IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශිෂ්‍යත්වය ලේසි කරන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛත්වය දෙන බවද අමාත්‍යවරයා කීවේය.

ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත් ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය  සම්බන්ධයෙන් යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට  විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දෙති.

මේ අතර අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී  ඇති කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



අදහස් (7)

ශිෂ්‍යත්වය ලේසි කරන්න යයි

ජේ ආර් නානා Saturday, 16 December 2023 12:02 PM

විභාගය ලේසි කිරීමෙන් කිසිම පලක් නැහැ සිදු කල යුත්තේ ජනප්‍රිය පාසල් වලට හොරෙන් රිංගවන්නේ නැතිව විභාගයෙන්ම දරුවන් තෝරා ගන්න එක එතකොට ලකුණු ගණන අඩු කරලා ලමයින්ට හා දෙමාපියන් ට සහනයක් දෙන්න නැත්නම් සෑම පාසලකටම සමාන පහසුකම් දෙන්න ඕන මුං හදන්නේම උංගේ එවුන් විතරක් ජනප්‍රිය පාසල් වලට දාගන්න

:       0       0

මුවන්පැලැස්සේ පිනා Saturday, 16 December 2023 12:50 PM

ඇමැතිතුමා 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා අක්ෂර හැකියාව හා සංඛ්‍යා (අංකන) හැකියාව බලනවා වගේම ඉන් පස්සේ තර්කන හැකියාව ඇති වෙනසේ අධ්‍යාපනය සැකසීම අවශ්‍ය වෙනවා... එහෙම කියන්නේ දැන් කාලයේ ටියුෂන් පංතියේ පැරැණි ප්‍රශ්නෝත්තර කටපාඩම් කරලා විභාග සමත්වෙලා ආවත් ප්‍රායෝගික අත්දැකීම් නැහැ. මම උදාහරණයක් කියන්නේ රජයේ සේවයේ බඳවා ගැනීම සීමිත හා විවෘත කියලා ක්‍රම දෙකකට කරනවා. එහෙම වුණාට මෑතකදී එක් ආයතනයක් සීමිත විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේදී මෙම පුරප්පාඩු වලින් 70% අභ්‍යන්තර ලෙසට ගන්නවා 30% බාහිරව ගන්නවා කියලා විවෘත විභාගය සඳහා පුරප්පාඩු වලින් 70% විවෘත හා 30% අභ්‍යන්තර ගන්නවා... කියලා දැන්වීමක් දානවා. එහෙම නම් විභාග දෙකක් අවශ්‍ය නැහැ. මේක කල්පනා ශක්තියක් නොමැතිව කළ දෙයක් එහෙම වුනේ අධ්‍යාපනයේ පවතින දුර්වලතා නිසා තමයි ඔබතුමාට පුළුවන් නම් ඇතුළත් කළ දත්ත අනුව කටයුතු කරන රොබෝවරු වගේ අය නැතුව හොඳ කල්පනා ශක්තියක් තියෙන බුද්ධිමත් පිරිසක් රටට ඇති කරන්න..

:       0       0

අජිත් සෙනරත් Saturday, 16 December 2023 01:03 PM

Private tuition යන්නේ නැති ළමයින් සොයා පරික්ෂණයක් කොට යම් ලකුණු ප්‍රමාණයක් දිය හැකිනම් ළමයින්ගේ පීඩනය අඩු කරන්න පුළුවන්...!

:       0       0

ප්‍රියන්ති ගමගේ Saturday, 16 December 2023 02:54 PM

ඔව් එය එසේ වියයුතුයි. දරුවන්ට සාධාරණයක් විය යුතුයි. ශිෂ්‍යත්ව භීතිය දරුවන්ට නොදිය යුතුයි...!

:       0       2

sunimal Saturday, 16 December 2023 03:20 PM

ලබන අවුරුද්දේ ඡන්දෙත් එක්ක ඕවා සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඔබට කාලය තිබෙනවාද ඇමැති තුමෝ?

:       1       0

chandana Saturday, 16 December 2023 05:31 PM

දරුවන්ගේ දක්ෂතාවය පැමිණීමෙන් මනින්න බැහැ. ඔය ආයිත් දක්ෂ දරුවන්ට තියෙන තැන නැති කරන්න යන්නේ... බටහිර අධ්‍යාපන ක්‍රමයට ඇබ්බැහි වුණු මනෝ විද්‍යාඥයෝ දන්නේ නැතුව ඇති සමහර විට ඔය ගොඩක් දරුවන්ට තියෙන උහුල ගන්නම බැරි දුක තමයි තමන්ගේ මව හෝ පියා නැතිවීම. ඒත් එහෙම වෙන්න ළමයි පවා ටික කාලයකින් තමන්ට ඒ දුක අමතක වෙලා ප්‍රකෘති තත්වයට පත්වෙනවා. අයියෝ දක්ෂ දරුවන්ගේ තැන නැතිකරලා දාන්න එපා. දැන් තියෙන ශිෂ්‍යත්ව විභාගය තමයි නියම මිම්ම... දැක්කාද විගණනයකින් ප්‍රසිද්ධ පාසල්වලට ළමයි දාපු හැටි අහුවෙලා. ඒ ප්‍රමාණය මදිවෙලාද ශිෂ්‍යත්ව කෝටා එකටත් කෙළ හලන්නේ...!

:       1       0

Perera Saturday, 16 December 2023 11:08 PM

ඒක හොඳයි... O/L, A/L ලුත් ලේසිකරන්න හැමෝටම පාස්වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 49 0

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 820 1

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 295 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 1189 2

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 762 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 2716 5

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39280 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25626 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site