොට?
Rohitha Tuesday, 21 July 2020 09:58 AM
මේ වීදියගොඩ කපිලට අමුකැවිලා. නිකන් මේ විහාරමහා දේවියට අපහාස කරන්න එපා. ඔයා 80 දශකයේ කොහොද උන්නේ? ඒ කාලේ ගල්කටස් ඉණේ ගහගෙන අපේ හමුදාව කට්ටියව මරපු අය කොහොමද දැන් යුද වීරයන් වෙන්නේ. කරුණාකරලා විහාරමහා දේවි ගැන කියවලා එන්න ඉස්සෙල්ලාම...
දිලාන් Tuesday, 21 July 2020 10:08 AM
අලින්ට සහ ටැලිපෝන් වලට විමල්ගේ නම ඇහුණත් ඇති රෙද්ද පල්ලේ මුත්‍රා පහවෙන්න. අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි, අර බෝම්බ ගහලා රටම අමුසොහොනක් කරපු බදුර්දීන්ටයි, රටම හිඟමනට අැදලා දාපු රවීටයි මේ දවස්වල නීතියෙන් ලැබෙන "මැකෝගේ" වරදාන මේ වගේ ඉතාම සුළු අත් වැරැද්දක් කරපු විමල්ගේ බිරිදට නැද්ද? යහපාලන ගොයියන් බලයත් නැතුව මෙහෙම නම් නීතිය නමන්නේ තව බලය ආවොත් කොහොමට හිටීවිද?
de silva Tuesday, 21 July 2020 10:40 AM
යහපාලනය කාලේ රනිල් ඔය ගොල්ලව බේරාගත්තා. ඉදිරියට රනිල්ව බේරාගන්න එක ඔබට බාරයි ..
Pradeep Tuesday, 21 July 2020 12:04 PM
වීදියගොඩ කපිල, ශෂී වීරවංශත් නූතන විහාර මහා දේවි පරපුරේ කෙනෙක්ද එතකොට..? ඒ වගේ හිතන ජනතාවකුත් ඉන්න එක.. අපොයි රටකට ගිය කලක්..
අතුල Tuesday, 21 July 2020 12:28 PM
බලාපොරොත්තුවන්න. පරිගණක තොරතුරු සොයාගත නොහැක. නිදොස් කොට නිදහස්. ජය වේවා!
විජිත් Tuesday, 21 July 2020 12:34 PM
ඔන්න බලන්න. අද ඉඳලා වීරවංශ, ජාතිවාදය ඇදගෙන පොහොට්ටුවට සහායට කෑගහන්න ගන්නවා. පසුගිය මාසයේ මිනිහගේ හඬ ටිකක් වහලා තිබුණා. ඒ නිසා තමයි පාලකයින් මේ පරණ කේස් එක ඇදලා පෙන්නුවේ. මැයත් අසාමාන්‍යතාවයකින් පෙළෙනවා කියලා වරක් උසාවියේදී කියලා තිබුණා. පාස් පෝට්දෙකක් තුනක් තියෙද්දී ඔය හොර ලෙඩ හැදෙන්නේ නැතිඑකයි අරුමය. ප්‍රවේශමෙන් දවසක එවැනි ලෙඩක් ඇත්තටම එයාට හැදුණත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ. කූඩුවේ ඉඳන් කුරු ගනින්න ඉරණම විසින් තීන්දු කළා. කාලයා ඒ දවස තීරණය කරාවි.
අතුල Tuesday, 21 July 2020 12:41 PM
වීදියගොඩ කපිල මහතාට. "නූතන විහාරමහා දේවිය" ඒ කවුද? ලංකා ඉතිහාසයේ ඉන්නේ එකම එක විහාරමහා දේවියයි. ඒ උත්තමාවිය, කාවන්තිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමාට උපන්දින දෙකක් තිබුනේ නැත. හොරකම් කලේ නැත. උසාවියකින් චෝදනා ලබා හෝ ඇප පිට සිට නැත. කරුණාකර දේශපාලනය කරන්න. ඒත් ඉතිහාසය විකෘති නොකරන්න...