(මනෝප්‍රිය ගුනසේකර සහ රංජන් කටුගම්පොළ)
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකියාව ඇති බැවින් විභාගය යළි පැවැත්වීම නුසුදුසු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට යෑමෙන් සෙසු විභාග පැවැත්වීමේ කටයුතු අවුල් වීමට මෙන්ම 06 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලියද ප්‍රමාද වීමට හැකියාව ඇති බවට පසුගිය 25 වැනිදා රැස්වු තැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව නිදහස් ලකුණු ලබාදීමට නිර්දේශ කර ඇතැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් වූ බව සඳහන් කරමින් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීණි.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි
praneeth Monday, 02 December 2024 02:34 PM
ආණ්ඩුව මෙම ප්‍රශ්නය විසඳුමට කල් මරන බවක් පේනවා. දරුවන් ගැන සිතනවානම් මෙම ප්‍රශ්නය කඩිනමින් විසදිය යුතු නමුත්, අධිකරණ තීන්දුව ප්‍රමාද කිරීමට උත්සහ කර ප්‍රශ්නයට මුහුණ දුන් පාර්ශවය දුර්වල කිරීමට උත්සහා කරන බවක් පෙනෙ. මෙය ඉතා ශෝචනීයයි.
Madumali Monday, 02 December 2024 03:21 PM
මේ විභාගය මෙතැනින්ම නතර කරලා දාන්න. පාසල් වලට යන්න වෙන ක්‍රමයක් සාදන්න.
විපරමා Monday, 02 December 2024 04:04 PM
දරුවන් පීඩාවට පත් කරන පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි.
රුවන් Tuesday, 03 December 2024 04:30 PM
ශිෂ්‍යත්වය කියන්නේ තනිකරම ශාපයක්, මමත් දුක් වින්දා උදේ 5ට කොච්චියේ එනවා මරදානෙට, ඊට පස්සෙ ආන්නදෙට යන්නවා, ගෙදර යද්දී හවස් වෙලා සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. තනිකරම ළමා කාලය සුන්දර නෑ අපිට.