IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ශිෂ්‍ය නායක හබය වස දීමෙන් නවති

(පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හය දෙනකු විෂවර්ගයක් ශරීර ගත වීමෙන්  නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි  නාරම්මල පොලීසිය පවසයි.

පානීය ජල බෝතල්වලට කිසියම් විෂ ද්‍රව්‍යක් කලවම් කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.

පාසලේ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලිකර ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද රෝගී වී රෝහල් ගත කර ඇත.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වූයේ දැයි පොලිසිය සැකකරයි

ජලයට මිශ්‍රවී ඇති වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.

-----------------------------------------------------------------------

( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක සිසු දරුවන් හය දෙනෙකුගේ ජල බෝතල් වලට කිසියම්  වස වර්ගයක් මුසුවීම නිසාඑම ජලය පාලනය කළ එම සිසුන් හය දෙනා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.

ඔවුන්ගේ ජල බෝතල් වලට කිසියම් වස  වර්ගයක් කවුරුන් හෝ මුහු  කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි නාරම්මල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (18)

ශිෂ්‍ය නායක හබය වස දීමෙන් නවති

දිමුත් Tuesday, 15 August 2023 11:14 AM

මොන අපරාධයක්ද මේ?

:       2       51

පැරකුම්Tuesday, 15 August 2023 01:37 PM

අපරාධයක් නොව ළමා පරපුර සමාජ ක්‍රියාකාරකම්වලට අනුගතවීමකි. දෙමාපිය, වැඩිහිටි සියල්ලන්ගෙන් ලැබෙන වැරැදි ආදර්ශ මීට හේතුවයි...

:       0       3

saman Tuesday, 15 August 2023 12:57 PM

ඇයි තරගය... ඔය තනතුරු මාස 3ක් නැහැනේ... 3ට වෙනස් කරන හැමෝටම චාන්ස් එකක් දෙන්න ඕනේ...

:       0       3

ගජමිතුරෝ Tuesday, 15 August 2023 01:14 PM

රටේ නීතියක් හරියට ක්‍රියාත්මක නොවන නිසා මෙහෙම වෙනවා වෙන්න පුළුවන්... ජනාධිපති මුලින්ම කිව්වා මරණ දඩුවම් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා... එදා සිටම මිනිස්සු පිස්සන් වගේ හැසිරෙන බවක් පේනවා... ඇත්තටම වස මිශ්‍ර කළ දැරියගේ අම්මා, අප්පා ගැන සොයා බලන්න ඔවුන් තමන්ගේ දරුවා රජෙක් කරන්න අනෙක් දරුවන් මරණයට පත්කිරීම කරනවාද සැකයි. කොහොම හරි රටේ සාරධර්ම පිරිහීම සමානුපාතික ඡන්ද ක්‍රමයත් හේතුවක් වුණා... ඒත් රට වඩාත්ම පිරිහීමට ලක්වීම ආරම්භය 2005න් පස්සේ ඇතිවුණා කියලා කියන්න පුළුවන්..

:       0       4

Perera Tuesday, 15 August 2023 01:24 PM

රාජපක්ෂ ක්‍රමවේදය... මිනීමරලා හරි බලය, තනතුරු, තානාන්තර ලබාගැනීම...

:       2       3

jaya Tuesday, 15 August 2023 02:00 PM

වල නාශක නම් එතරම් ප්‍රබල නෑ කියල කතාවක් නෑ. ඉතා සුළු ප්‍රමාණ වලින් උනත් දරුණු, ජීවිත කාලයටම බලපාන අතුරු ආබාධ ඇති වෙනවා.

:       2       20

කිරිපුතා Tuesday, 15 August 2023 02:41 PM

හැම තැනම හැම එකකටම තරඟය. ගුරුවරුන් ළමයින්ව පෞද්කලිකව බෙදාගෙන. අහින්සක හිත් නරක් කරලා. ⁣ළමයින්ගේ හිත් හදන එක ගුරුවරුන් ගේ ප්‍රධාන කාර්යයක්. නමුත් බොහෝ ගුරුවරුන් එහෙම එකක් දන්නෙත් නෑ...

:       0       4

කමනි Tuesday, 15 August 2023 02:42 PM

මේ රටේ තියන කාලකන්නි තරඟකාරීත්වය වෛරය වපුරවන පසුබිමක් වෙලා. දැන් ළමයි බලන්නේ තව කෙනෙක් මරාගෙන හරි උඩ යන්න. කවදා සිදුවුණු දේවල්ද මේ? මේක සෙල්ලමට කරපු දෙයක් නෙවෙයිනේ. වල් නාශක කියන්නේ අන්තිම විස. සිසුවියට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙහෙම අනගාත අපරාධකාරයෝ රටට සම්පතක් නෙවෙයිනේ...

:       1       4

අභය Tuesday, 15 August 2023 02:54 PM

මේක ඉතාම ශෝචනීය මෙන්ම බරපතළ තත්වයක්. මේ තමයි රටේ අනාගතය. පාසලක තනතුරක් වෙනුවෙන් මෙවන් තීරණයකට එළඹෙන මානසිකත්වයකට පත්වීම ගැන සොයා බලා නිසි පියවර ගතයුතුයි. අදාල ළමයා හිරේ දාන, දඬුවම් දෙන එක නෙවෙයි මම කියන්නෙ. සෑම දෙයකටම හේතුවක් තිබිය යුතු අතර, එය සොයාබලා ඊට විසඳුමක් දියයුතුයි.

:       0       16

ajith Tuesday, 15 August 2023 02:55 PM

මේ තමා අද බිහි වෙලා තියෙන අනෙකා මරාගෙන හෝ ඉදිරියට යාමේ සංස්කෘතිය.

:       0       20

TGL Tuesday, 15 August 2023 03:15 PM

කාලකන්නි දරුවෙක්

:       0       16

congrTuesday, 15 August 2023 05:55 PM

කාලකන්නි දේශපාලුවන්ට රට බාර දීමේ ප්‍රතිඵල...

:       2       3

Bunny Preena Tuesday, 15 August 2023 04:38 PM

මගෙ දරුව හැම දෙයකින්ම පලවෙනි ස්තානය ගන්ට ඔනයි සිතන මොඩ දෙමවුපියන් අතර තියෙන තරගයෙ අනිසි බලබෑම් මෙවැනි ක්‍රියාවන්වලට හෙතුවක් වෙන්ටත් පුලුවන්.

:       0       4

Snap Tuesday, 15 August 2023 05:02 PM

යකෝ දැන් ඉන්නේ ළමයි නෙමේ, මදවියෝ, මුන්ට දැන් ඉඳලම බලතන්හාව, එකෙක් මරලා උන්ගේ වැඩේ කෙරෙනවනන් එච්චරයි අනිවාර්යෙන් ජිවිත කාලයටම මතක හිතෙන දඩුවමක් දෙන්න ඕන

:       0       4

AW Tuesday, 15 August 2023 08:33 PM

දෙමාපියන් දරුවන්ට එල්ල කරන පීඩනය, තරගයට පෙලඹවීම, ටියුෂන් වල අවසාන ප්‍රතිපලය මරාගෙන මැරෙන දරුවන්.

:       0       2

Sharm Wednesday, 16 August 2023 11:05 PM

පාසල් යන වයසේ දරුවන් මේ තරම් දරුණු හැසිරීම් වලට යොමු වෙන්න මව්පියන්ගෙ පීඩනයත් බලපානවා.. මනුස්සකම් වෙනුවට බල තන්හාව ලමා මනසට කිව්වම මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නම වෙනවා.. parenting හෙවත් දෙමව්පිය භාවය ගැන විවාහක යුවල් වලට අලුතෙන් උගන්වන්න ඕන..

:       0       1

Anonymous Thursday, 17 August 2023 09:23 AM

2000 පස්සෙ ඉපදුන අයගෙ මානසිකත්වය ටිකක් අවුල් කියල මම අහල තියෙනවා

:       0       2

Anuradha Madhura Friday, 18 August 2023 09:54 AM

මේ වෙන දේවල් වලට මාධ්‍ය ඔස්සේ විකාශය වන වැඩසටහන් වගකිව යුතු නැද්ද?ප්‍රවෘත්ති, චිත්‍රපට වල දකින දේවල් ළමයින්ගේ ඔළුවට යන්නෙ වැරදි ආකාරයට ඒදේවල් ළමයි ප්‍රායෝගිකව කරනවා.අද ප්‍රවෘත්ති බලද්දි අපිට පේන්නෙ ඍණ අදහස්ම විතරයි ඒ දේවල් බලන ළමයින්ට අපි කියන්නෙ ධනාත්මකව හිතන්න කියල. කකුළුවන්ට කෙලින් යන්න උගන්නනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 497 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 553 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1158 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2377 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1855 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 276 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site